Tag: ඉඳුදුන්න

"අද ඉඳන් තරිඳි ෂූටින් එනවනෙ.." ටෙලි නාට්‍යයේ රූගත කිරීමට යන අතර ඉඳුවරට ආරංචියක් ලැබිණ.එක්වරක් දුටු යෞවනිය දැක ගැනීමේ ආශාවකින් ඔහු පිරී ගියේ ය.බොහෝ යුවතියන්ගේ ප්‍රේමාරධානා ඔහු උසුලන්නේ සිනාවකිනි.ඒ එක් දෑසක්වත් ඔහුව කළඹන්නට සමත් වී නැත. "උඹට කෙල්ලක් හිටියේ නෑ කියන්නෙ මහම මහ බොරුවක්.ආදරයක් තාම දැනිලා නෑ කියලා පත්තරවලට බොරු ඉන්ටර්විව් දෙන්න...
අමන්දී ගල් ගැසිණ.එපා යැයි වළකන්නට තරම් වෙලාවක් නැත.අදීෂ දුරකථනය තැබුවේ ඉඳුවර අත බව ඈ දැන සිටියා ය.ඇයට ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.නමුත් ඒ ඉඳුවර කෝපයට පත් කිරීමකි.නැතහොත් ඔහුට තමා කියවා ගැනීමට ඉඩ දීමකි. "ඉඳුවර..කොහොමද ඔයාගේ ඩ්‍රාමා එක අපි හැමදාම බලනවා.." කටපාඩම් කරගත් අන්දමේ ඒ වචන කිහිපය ඉඳුවරට ගෙනාවේ අපහසුවකි. වෙලාවට ආහාර...
අදීෂ බොහෝ කාලයකට පසු ඉඳුවර මුණ ගැසෙන්නට ආවේ ය.තරු තරගයේ අතරමගකින් ඉවත් වන්නට සිදු වූ පසු ඔහු රූපවාහිනි නාලිකාවල කටයුතුවලට එතරම් සහභාගී වූයේ නැත.සරසවියේ කථිකාචාර්යවරයකු වූ දා සිට ඔහුට කටයුතු අධික විණි. ඉඳුවර අවදි වූයේ ද අදීෂ පැමිණි පසු ය.අතීතයේ නේවාසිකාගාරයේ කාමරයක ගෙවූ ජීවිතය අදීෂට සිහිව ආවේ ය.ඔහු ඉඳුවරගේ නිවහන...
ඉඳුවර අමන්දී ආදර කතාව
අමන්දී එදින රාත්‍රියේ සඳුනි සමඟ තරු රියැලිටිය බලන්නට හිඳ ගත්තා ය.අවිශ්ක සිටියේ ජංගම දුරකථනයේ ක්‍රීඩාවක නිමග්නව ය.සුරංග පුරුදු කළ ඒ ක්‍රීඩාවට ඔහුගේ ඇති ඇල්ම අමන්දීට සිනා උපදවන සුළු ය.නමුත් හරිහැටි බලද්දී අවිශ්ක කුඩා ලෝකයක් අයත් අහිංසක මිනිසෙකු බව අමන්දීට සිතිණ. "අනේ අන්න ඉඳුවර.." සඳුනි කෑගසන්නට ගත්තා ය.අමන්දී කාලයකට පසු රූපවාහිනී තිරයෙන්...
"එක අතකට මට හිතෙනව සනූ මෙහෙම දෙයක්.." එදින හවස් යාමයේ සදැල්ලට වී සනුරිට ඇමතුමක් ගන්නා අතර අමන්දී පැවසුවා ය.සඳලුතලාවට පෙනෙන නොපෙන දුරකින් නෙළුම් මල් සහසක් පිපී ඇති වැව පිහිටා ඇත.රත් පැහැ රෝස පැහැයත් අතරින් පතර සුදු පාටත් පොරවාගත් වැව් තලය වෙත අමන්දී නෙත් දැල්වූයේ ආශාවෙනි. "මට හිතෙනව අවිශ්කට ආදරේ කරන්න.." ඒ වචන...
"අද ස්ටාර් එකේ ඉඳුවර ඉන්නවා.." සඳුනි කියන්නේ ප්‍රීතියෙනි.අවිශ්කට හොඳ පොල් තෝරන්නට සහය වෙමින් සිටි අමන්දී හැරී බලා හිනැහුණා ය. "ආයේ තරඟ කරනවලුද?" නෑනාගේ කතාවට සඳුනිට කෝපයක් පහළ විණි.ඉඳුවර ඇගේ ලොකුම ක්‍රෂ් එක ය.ඔහුට කිසිම මොහොතක හොඳක් නොකියන නෑනා ගැන සඳුනිට කේන්ති ය. "මං ඔයාව ලී මඩුවට එක්ක යන්න හිටියේ.යන්නේ නෑ…" ඇය ගස්සාගෙන ගොස් බිම...
ඉඳුවර රූපවාහිනි නාලිකාවේ මැදිරි අංගනයට පිවිසියේ කලබලයෙනි.ඔහු නිර්මාණය වූ රියැලිටි වැඩසටහනේ විශේෂාංගයකට එන්නැයි පණිවිඩයක් ආවේ හදිසියේ ය.හදිසි කැඳවීමකට පවා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු දැන සිටියේ ය.නමුත් ඉඳුවර සැබෑවටම හුන්නේ දැඩි නිදිමතකිනි.කාර්යබහුල ජීවිතය තුළ හුස්ම ගන්නට පවා ඇති ඉඩ අල්ප බව දැනේ. කොරිඩෝව දිග ඇවිද යන අතර ඉඳුවර අදීෂගෙන්...
අමන්දී උදෑසන අවදි වූයේ නිදිමත දෑසින් පෙරෙද්දී ය.නිවාඩු දවසකටවත් කියා දහවල් වනතුරු නිදන්නට මෙහි ඉඩ නැත.එකම එක දවසක් ඈ හත පසුවන තෙක් නිදා ගත්තා ය.ඈ අවදි වන විට අවිශ්ක ගමනක් යන්නට ඇඳ පැලඳ බලා සිටියේ ය. "ඔයා කොහෙහරි යන්න ලෑස්ති වෙලාද ඉන්නේ" අමන්දී දෙනෙත් පිසිමින් අසද්දී අවිශ්ක පැමිණ ඇගේ නළලට පිටි...
අමන්දී බොහෝ වෙලාවක් අතීතයේ සැරුවා ය.තාරකාවක් ව වැජඹෙන තරුණයා හොඳම මිතුරෙකුව හුන් දවස් සිහිනයක් මෙනි.ඔහු රියැලිටි තරගයේ මුල්ම අදියර ජයගෙන පැමිණි දා අන්සියල්ලන්ම හුන්නේ සතුටිනි. "ඉඳුවරයා මාර ලස්සනට සින්ග් කරාලු..මට ටීවි එකෙන් බලනකන් ඉවසිල්ලක් නෑ.." සනුරි ප්‍රීතියෙන් දිව ආවේ පණිවිඩය එතරම්ම මිහිරි බව සිතමිනි.විනිශ්ච මණ්ඩලයේ සිටින නව පරපුරේ ගායකයන්ට ඉඳුවරගේ තෝරා...