Tag: ඉඳුදුන්න

"ඇයි අම්මේ..නංගි මොකක් කරගෙනද?" අමන්දී ඇසුවේ බියෙනි.මේ පළාත්වල ගැහැනු දරුවන් කරගන්නා ලොකුම වරද හදිසියේ ගැබ්බර වීම ය. "සුරංගය එක්ක පැටලිලා.තීවිල් කාරයෙක්ට දෙන්න නෙවෙනෙ දුවේ මේකිව මේ තරම් ආදරෙන් උස්මහත් කළේ.." ශාන්ති ඉකි බිඳින්නට ගත්තා ය.අමන්දී මේ දේ මේ අයුරින් වන බව දැන සිටියා ය.නමුත් එය මෙවැනි ගින්නකට හේතුවක් බව නොදැන සිටියා ය.ඇය...
ඉඳුවර බොහෝ හැල හැප්පීම් වලට මුහුණ දුන් කාලයට අමන්දී නිස්කලංක ජීවිතයක් ගෙවා දැම්මා ය.තමන්ගෙන් පලි ගැනීම අත හළ ඈ මේ ජීවිතයට ආදරය කරන්නට ගත්තා ය.අතීතයේ සිරව හිඳින්නී තමන් පමණක් නොවේ.අවිශ්ක ද ඔහුගේ අතීතයක සිරකරුවෙකි.තමන්ගේ අතීතය පෙනෙන්නේ රූපවාහිනී තිරයෙන් පමණි.නමුත් අවිශ්කගේ අතීතය නිතර දෙවේලේ දෑසට පෙනෙන්නකි.ඔහු සසැලෙන්නට වීම තමන්ගේ විවාහය...
"මං හිතන්නේ ෂෙරිල්ගෙ ඊළඟ උගුල තමයි උඹ.." පෙරදා රාත්‍රියේ ෂෙරිල්ගෙන් ලද ඇමතුම ගැන කියද්දී සිතිජ පැවසුවේ හිනැහෙමිනි.ෂෙරිල්ගේ තාවකාලික සහකාරයෙකු වීම අවස්ථා හිමි කරගැනීමක් ද අහිමි කරගැනීමක් දැයි ඉඳුවර සිතන්නට ගත්තේ ය.ඇය පැමිණෙන පොට ඔහුට නොවැටහුණා නොවේ. "ෂෙරිල්ගෙ උගුලෙ වැටුණොත් ඔක්කොම ඉවරයි පුතේ.අර ඇමති පුතා පවා නැත්තටම නැති වුණා.පංකජගෙ ක්‍රිකට් ගැහිල්ල ඉවරෙටම...
"මොකක්ද ඉඳුවර අර කරපු ජරා වැඩේ.." සනුරි ඇසුවේ කෝපයෙනි.ඇගේ ඇමතුම් බොහෝ ප්‍රමාණයක් මඟ හැරගත් ඉඳුවර මේ ඇමතුම පිළිගත්තේම බැනුමක අපේක්ෂාවෙනි.ඔහුට මඳහසක් නැගිණ. "මගෙ අතින් එච්චර හොඳ වැඩ වෙන්නෙ නැති තරම් සනූ.ඔයා මොකක් ගැනද කියන්නේ?" ඔහු අසන්නේ උස් හඬින් හිනැහෙන අතර ය.එදවස තමන්ට හිසේ කැක්කුමක් ඇති වූවත් අදීෂට කලින් පැනඩෝල් පෙත්තක් ද රැගෙන...
ඉඳුවර සිටියේ ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන ය.රූපවාහිනී වැඩසටහනක් ඇරඹෙන තුරු ක්‍රීඩාවක නිරතව සිටි ඔහුගේ දැහැන බිඳී ගියේ පිටට ලැබුණු මෘදු තට්ටු කිරීමකිනි. "හරී…බිසී නේද?" තරිඳි දැන් කතා කරන්නේ ඕනෑවට වඩා ඇදපැද බව ඉඳුවර සිතී ය.ඇය නිළියක වූ පසු පැවැත්ම ඉතා වෙනස් වී ගොස් ය. "ගේම් එකක් ගැහුවා.." ඉඳුවර ඇයට පැවසුවේ සැහැල්ලුවෙනි.තරිඳි හඬනගා...
