සීත මාරුතේ

සීත මාරුතේ
ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ. මුණිවර තනිව ම රෑ වී යන එක ගැන මගේ යටි හිතේ බියක් වූයේ ඔහු ට සිටිනා සතුරන් ගැන දැන සිටි නිසා ය. 
සීත මාරුතේ
ලොකු තාත්තා කියන්නේ ලොකු පවුරක් වාගේ රැකවරණයකට බව එදා මට තේරුණේ ය. අප වැඩ වලට එහෙ මෙහෙ යන ගමන් ඔහු මුණිවර ගේ කුඩා කල මතකයන් සිහිපත් කරමින් සිනහ වූයේ අලුතෙන් ම ජීවිතයක් ලැබුණා මෙනි. මුණිවර ව වඩා ගෙන ද කර මත තබා ගෙන ද පිට මත තබා...
සීත මාරුතේ
"මේ මන්දාකිණී ලොකු තාත්තෙ. ෆාම් එකේ වැඩ ටික ඔක්කොම බලා ගන්නෙ දැන් මෙයා. මං අපේ ඉස්සර කාලෙ ගැන කිව්වහම ලොකු තාත්තව බලන්න ආසයි කිව්ව. අම්..ඉතිං මං එක්කං ආව" මුණිවර මා ව සිය ලොකු තාත්තා ට හඳුන්වා දුන්නේ එසේ ය. ජීවිතය ගැන බලාපොරොත්තු අත් හැර...
සීත මාරුතේ
මට දැනුණේ මගේ ආත්මය මාරක ළිඳක් වී ඇතිවා මෙනි. මට මා තුළ ට එබී බැලීමේ බියක් විය! මාරක ළිඳ කියනා දේ මුලින් ම මට අසන්නට ලැබුණේ කවදා දැයි නිනව් නැත. ඒ මගේ බාල වියේදී බව නම් කිව හැක. මට ඒ ගැන දැන ගන්නට ලැබෙන්නේ...
සීත මාරුතේ
ඉරණම සමහර වෙලාවට සමහර දේවල් අපේ ජීවිත මත සිදු කරන්නේ අප නිරුත්තර කරමිනි. අසුබ දින වල සුබ පැතුම් ද සුබ දින වල අසුබ ආරංචි ද පැමිණෙන්නට පුළුවන. කෙසේ වෙතත් ඇය ආවේ මාව ද එසේ නිරුත්තර කරමිනි. අකල් වැහි කෝඩයක් අහඹු නිමේෂයක කඩා ගෙන වැටුණා...
සීත මාරුතේ
බෝඹුරු ඇල්ලට මත්තෙන් මිහිදුම ගලනවා වන් චමත්කාරයක්, ගෙදර ආ පසුත් මා තුළ ශේෂ ව පැවතිණ. ඒ දැනුණා වූ නවසීතන්ත හැඟීමත් එක්ක ම දිය නා ගෙන කුස්සියට යත්දී අම්මා සුවඳ ඉහිරමින් කෝපි වත් කරමින් සිටියා ය. අත් දෙකෙන් ම කෝපි කෝප්පයේ බඳ අල්ලා ගෙන මම අත්ල උණුහුම් කළෙමි.
සීත මාරුතේ
පාසල් සමයේ දී මා දඩබ්බර කෙල්ලකි. කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක දඩබ්බරකම් කරන්නේ කෙසේ දැයි දැන් කෙනෙකු තුළ ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන. ඉතා ඉහළින් විනය ගැන සැලකිලිමත් වෙන, යාන්තමින් නියපොතු වැවී දැයි බලන්නට ශිෂ්‍ය නායිකාවන් පන්ති වලට කඩා පනින, කොණ්ඩ කෑලි මූණට වැටීම ආනන්තරීය පාප කර්මයක් සේ සලකන, නිල...
සීත මාරුතේ
අර ඈතින් පෙනෙනා මහ කන්දක් තරම් බරක් මගේ පපුව මත පැටවී තිබුණේ ය. එය හුස්ම හිර කරනා විදිහේ හැඟීමකි. මම අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියෙමි. ඒ රිදුම ගැන අර්ථ කතන දෙන්නට තරම් අවබෝධයක් මට නැත. සමහර රිදුම් වල දිග පළල ගැන කියන්නට සැබවින් ම අපි...
සීත මාරුතේ
මා හිටියේ බෙංගාල බොක්ක තුළ පවතිනවා යි සිතිය හැකි විදිහේ කැළඹීමක ය. නේකාකාර කුණාටු සිතිවිලි විත් මගේ මනසේ ඒකාග්‍රතාව බිඳ දමන්නට ක්‍රියා කරමින් තිබිණ. මුණිවර රිය පැදවූයේ ඉතා හෙමිහිට කියා සිතමි. මගේ හිත ඊට වඩා වැඩි වේගයකින් දිව්වේ ය.  "මන්දාකිණී..." මම...
සීත මාරුතේ
වැළඳ ගැනීමක් යනු ඇවිලෙනා මිනිස් සන්තානයක් නිවා ලිය හැකි පිරිත් පැන් දෝතකි. නමුත් අපේ රට තුළ වෙසෙනා දූපත් සංස්කෘතික මිනිසුන් ඒ දෙස බලන්නේ විකෘති ලිංගික චර්යාවක් දෙස බලනා තරම් ජුගුබ්සාජනක දෑසකිනි.  මුණිවර ගේ වැළඳ ගැනීම තුළ මම නම් තව තවත් සුවපත් වෙමින් සිටියෙමි. ඒ...


Click to Hide Advanced Floating Content
logo
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content