Tag: ඉඳුදුන්න

අමන්දී ගී ගයන කුඩා දැරිය දෙස බලා හුන්නේ ආසාවෙනි.ඇය හැකියාව පමණක් නොව කුමක් හෝ සංසාරගත හැකියාවක් සහිත දැරියක බව අමන්දී සිතුවා ය.ඒ කිංකිණි හඬ පාසල පුරා පැතිර යද්දී සියල්ලන්ම දැරිය වර්ණනා කරන්නට ගත්තේ එක හිතිනි. "රූ ටීවි එකේ කිඩ්ස් ස්ටාර් එකට ඇප්ලිකේෂන් කෝල් කරලයි තියෙන්නේ" අමන්දී සමඟම පත්වීම් ලැබූ ගණිත ගුරුවරයා...
අමන්දී ඒ ඇමතුමට පිළිතුරු නොදී ඉන්නට නැවත සිතුවා ය.එහෙත් මේ ඉඳුවර ය.ඔහුව ප්‍රතික්ෂේප කරන්නට ඇත්තෙන්ම ඇයට සිතෙන්නේ නැත. "ටීචිං යනව කියල ආරංචි උනා.මං විෂ් කරන්න ගත්තේ.." අමන්දී ඒ ඇමතුම බලාපොරොත්තු වූයේ නැත.නමුත් ඇය ස්තූති කළා ය.ඉඳුවර සුසුමක් හෙළන හඬ ඇයට ඇසිණ. "ඔය ඔයාට ඕන වෙච්ච දේනෙ.දැන් ඉන්නෙත් දුෂ්කර පළාතක හින්දා හීනෙට ලේසි.." දුෂ්කර...
"අයියා අලුත් ගෙයක් හදනව කියන්නේ මාත් යනව එහෙ.." සඳුනි තම තීරණය දැනුම් දුන්නේ උස් හඬිනි.පවුලේ එකම පුතු වෙනුවෙන් තැනූ මාළිගාවක් බඳු නිවස හැර දමා යන්නට ඔහු තීරණය කර අවසන් ය.ශාන්ති හුන්නේ ඒ තීරණයෙන් වේදනාවට පත්ව ය. "මේ ගේ හැදුවෙ උඹට පුතේ.." ඉඩම කෙලවර ඇති නටබුන් වූ පැරණි නිවහන දෙස බලාගෙන ශාන්ති පැවසුවේ...
නයනිගේ ඇනුම්පද අසමින්,විඳිමින් අමන්දී නව රැකියාවට සැරසුණා ය.ඇය හුන්නේ සතුටිනි.අලුත් ලෝකයකට දොරගුලු විවර වීමම සතුටක් වග ඇය සිතුවා ය.සඳුනි හුන්නේ ඊටත් වඩා සතුටකිනි.අමන්දී අක්කා ගමේ පාසලේ ගුරුවරියක වීම ඇයට සතුටකි.ඇයට දැනුණේ ඈ ගුරු පත්වීමක් ලද තරමේ සතුටකි. "මට ආයේ ඒ ලෙවල් කරන්න තරම් හිතුණ.." අමන්දීට සාරි හැට්ට මහන්නට යන්නට එක් වෙමින්...
තරිඳි ඈ මේ දින කිහිපය පුරා දරාගත් පීඩනය කැමරාව ඉදිරියේ මුදා හැරියා ය. ජීවත් වන්නට පවා නොසිතෙන තරමට කලකිරීමෙන් පිරී ඇතැයි කියමින් ඇය වැලපෙද්දී සියල්ල ඇගේ වාසියට හැරවෙන්නට විය.මේ අහඹු වැඩසටහන දෙස ෂෙරිල් බලා සිටියේ දැවෙමිනි;පිළිස්සෙමිනි. "බබී,ඔයා ප්ලේ කරන ගොඩක් ගේම් ප්ලෑන් කරලා කරන ඒවා කියල ඔයා හිතුවට ඒකෙන් වෙන්නේ...
