Tag: සුහදිනි

සුහදිනි
සකී අවදි වූයේ දහදියෙන් තෙත් වී ගිය සිරුරෙනි.මහා හයියෙන් කෑගැසෙන්නට ඇතැයි ඇයට සිතේ.නමුත් නිම්නා කෙඳිරියක් නඟා නින්දේ ය.රන්මිණි අද නවාතැනේ නොසිටීම ම සහනයකි. "සුදූ.මොකක්ද ඔයා දැක්කේ? අම්මට කියන්න?" දන්නා කාලයේ පටන් මෙලෙස සිහිනයෙන් මොර දෙද්දී අම්මා අසන්නට පුරුදු වී සිටියා ය.නමුත් ඇය කිසිම දිනෙක ඒ ගැන අම්මාටවත් කියන්නට නොසිතුවා ය.කිසිම දවසක...
සුහදිනි
"මට රස්තියාදුවෙ යන්න කාලයක් නෑ බබා.මම හෙට මගේ වැඩ ගොඩක හිරවෙලා." පුහුණුවීම් ගැන නොකියා ඔහු එපමණක් පැවසී ය.සාරණ්‍යා එය බැහැර කරන වර්ගයේ ඉමෝජියක් එවන්නට වග බලාගෙන තිබිණ.අනතුරුව ඇය ඔහුව වඩාත් කුපිත කරන්නට සිතුවා ය. අහස්ට අවලාද නැඟෙන සේ ලියැවුණු ෆේස්බුක් සටහනක් ඔහුට එවන්නට ඇයට ගත වූයේ තත්පර කිහිපයකි. "මේ වගේ ඒවා...
සුහදිනි
"මං හිතනව මට දැන් දිගටම සූරියකාන්ත මල් හීනෙන් පෙනේවි.මං ඒ ඔයාට කිව්වේ රහසක්.ඒත් මගේ ජීවිතේ පහසු කරාට ස්තූතියි." සකී ඒ හැම පණිවිඩයක් ම කියවූවා ය.සෑම අකුරක්ම පාහේ හදවතේ ලියා ගත්තා ය.නමුත් ඔහුට ලියා යවන්නේ කුමක්දැයි ඇයට සිතා ගන්නට නොහැකි ය.සැබෑවටම ඔහුට කියන්නට දෙයක් ඇයට තිබේ.නමුත් එය කියන්නේ කෙසේදැයි ඇය නොදන්නී...
සුහදිනි
අතිශය අසාර්ථක වෙමින් සිටි කාලයට නැවතුම තබන්නේ කෙසේදැයි අහස් සහස් වාරයක් සිතා තිබේ.කණ්ඩායම් සගයන් පවා ඔහුට ගිලිහී යන්නට නොදී හිඳින්නට බොහෝ අවවාද උපදෙස් ලබා දී තිබේ.නමුත් ඒ හැම එකක්ම පාහේ ලැබුණේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ය.තමන්ගේ වෘත්තිය නිවැරදිව ඉටු කිරීම වෙනුවෙන් ය.ඒ වෙනුවෙන් වෙහෙසෙන අන්දම ගැන ය.එකෙකු අතැර ඉදිරියට යන්නට අකමැති...
සුහදිනි
"සාරන්‍යාගෙන් ඈත් වෙනකම් උඹට හොඳක් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ." සත්‍ය ඒ අයුරින්ම පවසනු විනා ආටෝප ඇති කිරීමේ ඵලක් නොවේ.මිතුරාගේ කතාව අහස්ව කළඹන්නට සමත් විය.නමුත් කරන්නට කිසිවක් නොවේ. "මං කියන්නේ මට හිතෙන දේ." සියුම් තමන්ගේ අදහස පවසන්නට පටන් ගත්තේ ය.ජීවිතය අතිශය සාර්ථක කරගත යුතු තැන් වල ඕනෑවටත් වඩා අසාර්ථක වීම ඇතැම්විට...
සුහදිනි
"හොඳට කල්පනා කරලා බලපං.සූරියකාන්ත කතාව කොහෙදිද කිව්වේ?" සියුම් දුරකථන ඇමතුමක් දී එසේ අසද්දී එවැනි කතාවක් කොහේ හෝ කියා නැති බව අහස් ස්ථිර කළේ ය.තමන්ගේ ප්‍රියතම දේ අතර සූරියකාන්ත මල් වන බව සියුම් ඒ යුවතියට නොකීවානම් ඇය දැනගැනීමේ කුඩා ඉඩක් හෝ නොමැත. "කෙල්ලන්ගෙන් ඇහුවට කොල්ලන්ගෙන් අහනවා ද බං කැමතිම මල මොකක්ද කියලා." අහස්...
සුහදිනි
සකී සිටියේ කල්පනාවකට බරවී බව දුටු නිම්නා ඇයට බාධා නොකොට නවාතැනේ කුඩා මුළුතැන්ගෙයට ගියා ය.තේ කෝප්පයක් සාදා ගත් ඇය නැවත එන විට ද සකී සිටියේ කල්පනාවේ ය. "මට චිත්‍ර ඇඳලා විකුණන්න හිතෙනව." කල්පනාවෙන් මිදුණු සකී එසේ කියද්දී නිම්නා ඒ දෙස බැලුවේ බැලුවේ පුදුමයෙනි.පාඩම් කරන්නට අප්‍රමාණ දේ තිබියදී සකී හදිසියේ ව්‍යාපාරයක් අරඹන්නට...
සුහදිනි
"හැමෝම කතා කරන්නේ ඔයා ගැන." ජීවිතයේ අතිශය පීඩිත කාලයක් ගෙවා දමද්දී මෙවැනි අපහාස අසන්නට වීම මොන තරමට වේදනාවක්දැයි අහස්ට සිතිණ. සමාජජාලාවල ඇතිතරමට තමන්ව හප කර දැමීම ඔහුට දරා ගන්නට හැකි ය.රටේ ජයග්‍රහණය පතන,එය නොලැබෙද්දී වේදනාවට පත් වන ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතය කරගත් මිනිසුන් තම කණ්ඩායම අතින් සිදුවන සුළු වරදකට පවා කිපෙන...
සුහදිනි
රාත්‍රිය මැදියම් යාමය පසු කරමින් තිබිණ.මැදියම නිශ්චල ය.සන්සුන් ය.ඒ නිහඬ බව බිඳී ගියේ හදිසියේ ය.සකී පුරුදු සිහිනයම දුටුවා ය.ඇය ඒ සිහිනයෙන් අවදි වූයේ දහඩියෙන් පෙඟී ගිය සිරුරින් ය.රාත්‍රිය මෙතරමට බියපත් බව ඇයට සිතෙන්නේ එකම සිහිනය නැවත නැවතත් පෙනෙන්නට ගනිද්දී ය.එකම සිහිනය නැවත නැවතත් ඇයට හිරිහැර කරද්දී ය. "සකී..සකී.." නිම්නා වහා අවදි...