Tag: සීත මාරුතේ

සීත මාරුතේ
සමන් පිච්ච මල් පුදා පහන් දල්වා, මම නෙතු පියාන අංජලී කරණීය ව බුදුන් වැන්දෙමි. හිත තුළ ඇති ව තිබුණේ අප්‍රමාණ වූ සැහැල්ලුවකි. හිතක් සැහැල්ලුවට පත් වන කල කොහේදෝ සිට විත් එය සතුටෙන් පිරේ. ඒ වූ කලී සනාතන ලෝක ධර්මයකි. හරියට අව පීඩන කලාපයක් කරා වැඩි තැනෙක සිට සුළඟ හමා...
සීත මාරුතේ
කෙල්ලන් ගේ සිනහ හඬ හපුතලේ පාර දෙපස ෆයිනස් කැලෑ වලට වැද දෝංකාර දෙන්නට විය. මම දෙතොල් තද කොට සිනහව මගේ ඇතුළාන්තයේ ම තියා ගෙන සිටියෙමි. සැබවින් එය මා තුළ ම තියා සුරකින ලෝභ කමක් මට දැනුණා වන්නට ඇත. "කොහොමද රිටර්න් එක දීපු හැටි...මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී කිව්වම ඒක...
සීත මාරුතේ
මල් ලබා ගැනීම සඳහා හරිතාගාර වල වවනා පැළ සඳහා නිසි වෙලාවේ දී කෘමි විකර්ෂක, දිලීර නාශක හා පොහොර වර්ග යනාදිය ලබා දිය යුතු වේ. මේ රසායනික වර්ග බින්දු විසිරුම් හෙවත් ස්ප්‍රේ ක්‍රමයෙන් මුළු වගාවට ම නියමිත නිශ්චිත කාල පරාසයන් යටතේ ලබා දේ. නිරෝගී හා විශාල ප්‍රමාණයේ මල් ලබා ගත...
සීත මාරුතේ
"මේ ගී කාටදැයි...මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී...හිත මගේ පිදු හැටී.. සිහි වේ නො නැවතී..මේ ගී කාටදැයි...මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී..හිත මගේ පිදු හැටී.. සිහි වේ නො නැවතී..මේ ගී..." යහනේ වැතිර නිදි ලොවත් පියවි ලොවත් අතරේ අන්තර් අවධියක පා වෙවී හිටි මගේ උඩු කය ඍජු වූයේ ඒ ගී හඬත්...
සීත මාරුතේ
මම බිම බලා ගෙන ඉතාමත් හෙමිහිට කිම කිරමය දිව ගෑවෙමි. එහි වූයේ දිව්‍ය භෝජනයක රසයකි. මීට පෙර ඒ තරම් රස හිම කිරමයක් මා කිසි දා ක රස විඳ නැත! මා හිටියේ බිම බලා ගෙන ම ය. නමුත් මුණිවර ගේ ඇස් කාන්දම් සේ මා වෙත ඇලී ඇති බවක් මට දැනේ. ඒ...
සීත මාරුතේ
ගුරු නිවාසයේ මිදුලේ සමන් පිච්ච මල් ගාලෙන් මම මල් ටිකක් නෙලා ගෙන ගියෙමි. මිස්ට් ෆීල්ඩ් කාර්යාලයේ පොදු බරාඳය දොරකඩ අළු පැහැති කොංක්‍රීට් කුළුණක් මත වඩමවා ඇති ගලෙන් නෙලූ සමාධි බුදු පිලිමයකි. ඒ පිළිමයේ සමාධිය, එහි ගිය ප්‍රථම දින පටන් මා තුළ සමවත් සුවයක් ඇති කරයි. දැල්වෙන නිවෙන බෝ කොළයක...
සීත මාරුතේ
උත්සවයක් සඳහා නැටුම් පුහුණු වීමක් තිබූ බැවින් මා යන විටත් නංගී ගෙදර විත් තිබුණේ නැත. ඒ නිසා මුණිවර ගැන කේළම කියන්නට කෙනෙකු සිටියේ නැත. කෙසේ වෙතත් ඔහු පාසලේ කාර්යාලයට පැමිණීමත්, අප්පච්චි ව දන්නා බව හැඟවීමත් නිසා හදවතේ අමුතු කිතියක් ඇති ව තිබිණ. කිසියම් මොහොතක ඔහු ගුරු නිවාසයට ගොඩ වෙන්නට...
සීත මාරුතේ
අප පසු වෙත්දී මුණිවර නෙතු හරවා අප දෙස බැලු බව මම හොඳට ම දුටිමි. නමුත් මා සමගින් කතා කරන්නට ය කියා ඔහු රිය නතර කළේ නැත. විදුනි ට මා ඒ අහඹු හමුව ගැන කී විට ඇය හයියෙන් සිනහ වූවා මිස සතුටුදායක පිළිතුරක් ලැබුණේ ද නැත.  "එයා ඉතිං ඔය ගුරුතලාව බොරලන්ද...
සීත මාරුතේ
ගැස්මක් හදවත නො වූවා කීවොත් මුසාවකි. ඒ සමග රසවත් කමක් ද පැටලී තිබුණා කියන එක වඩා නිවැරදි ය. පිට මැද්දට වන ලෙස යූ හැඩයට කපා තිබූ දුඹුරුවන් වරල දකුණු උරහිස මතින් ඉදිරියට දා ගන්නා ගමන් මම මුණිවර අභිෂේක් බණ්ඩාර ගේ වීදුරු කුටියේ දොර හැරියෙමි.  අතින් මට අසුන පෙන්වූවාට ඔහු සිටියේ...
සීත මාරුතේ
මුණිවර අභිෂේක් බණ්ඩාර ට හිමි මිස්ට්ෆීල්ඩ් ෆාම් බංගලා පරිශ්‍රය එවක් පටන් මගේ සිහින රාජධානිය විය. සැබවින් එය වූ කලී සිහිනයක් තුළ ජීවත් වෙන්නට කැමති මා වාගේ මුරණ්ඩු ගෑනු ළමයෙකුට නිදහසේ සිය සිහින දකින්නට හැකි දිව්‍යමය අවකාශයකි. මා නො දැනුවත්ව වුව ඉරණම කොළඹ සිට මා කඳුකරය වෙත ගෙන ආවේ මෙහි...