Tag: අකල් වැහි
"නිසල්ගෙන් පස්සේ මං කාටහරි ආදරේ කරානම් ඒ ඔයාට සිතිජ.ඔයා මට ආදරේ කරාද නැද්ද කියලා මං කවදාවත්ම ඔයාගෙන් අහන්නේ නෑ.ඒත් මං ඔයාට ආදරේ කළා.මං ඒක අතීත කාලයෙන් කියන්න කැමති නෑ.මං මේ මොහොතේ වුණත් ඔයාට ආදරේ කරනවා."
සිතිජ ඒ වචන අසා සසැලිණ.යුවතියක ප්‍රේමය ප්‍රකාශ කරද්දී එය...
"රට හදන එකත් ඔයාලම බාර ගන්න සිතිජ.ඔයාලා ලංකාවේ ඉන්න අමන පාලකයන්ට රට හදන්න බැහැ එයාලා රට විනාශ කරනවා කියලා ඔයාලා රටේ මිනිස්සුන්ට කියලා දුන්නා.ඒ විතරක් මදි.ඔයාලාට පුලුවන් ආපහු රට හදන්න.අමාරු කාලයක් පහු කරලා හරි ආයෙම හිනා වෙන්න මිනිස්සු කැමතියි සිතිජ.ඒකට එයාලට උදව් කරන්න."
රට...
දුරකථනය නාද වූයේ හිරුදි කුඩා පුතු නළවා අහවර වෙද්දීම ය.ඇය හඬ නොනැඟෙන්නට සයනයෙන් නැගිට්ටා ය.පුතු තද නින්දක ය.හිරුදි ජංගම දුරකථනය අතට ගෙන එළිමහනට ආවේ එහා ඉම හිඳින්නේ සිතිජ හන්දා ය.ඔහු සමඟ නිදහසේ කතා කරන්නට දේ තිබේ.රහසක් සුරැකීම ඔහුගේ මිතුදම සදහටම අහිමි කර දැමුවාදැයි සිතමින් හිරුදි ඇමතුම හා...
සමහර මුණ ගැසීම් අහම්බයන් ය.නමුත් ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇති බව සිතිජ තරයේ ම විශ්වාස කළේ ය.ඔහුගේ ජීවිතය තුළ හමු වූ සියල්ලන්ට ම එසේ ඔහු හමු වන්නට හේතුවක් තිබිණ.ගාලු මුවදොර පිටිය ජන සන්නිපාතයෙන් ඇලලී ගිය සැඳෑ වරුවල එහි රැඳුණු රූමත් යුවතිය ඈ විවාහක බවත් අම්මා කෙනෙකු වන්නට...
අතිශය කාර්යබහුල දවසක් අවසානයේ සිතිජ ඊමේල් පරීක්ෂා කරමින් හුන්නේ ය.ඔහුගේ ඇස පුරුදු නමකින් ආ පණිවිඩයක් වෙත නැවතිණ.එය ඇගෙනි.හිරුදිගෙනි.අට මසකට පෙර මව්බිමෙන් නික්ම ගිය නිසල් සම්බන්ධ සමහර කාරණා වලට ඇමතුම් ලබා දුන් ඇගෙනි.ඇය දුරස් වෙමින් හිඳින වග සිතිජට දැනෙමින් තිබිණ.ඇය මවකි.සැමියාගෙන් වෙන් වන්නට තීරණය කළ ද වගකීම් ඇති...
කාලය ගලා යන්නේ බොහෝ කාරණා විසඳමිනි.කඳුළු බිංදුවක් වූ මුතු ඇටය යළි සෞභාග්‍යමත් දේශයක් වගට පත් කරන සටන සිතිජ ප්රමුඛ සටන් සගයෝ අත් නොහැරිය හ.ඔවුන් ඒ වෙනුවෙන් බොහෝ දේ ඉටු කරද්දී චේතනට තබා තමන්ගේම අම්මාටවත් කිසිවක්ම නොපවසන්නට ප්‍රවේසම් වී හිරුදි රට හැර ආවා ය.
ඒ...
පුස්තකාලයට එකතු වන පොත් ඈත පළාතක පාසලකට රැගෙන යාමට පිඹුරු පත් සැකසෙමින් තිබිණ.සිතිජ හුන්නේ ඒ වැඩකටයුතු වලට කාර්යබහුල වෙමිනි.හිරුදි පැමිණියේ ඒ කාර්යබහුලම මොහොතේ ය.
"මට ටිකක් කතා කරන්න ඕන."
හිරුදි ඔහුට එසේ කෙටි පණිවිඩයක් යැවූයේ සිතිජ එතරම් ම වැඩෙහි ඇලී හුන්...
"ඔයා සරසිටයි දරුවටයි කරන්නේ මොකක්ද?"
ළසඳාගේ ප්‍රතිචාරය කමකට නැති වූ විට හිරුදි චේතනගෙන් විමසුවා ය.ඇගේ කටහඬ නොබිඳුණු එකකි.ඒ තද ස්වරයක් වග දැනුණු චේතනට ඇති වූයේ තිගැස්මකි.ගැහැනුන්ට තද ස්වරයන් හිමි විය යුතු වග ඔහු නොඇදහුවේ ය.ගැහැනුන් හිඳින්නේ ප්‍රශ්න කරන්නට නොවේ.
"ඒක මගේ...
ආදරය අහිමි ලෝකයක ජීවත් වෙන්නට පෙර තමන් ආදරය උතුරා යන ලෝකයක ජීවත් වූ අන්දම හිරුදි සිහි කළා ය.දුකින් හිඳීම කුස හිඳින කළලයේ වැඩීමට නුසුදුසු බව සත්‍යයකි.නමුත් ඇයට නිසල් සිහි වෙද්දී නෙත කඳුළු නවතා ගන්නට නොහැක.
"ඔයාගේ කේන්දරේට මිසක් ඔයාට ආදරේට නෙවෙයිනෙ චේතන ඔයා ඉල්ලන්නෙ.ඔන්න...
"මං හිතන් ඉන්නේ ලංකාවෙන් යන්න."
හිරුදි සිතිජට එසේ පැවසුවේ ඔහු හමු වූ මොහොතක ය.සිතිජ කිසිවක්ම නොකියා හිරුදි දෙස මොහොතක් බලා හුන්නේ ය.දැන් බොහෝ දෙනෙකු කරන්නේ රට අතැර නික්ම යාම ය.උපන් දේශය ජීවත් වීමට නුසුදුසු තැනක් බවට පත් වෙමින් තිබියදී විකල්ප නැති බව සිතිජ ද...