Tag: සීත මාරුතේ

සීත මාරුතේ
සුපර්වයිසර් වරයා මා ඒ ගොවිපළේ සෑම අංගයක් ම පෙන්වන්නට කැටිව ගියේ ය. එය අක්කර ගණනාවක වත්තක් වූයෙන් ඒ වපසරිය පුරා පයින් ගමන් කිරීම පහසු නැත. ඒ සඳහා ලොකු කාලයක් ගත වෙන බැවිනි. ඔහු ට ආයතනයෙන් ස්කූටරයක් ලබා දී තිබූ අතර මාව ද දමාගෙන වටේ ම එක්ක ගියේ එයින් ය....
සීත මාරුතේ
"මිස්ට මුණිවර අභිෂේක් බණ්ඩාර. මේ වගේ ෆාම් බංග්ලෝ එකකුයි ෆ්ලවර් ෆාම් එකකුයි දෙකක් එකට කෙරෙන තැනක මං වගේ එක මනුස්සයෙකුට ජොබ් එකක් දෙන්න විදිහක් නැති වෙන්න බෑ නේද...මං දැන ගත්ත විදිහට මෙතන ලේබර්ස්ලම දෙසීය ගාණක් විතර වැඩ කරනව. කොහොමත් මං හොයන් ආවෙ මොකක් හරි ජොබ් එකක්නෙ. ඒක නිසා ඔය...
සීත මාරුතේ
මා දන්නා දවසේ පටන් අපේ ගේ ඇතුළේ පවුලක් වශයෙන් මහත් ආදරයක් හා බැඳීමක් තිබිණ. අප්පච්චි ගේ විදුහල්පති පාලනය ළමයින් විෂයේ නිවස තුළත් පැවතී ද, ඔහු නැති වෙලාවට අප, ළමයින් තිදෙනා ගේ සද්දයත් රණ්ඩු දබරත් විහිළු තහළුත් ගෙදර වහල ඔසවා දමන තරම් වූ අවස්ථා ද තිබේ. අප්පච්චි ට කියනවා යි...
සීත මාරුතේ
සෙතුකි ගේ මව, විදුනි සිය සොයුරා ගැන ඒ වගේ හැඳින්වීමක් කරන්නට ඇත්තේ ඔහු ගැන වැරදි චිත්‍රයක් මැවෙනා එක වළක්වන්නට කියා සිතමි. කසුනි ඇගේ දරුවා ගේ ගුරුතුමිය වී සිටියදී, මා කසුනි ගේ මිතුරිය වී සිටියදී, එවැනි ආචාරශීලී බවක් පවත්වා ගත යුතු ය කියා ඇය ට සිතෙන්නට ඇත. නො එසේ ව...
සීත මාරුතේ
බාලිකා පාසල් වල අධ්‍යාපනය ලබන ගැහැනු ළමයින් ට ප්‍රේමය හා පිරිමින් විෂයේ දැනෙනා හැඟෙනා දේවල් ගැන, ඉන් පරිබාහිර වූ අත්දැකීම් ඇති අයට කුකුසක් තිබේ. බාලිකා පාසල් වල ගෑනු ළමයින් ට පිරිමින් යනු මැජික් එකකැයි ද ඔවුන් දකිනා ඕනෑ ම පිරිමියෙකුට මුලා වන්නේ යයි ද පොදු අදහසකි. මාත් නංගීත් දෙදෙනා...
සීත මාරුතේ
සෙනසුරාදා ඉරිදා දෙදිනෙහි අප්පච්චි නිල නිවස වටා බිම කොටා පාත්ති දමා එළවළු, පළතුරු හා අර්තාපල් බීජ සිටවූයේ ය. කොළඹ දී කැත්තක් උදැල්ලක් අල්ලනවා අප දැක නැති හෙතෙම ඒ කටයුතු කළේ හුරුබුහුටි ගොවියෙකු පරිද්දෙනි. සිය ශරීරයේ මඳ වෙහෙසක් පෙනෙන්නට තිබුණ ද අප්පච්චි හිටියේ සතුටෙන් බව ඔහු ගේ මුහුණේ නිරන්තර රැඳි...
සීත මාරුතේ
ගුරුතලාව ඝණ මීදුම් දුමාරයකින් වැසී තිබිණ. ඒ මීදුම් පටලය කෙතරම් ඝණ වූයේ ද යත් අඩි කිහිපයකට එහා ඈත සුදු දුමක් මිස වෙන කිසිවක් ම පෙනුණේ නැත. ඉතා ම ආසන්නයේ දුමක් පා වී යන හැටි පෙනුණේ ය. මම උප විදුහල්පති නිල නිවාසයේ සිට දිගු පඩි පෙළ බැස මිදුලට ආවෙමි. ඒ...