Tag: මුතු බෙලි හදවත
විකුම් කාමරයේ ඒ මේ අත සක්මන් කරන්නට වූයේ ය. ඔහු ට අමුත්තක් දැනෙමින් තිබිණි. හැන්දෑවේ වූ සිද්ධිය වරින් වර ඔහු ගේ මනසේ මැවේ. ආදිත්‍යා- සිය බිරිඳ මින් පෙර කිසි දාක එවැනි බැල්මකින් ඔහු දෙස බලා නැත.
ඒ තරම් ශක්තියක් ඈ වෙත ළඟා වූයේ කොතැනක සිට දැයි ඔහු ට සිතා ගත...
දුමාල් ව දුටු ආදිත්‍යා ගේ හැඬුම මඳකට සමනය වූයේ ය. පිටස්තර පිරිමියෙකු ට පේන්නට විවාහක ගැහැනියක මෙසේ හඬා වැටෙනා එක හොඳ නැති බව, සියල් මනස්තාපයන් අතරේ ම ඇය ට කල්පනා වූයේ ය.
දුමාල් මුහුණේ හා ඇස් වල ඉරියව් වලින් ඇයි කියන ප්රශ්නය නැගුවේ ය. ආදිත්‍යා අතැඟිලි වලින් දෑසේත් කොපුල් වලත්...
"අම්ම ඉන්නව ආදිත්‍යා"
දුමාල් ඒ වචන ටික කීවේ සුසුමකිනි. ඒ සුසුම තුළ තැවරී තියෙන්නේ ශෝකයක් ද සතුටක් ද සැනසීමක් ද කියා වෙන් කොට හැඳින ගන්නට ආදිත්‍යා ගේ හිතේ නිරවුල් බවක් වූයේ නැත.
"අම්ම කඩේ වැඩ කරන්න පටං ගත්තට පස්සෙ අපේ ජීවිත ටික ටික වෙනස් වෙන්න පටං ගත්ත. අපේමයි කියල අටෝගත්ත පැල්...
ඔවුන් ගියේ ඇවිදින මං තීරු, හංසයන් පීනන පොකුණු සහිත උද්‍යානයකට ය. කොළ පාට ඇස් මත ලියැවී ඇති කතා ගොන්න වරින් වර තරුණයා ගේ අවධානය ට ලක් විය. මින්දුල ව ඇවිදවන්නට ත් ඔංචිලි පදවන්නටත් උපක්‍රමශීලී වෙත්දී ඒ ඇස් මත වූ බලාපොරොත්තු සහගත ප්‍රීතියට යටින් ලොකු දුකක් තදින් ඇලවී තිබුණේ ය....
විකුම් ඈ වෙතින් ඉතා වේගයෙන් ඈත් වෙමින් හිඳිනා බව ආදිත්‍යා ට දැනිණ. ඇය අභ්‍යන්තර වශයෙන් දැඩි කම්පනයකට ලක් වූවා ය. එය දරා ගත නො හැකි දුකකි. වාවා ගත නො හැකි ආත්ම අසරණ කමකි.
විකුම් ඇය ට පෙම් නො කරනා බව ආදිත්‍යා මුල සිට ම දැන සිටියා ය. ඔවුන් දෙදෙනා අතරේ...
තරුණියන් දෙදෙන මින්දුල සමගින් විහාරය තුළට යත්දී දුමාල් විතානාච්චි ද ඔවුන් පසු පස ආවේ ය. බලහත්කාරයෙන් ම ඔහු මේ විදිහට උදව් කරන්නට ඉදිරිපත් වීම ගැන සතුටක් ආදිත්‍යා තුළ වූයේ නැත. නමුත් ආමන්තා ගේ සිත උත්කර්ෂයට පත් ව තිබිණි. අක්කා ඔහු ගැන ඒ හැටි වගක් නැති ව පය ඉක්මන් කොට...
විකුම් විජයවික්‍රම හිතුවක්කාර සිනහවක් නගා ගත්තේ ය. ඔහු වෙතින් මත් පැන් සැරක් හැමුවේ ය. ඒ ඇස් වල සුදු ඉංගිරියා රතු වී ඇති සැටිත්, ඇස් පියන් අඩවන් වී ඇති සැටිත් ආදිත්‍යා ට මැනවින් දැක ගත හැකි විය.
"මගෙං ඔහොම ප්‍රශ්න කරන්න තමුන්ට මොකද්ද තියන අයිතිය ආ.."
විකුම් එහෙම ඇහුවේ සිනහ වී ගෙන...
ආදිත්‍යා ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නට සඳසීලී වග බලා ගත්තා ය. විකුම් ගේ චර්යාව තුළ ඇති ව තිබෙන වෙනසත් එක්ක, මින්දුල ව සේ ම ආදිත්‍යා ව ද නො සලකා හැරෙන බැව් ඇයට දැනුණේ ය. සිය එක ම පුතු ගේ ජීවිතය අවුල් වෙනවා දකින්නට ඇති අකමැත්ත නිසා ය ඇය මිල...
ආදිත්‍යා දකුණු පැත්තේ සඳැල්ලෙන් පිටත බලා සිටියා ය. අහස මන්දාරම් වී ගෙන එයි. තමන් දරා සිටිනවා වන් බරක් මේ අහස වුව දරා සිටින්නේ දැයි ඇය සිතුවා ය. ගේ ඉදිරිපස ට නෙරූ සඳැල්ලත් පිටුපසට නෙරූ සඳැල්ලත් දෙස ඇය මාරුවෙන් මාරුවට බැලුවා ය. සඳළුතලා හතර ම එක ම කොරිඩෝරයකින් එක ට...