Tag: ඉඳුදුන්න

"ඔයා හිතන්නෙ මට මේ චැනල් එකේ වැඩ සේරම නැති කරාම ඔයා දිනුම් කියලද?" තරිඳි ඉඳුවරගෙන් ඇසුවේ සමච්චලයෙනි.ඉඳුවර කිසිත් නොකියා ඉවත බලා ගත්තේ ය. "දෙන්නගෙන් කෙනෙක් තෝරා ගන්න වෙන තැනකදි මිස්ට වික්‍රමබාහුගෙ ඔප්ෂන් එක ඉඳුවර.ගොඩක් වෙලාවට අපි කාගෙ හරි තේරීමක් වෙන තැන් එනව තරිඳි.අපිට ඒවට මූණ දෙන්න වෙන්නෙත් අපිම කරගන්න දේවල් නිසා." රනුක...
ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට තිබුණු ලොකුම ශෝකය රැවටීම දරා ගත නොහැකි වීම ය.තරිඳි විසි වී ගොස් වැටෙන තරමේ පහරක් දෙන්නට උවමනා වූවද ඔහු ඉවසුවේ ය.පළමුවැනි කාරණාව ඇය දැන් මවක් වන්නට සූදානමින් හිඳින්නියකි.අනිත් කාරණාව ඒ ඔහු පෙම් කළ තරුණිය ය. ආදරය කළ ගැහැනියකට අත උස්සා පහර දෙන්නට...
ඉඳුවර තරු සිහිනය වෙත ඇවිද යන්නට සිතූ ගමන ඇරඹුණේ අහම්බයකිනි. ඔහු කුඩා වියේ පටන් සංගීතය ජීවිතය කරගත්තෙකි.සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය සිසුවෙකු වූ දා පටන් ඉඳුවරට ඕනෑ වූයේ සංගීතයේ නව මාන සොයා යන්නට ය.සංගීත ගවේෂකයෙකු වන්නට ය.බාලක පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ පවා නගරයේ වූ බාලිකා පාසල්වල යුවතියන්ගේ "ක්‍රෂ් එක වන්නට" ඉඳුවරට...
"ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු.." තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ "කිඩ්ස් ස්ටාර්" වැඩසටහනට යන අතරමගදී ය. "ඉවරයක් කරන්න?" ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ ය.ඔහුට අපුලක් දැනෙන්නට විය.ජීවිතය අලුත් කරගන්නා සිදුවීම ඇයට "ඉවරයක් කරගත යුතු දෙයක්"වීමම ඔහුට කෝපය උපදවන කතාවක් විය. "මම කියන්නේ මේ අපිට ස්පොන්සර්ලා ගන්න පුලුවං කාලේ..අපි දෙන්නගෙම...
"අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?" අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි. "නොදන්න පළාත්?" ඔහු අසන්නේ සෝපහාසයෙනි. "ඔව්..එහෙම ඇවිදිනවද ගෑනු..උඹ තමයි ඒකිට ඕනෑ පදං නටන්න දෙන්නේ.." නයනි එසේ කියන්නේ කෝපයෙනි.ඇය සැමියාගේ උදව්වෙන් තොරව ළඟම ඇති නගරයටවත් යන්නට දැන හුන්නේ නැත.මේ අන්දමට අමන්දී...
"අර දුලනිගේ ටීච..ඔයා එයාව දන්නවද?" තරිඳි ඇසුවේ විවේකී සවස් යාමයක ඉඳුවර වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කරන අතර ය.ඔහුගේ නිවසේ නතර වන්නට ඇය බොහෝ දවසක් සැලසුම් කළා ය.නමුත් ඉඳුවර ඈ නවතා ගන්නට කැමැත්ත පළ කළේ නැත. "එයා මගෙ කැම්පස් යාලුවෙක්.යූනියන් වැඩකදි අපි අමනාප වුණා.ඒත් දැන් අපි කැම්පස් එවුං නෙවේනෙ.මං ඒකයි අමාට කතා...
දුලනිගේ ඊළඟ වටයට පුහුණු වීම් කරන්නට අමන්දී වෙහෙසුණා ය.දුලනිට වැඩමුළුවකට පිටව යන්නට දෙදිනක් තිබිය දී ඇයව නිවසට කැඳවා පුහුණුවීම් කරන්නට අමන්දී තීරණය කළා ය.නිවසෙන් මඳක් ඈතට වන්නට පිහිටි සියඹලා ගසක් යටට වී ගුරුතුමිය හා සිසුවිය පුහුණුවන ආකාරය බලා හුන් නයනි මුළුතැන්ගෙයට ආවේ ඊර්ෂ්‍යාවෙන් බරව ගිය හදවතකිනි.සඳුනි සිටියේ පළතුරු බීමක්...
"ඉඳුවර ආවෙම ඒ තර්කෙ කියන්නද කොහෙද" නිවසට එන්නට සනුරිගේ රියට ගොඩ වූ පසු අමන්දී අඩ සිනාවකින් තෙපලුවා ය.සනුරි කිසිත් නොකියාම දුලනිගේ සිහිනයක් වෙනුවෙන් රිය ධාවනය කළා ය.සැදෑ අහස යට ඇති වනතුරුම දුලනිට මුහුදු වෙරළේ දඟලන ඉඩ ලබා දුන් දෙමිතුරියෝ හිම කිරමක් තොල ගාමින් රළ නගන අන්දම බලා සිටියහ. "ඉඳුවර ඒ තර්කෙ...
"සනූ..මං හිතුවෙ නෑ ඔයා එයි කියල.." අමන්දී සනුරිගේ අත අල්ලා ගත්තේ සෙනෙහසිනි.සනුරි මිතුරියගේ අත අල්ලාගෙන හිනැහුණා ය. "අදීෂයි, ඉඳුවරයි තරග කරන කාලේ මං මෙතනමනෙ.මට මෙතන පුරුදුයි.ඒ හින්දා ආවා.අපේ පුංචි ගායිකාව සින්දු කියනව බලන්නත් එපැයි.." සනුරි කුඩා දුලනිව වැළඳ සුබ පැතුවා ය.දුලනි හැඩ ගැන්වීම සහ සෙසු කාර්යයන් වෙනුවෙන් බාර දුන් පසු අමන්දී සනුරිට...
"අර…කිඩ්ස් ස්ටාර් එකේ ඉඳුවරත් කෝච් කෙනෙක්.." සඳුනි පෙන්වන්නේ තරගයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් ය.අමන්දී එය ගැහෙන හදවතක් සහිතව බලා හුන්නා ය.ඇය සිතා සිටියේ දුලනි සවියක් වන්නට ඈ රැගෙන තරගයට යන්නට ය.තමන්ගේ මහ ගෙදර නැවතී දුලනිව තරගයට ගෙන යන්නට පවා ඇය සැලසුම් කරගෙන හුන්නා ය. "අපෝ ප්‍රසන්ටින් කරන්නෙ අර හෝන්තුවනෙ.මං ආසම නෑ.." සඳුනි පෙන්වූයේ...