"මොකක්! කවුද ඔය විකාර කිව්වෙ…" අවිශ්ක අසන්නේ සසැලෙන අතර ය.අමන්දී හඬ නඟා හිනැහුණා ය. අවිශ්ක කාලයක් තිස්සේ හිත පෑරූ යමක් ගැන බියට පත් විය. "අර දෙකේ ඇලේ සුමනා මාර කතා කියන්නේ අප්පා.ඔයාලගෙ අම්මා එකපාරක් සීනි මතුරලා සුරේකට පිස්සු වැට්ටුවලු..ඊට පස්සෙ ආයේ පාරක් මට දුන්නලු..මාව වශී කළාලු.අනේ මොනවද අවිශ්ක මේ කතා?" එහෙත් ඔහු...
"එහෙ ඉන්නව මෙහෙ පුතාගෙ කලින් ගෑනු ළමයා.." ගැහැනිය වඩා සමීප වන්නේ විස බඳුන දෝතින්ම රැගෙන ය.අමන්දී බලා හුන්නේ අකම්පිත සිනාවකිනි. "ඒ සම්බන්දෙ කඩන්න මෙහෙ මහාමණ්ඩි නොකරපු දෙයක් නෑ..දුවට කියන්න මාත් එක්කම ගලේ දේවාලෙට කී ගමනක් ගියාද? ටැට්ටරයක් ගන්න තරමේ සල්ලියක් නාස්ති කොර ගත්තා.." අමන්දීට දැන් දැනෙන්නේ විනෝදයකි.ඊයේ තමන්ගේ උකුල මත හරිබරි ගැසී...
"ඇත්තටම විඳවන්නේ අපි.." අවිශ්ක ශෝකි ස්වරයෙන් එසේ පැවසී ය. "ඔයාලා තමන්ගේ ජීවිතෙන් පලි ගන්න නරකම දේවල් තෝරා ගත්තා.ඒ අනිත් කෙනාට රිද්දන්නනෙ..මං හිතන්නෙ ඔයාලා සාර්ථකයි.සුරේකා ඉන්න හැටි දැක්කම මටනම් රිදෙනව.." අමන්දී සුසුමක් සමඟ ඔහු වැලඳ ගත්තේ ය.අතීතයේ සිදු වූ වරදක් ගැන තැවෙන්නට හැමෝටම නොහැක.නමුත් ඔහු තැවෙයි.ඒ අතින් ඔහු උතුම් බව අමන්දී සිතුවා ය. "අවිශ්ක…ඔයාට...
"අනේ මට සුරේකා අක්කා ගැන අවිශ්ක කියලත් තියනවා.." අමන්දී අනාරාධිතවම කුඩා දරුවා ඔසවා ඇගේ උකුල මතට ගත්තා ය.උණ රෝගයෙන් පීඩිතව ගොස් සිටි කුඩා කොලුවා හිස ඔසවා අමන්දී දෙස බැලුවා ය. "අනේ හොඳටම උණනෙ අප්පා..බෙහෙත් ගත්තා නේද අක්කේ?" සුරංගනා රුවැත්තිය අසයි.සුරේකා යන්ත්‍රයක් මෙන් හිස වැනුවා ය.දිගු කොණ්ඩයක් සහිත ජනප්‍රිය තරුණ නිලියකට සමාන රුවක්...
"අක්කා එනවද ගමනක් යන්න.." නැන්දම්මා නිවසේ නැති දවස් උදාවීම නිසා අතිශය කාර්යබහුලව හුන් අමන්දීගෙන් සඳුනි ඇසුවා ය.අමන්දී සිටියේ හති වැටී ය.මේ තරම් විශාල නිවාස සහ ඉඩකඩම් මිනිසුන්ට කුමකටදැයි ඈ සිතන්නට ගත්තා ය. "කොහෙ යන්නත් කලින් මං ගේ අස් කරල ඉන්නෝනෙ.." අමන්දී කියද්දී සඳුනි වහා කොස්සක් අතට ගත්තා ය.අම්මා යන්නට පෙර ගෙදර වැඩකටයුතු...