නිලැසි

Nilasi novel by Nibandhika Wanninayake
"නිලැසිට පුලුවන් වෙන්න ඕන ආදරෙයි කසාදෙයි කියන්නේ දෙකක් කියලා තේරුම් ගන්න.එයා ඒක තේරුම් නොගෙන ඔහොම හැසිරෙන එක ඇත්තටම මට මානසික වදයක්." මානවී සමඟ නව ගීතයේ පුහුණුවීම් අරඹා ලැබුණු විවේකයේදී එරන්ද පැවසුවේ කලකිරීම මුසු හඬකිනි.මානවී නිහඬ සිනාවක් නැගුවා ය. "නිකං සිරිතට බැලුවම ඔයා නිලැසිගෙ පුංචි අම්මනෙ.හස්බන්ඩ් පැත්තක ඉද්දි මෙහෙම ප්‍රේමවන්තයට සපෝට් කරන...
Nilasi novel by Nibandhika Wanninayake
"ආදරේට සීමා අඳින්නත් අපිට බෑනෙ දිගැසි.නිලැසි අක්කගෙ පැත්තෙනුත් මොකක්ම හරි කතාවක් ඇති.." නිලැසි හන්දා හිත රිද්දාගෙන පාරාගෙන හුන් දිගැසිට එසේ කී දුලාජ් ඇගේ නෙත් අගිස්සෙන් රූරා ආ කඳුලක් ප්‍රවේසමෙන් පිස දැම්මේ ය.දවස් කිහිපයකට වතාවක් මුණ ගැසෙන පෙම්වතාගේ උරහිසේ හිස ගසා ගත් දිගැසි නිසොල්මන් තත්පර කිහිපයක් ගෙවා දැම්මා ය. "එයාගේ පැත්තෙන් කතා...
Nilasi novel by Nibandhika Wanninayake
"සින්දුවක් කරන්න කලින් කන බොන ක්‍රමයක් හොයා ගන්න වෙනව.." ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් සකසමින් මාධව එසේ කියද්දී එරන්ද සිගරට්ටුවක් අලු කරමින් අසා හුන්නේ ය.මාධව කියන්නේ කුමක්දැයි එරන්දට වැටහේ.ඔහු සිටියේ එය නෑසුණු ලීලාවකිනි. "මේ ගෙදර රෙන්ට් එක එක මාසයක් ගෙවන්න උඹට බෑ නිලැසි නාවොත්.." මාධවගේ හඬ අභියෝගාත්මක ය.එරන්ද එය නෑසූ කන්ව මොහොතක් සිටියේ ය.සැබෑවටම...
Nilasi novel by Nibandhika Wanninayake
"මං කෙනෙක්ට ආදරේ කරනව මනූ.." නිලැසි හැඬුම්බර ස්වරයකින් පැවසුවාය අනෙක්පස හුන් මානවි දිගු සුසුමක් හෙලන හඬ ඇසිණි.ඒ සුසුම නිලැසිගේ කතා කිරීමේ ශක්තිය අවදි කළේ ය. "අපි ආදරේ කරන්න ඕන කසාද බැඳලා ළං කර ගන්න නෙවෙයිනෙ මනූ.ඔයා ඒක දන්නවනෙ." තමන්ට වඩා වසර පහළොවක් පමණ වයසින් වැඩි මානවීට අක්කා කියන්නට හුරු නොවුණේ ඇයිදැයි නිලැසිට...
Nilasi novel by Nibandhika Wanninayake
" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.." තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ සටහන් වන්නට ඇතැයි සිතූ රසාදරී සැනසුම් සුසුමක් හෙළුවා ය.නමුත් නිලැසි තිගැස්සුණා ය. "ඕනෑම මනුස්සයෙක්ට අතීතයක් තියනව නිලැසි.අතීතයක් ඇති ගැහැනියට වර්තමානයක් නැත කියලා ප්‍රසිද්ධ කතාවක් තිබ්බට මම ඒකට එච්චර එකඟ වෙන්නේ නෑ.ඇත්තටම වැදගත්...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි තරුණයෙකු හා වෙරළේ ඇවිදින අන්දම තිසරු දුටුවේ අහම්බයකින් නොවේ.ඔහුට ඇමතුමක් පැමිණියේ එවග කියා ය.නිලැසි ගැන කිසිදු අවිශ්වාසයක් නැති දවස් අතීතයට එක් කළ තිසරු වහා මුහුදු තීරය වෙත ගියේ නිලැසිගේ පසුගිය දවස්වල හැසිරීම සිහි කරමිනි.ඔහු ගල් ගැසුණේ එය ගෙතූ කතාවක් නොවන තැන ය.හඬමින් පිටව යන නිලැසි වෙත ගොස් තද...
Nilasi novel by Nibandhika Wanninayake
"තාත්තා ඔයාට හරිම කැමතියි.." නිලැසි එසේ පැවසුවේ එරන්දගේ අතක වෙලී මුහුදු රළ පාගමිනි.ඔහු කිසිත් නොකියා බැස යන හිරු දෙස බලමින් හුන්නේ ය.රත්පැහැ ආකාසය තරමට රත් පැහැ ගැන්වුණු කම්මුල් ඇති නිලැසි මොනතරම් රූමත් දැයි ඔහුට සිතේ.එහෙත් ඒ ලස්සන සදාකල් ළඟ තබා ගන්නට තරම් දොළක් ඔහුට නොවේ. "සර්ට මං වගේ වොයිස් එකක් මුණ...
Nilasi novel by Nibandhika Wanninayake
නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා පිළිවෙළකට හඳිමින් බොහෝ පරිස්සම් විලාසිතා කරන තිසරු ද සිරුරට නොගැළපෙන තරමේ විශාල කමිසයක් හැඳ රැළි කොණ්ඩය ගෙල මුල දක්වා විසිරෙන්නට ඉඩ හළ එරන්ද ද ඔහු සිතෙන් මනින්නට...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයා මේ දැන් ගෙදර යන්න ඕන අක්කා මේ දැන්.." නිම්නගේ කෝපාවිෂ්ඨ ස්වරය නිලැසිගේ කාමරය පුරා පැතිරී ගියේ ය.ඒ හඬට තිගැස්සුණු දිගැසි සේම රසාදරී මහත්මිය ද නිලැසිගේ කාමරයට දිව ආහ.රශ්ම් හුන්නේ නිම්නව සන්සුන් කරන්නට තැත් දරමිනි.නිලැසි යහන මත හිඳ ගෙන මල්ලී දෙස බලා සිටියේ ගිනි පුලිඟු විසි වන දෑසකිනි. "මං අක්කා..මමයි මේ...
Nilasi novel by Nibandhika Wanninayake
"නිලැසි කියන්නේ දැන් උඹට ගැළවෙන්න අමාරු උගුලක් පුතේ.." මත් බඳුන් එකිනෙක අහවර වෙද්දී මාධව එසේ කීවේ ගිටාරය අපිළිවෙල හඬකින් වයමින් හුන් එරන්දට ය.ඔහුගේ වේගවත් එහෙත් ක්‍රමානුකූල නාද රටාවකට ගමන් නොකළ සංගීත නාදය එරන්ද මොනතරම් කලබලයට පත්ව සිටීදැයි අනාවරණය කළේ ය. "මං කියන්නේ උඹ ඒකිව බැන්දොත් මොකෝ.." මාධව ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළේ ය.එරන්ද...