නයනි සෑම මොහොතක්ම පීඩනයෙන් ගෙවා දැම්මා ය.මොකක් හෝ හේතුවක් මත ඒ කාරණා සියල්ලම පිට වූයේ අමන්දී මතිනි.අමන්දී සැනසිල්ලේ ගෙවූ ජීවිතය බිඳී යමින් තිබුණා ය. "අක්කෙ, ඔයා තාම කාලා නෑ නේද?" දිනක් සඳුනි ඇසුවේ මුහුණ නරක් කරගෙන ය.අමන්දී නැතැයි කියන්නට හිස වැනුවා ය. "අන්න අර අපේ අක්කා.වලං පිඟං සේරම හෝදනව.ගෙදර අය කාලා ඉවරයි...
"ඉඳුවර..කලබල නොවී පොඩ්ඩක් ෆේස්බුක් පැත්තට යන්න.." සිතිජගෙන් ඇමතුමක් ආවේ උදෑසන උදා වෙද්දීම ය.ඉඳුවර අවදි වූයේ ද ඒ ඇමතුමට ය.ඔහු ඇමතුමේ හිඳිමින් ම සිතිජ පැවසූ දේ ඉටු කළේ ය.දුටු දේ ඔහුව කම්පනයට පත් කරන්නට සමත් ය. "ඒ තරිඳි නෙවෙයි…" ඉඳුවර වචන සොයා ගත්තේ එපමණක් කියන්නට ය.දුරකථනයේ පසුබිමින් ඇසෙන්නේ සිතිජගේ බිරිඳ පහත් හඬින් මොනමොනවාදෝ...
නොසන්සුන් හදැති අමන්දීට යළිත් තමන්ගේ ඇතුළාන්ත සාමය පලා යන බව දැනිණ.ඇයට අහේතුකව හැඬිණ.අහේතුවක කෝපය ඉපදිණ.ඇය සෑම මොහොතක්ම ගෙවන්නේ නොසන්සුන්ව බව ඇය සිතන්නට ගත්තා ය. "නංගිගෙ මඟුල් හින්දා මේ ගෙදර විකාර වෙලා ගියා.." අවිශ්ක කෝපයෙන් පැවසී ය.ඔහු සිතා හුන්නේ එහෙම ය.සෑම කටයුත්තකට උදව් දුන් මිතුරාට ගෙදරට එන්නට තහංචි දමන්නට වීම ගැන ද...
තරිඳිගේ ලෝකයට ඉරවල් හතක් පායා තිබිණ.ඇය ප්‍රීතියෙන් දිදුලන්නට වූවා ය.රටේ යුවතියන්ගේ සිහින කුමරා ඇගේ ය.ඔහු ගැන සිහින මවන්නට සහසක් දෙනා හිඳීම තව දුරටත් ඇය පෙළන්නේ නැත.නමුත් ඈ ඔහුගේ ය. "ඕක ගොසිප් කාරයන්ට දැනගන්න තියන්න එපා.." ආරංචිය දැනගත් වහා සිතිජ පැවසී ය. පෞද්ගලිකත්වය නිරාවරණය වීම අතිශය අවදානම් බව ඔහු පවසද්දී තරිඳි පුපුරන්නට...
ඉඳුවර කැළඹීමෙන් ද නොසන්සුන් බවින් ද දින ගෙවා දැම්මේ ය.මේ කාරණා කිසිවක් සිදු නොවන්නට අමන්දීගේ එදා එරෙහි වීමට එකඟ වූවානම් කියා ඔහු සිතුවේ ය.එසේ නම් මෙවැනි වියවුල් නැති ජීවිතයක් අයත් වන්නට ඉඩ තිබිණ.නමුත් දැන් ආපසු හැරෙන්නට නොහැක.කළ හැක්කේ නොනවත්වාම මේ ගමන යාම ය. "දැන් ඉතින් තියෙන්නේ දිගටම ඕවට මූණ දෙන්න.අනික...