Tag: සුහදිනි

සුහදිනි
ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන දුරකට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට හැකි වීමෙන් පසු ය. අහස් ඉලංගසිංහ!
සුහදිනි
ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා බියක් නො දැනෙන අපූර්ව දවස් පසු කිරීම ඇයට සහනයකි. "ඔයා එක්සෑම් ලියන වෙලාවේ මට මැච් එකක්." අහස් තීරණාත්මක මොහොතක...
සුහදිනි
සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට ඔහු අවදිවන්නට ද පෙර ඔහු වෙත යන්නට සකීට සිතුණේ මධ්‍යම රාත්‍රියේ දී ය. "මං මේ හැම එකටම හා කියන හින්දා හොඳයි ඉතින්."
සුහදිනි
ලෝක කුසලාන තරග ඇරඹෙන්නට ඉතිරිව තිබුණේ අතක ඇඟිලිවලින් ගැනිය හැකි තරමේ කෙටි දින ගණනකි.සකී ඇගේ විභාග කටයුතු සඳහා වෙහෙසෙමින් සිටියා ය.ඇයට පළමු තරග දෙකතුනක් මඟ හැරේ.ඉන්පසු ක්‍රීඩාංගනයට වී ඔහුගේ දක්ෂතා සියැසින් දැක ගන්නට සකී අදහස් කරන්නී ය. "එක අතකට දෙන්නම මාරෙට බිසී වෙන එක...
සුහදිනි
"මං මෙතනට ඇවිල්ලා දුවෙක්ව ඉල්ලපු තරම කියන්න බැරි වාර ගාණක්." බෝධි පූජාව වෙනුවෙන් සැරසෙන අතර ඉලංගසිංහ මහත්මිය සකීට පැවසුවේ ආදරයෙනි.ඇය ඒ කියන්නේ අහස්ගේ සහකාරිය ගැනදැයි සකීට තෝරා ගන්නට නොහැකි විය. "තාත්තට නම් බිස්නස් වලටයි අරකටයි මේකටයි පුතෙකුට ආස හිතුණා.ඒ කාලේ තාත්තා...
සුහදිනි
"මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ අම්මා සකීව ද ඇගේ බෝධි පූජා වෙනුවෙන් සහභාගි කරගන්නට තීරණය කර තිබුණා ය. "ඔයා එන්න ඕන නෑ.ඔයා ගිහිල්ලා ප්‍රැක්‍ටිස් කරන්න."
සුහදිනි
සාරණ්‍යා උත්කර්ෂවත් විවාහ මංගෝත්සවයක් පවත්වා විවාහ වූවා ය.ඇය සතුටිනි.ඇයට අවශ්‍ය ලෝකය දිනා ගත් සතුට ඇගේ දෑස් මත පෙනෙන්නට තිබිණ. "ගැළපෙන ලෝකයක් ලැබුණම ඕනෑ කෙනෙක් සතුටින් ඉන්නව." අහස් එසේ පැවසුවේ නිහඬ ප්‍රීතියකින් බව සකී වටහා ගත්තා ය.ඔහු අත් හැරී ගිය දෑතක් සුරක්ෂිත...
සුහදිනි
සකී හදිසියේ ම අහස්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයකින් මතු වීම ඇය දන්නා හඳුනන සෑම කෙනෙකුටම මහත් පුදුමයක් ඇති කර තිබිණ.ඒ ප්‍රේමය ගැන සැබෑවටම දැන සිටියේ නිම්නා සහ සියුම් ය. රන්මිණි පවා පැවසූ දෙයට වැඩි දෙයක් නොදනී.නමුත් දැන් කිසිවෙකුට එය රහසක් වූයේ නැත. "මොකක්ද අර වෙලා...
සුහදිනි
සකී මුහුදුබඩ අවන්හල වෙත ඇවිද ආවේ පුදුමයෙනි.රෑ අන්ධකාරය ගලා එමින් තිබේ.අහස් අතිශය කාර්යබහුල මේ දිනවල ඔහුට ඈ වෙනුවෙන් මිනිත්තු කිහිපයක් හෝ වෙන් කරන්නට හැකි වීම ම ඈට ගෙනාවේ සැනසීමකි.ඈත දුරු රට වෙසෙන ප්‍රේමවන්තයන්ට පවා පෙම්වතිය වෙනුවෙන් දෙන්නට කාලය තිබුණ ද අහස් ඔහුගේ දවසට පැය විසි හතරක් මදි...
සුහදිනි
"ඇයි අම්මා?" අහස් ඇසුවේ පුදුමයෙනි.සමහර වෙලාවට ජොතිශ්‍යවේදී  ජීවිත උස්සා පොළොවේ ගසනා තැන් වේ.මේ එවැනි මොහොතක් නම් එයට මුහුණ දෙන ආකාරය ගැන අහස්ට වූයේ කැළඹීමකි. "ඔය දේවල් ඕනවට වඩා විශ්වාස කරාට අම්මේ.." අහස් එසේ කියද්දී අම්මා අත ඔසවා ඔහු...