Tag: සුහදිනි

සුහදිනි
සකී හදිසියේ ම අහස්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයකින් මතු වීම ඇය දන්නා හඳුනන සෑම කෙනෙකුටම මහත් පුදුමයක් ඇති කර තිබිණ.ඒ ප්‍රේමය ගැන සැබෑවටම දැන සිටියේ නිම්නා සහ සියුම් ය. රන්මිණි පවා පැවසූ දෙයට වැඩි දෙයක් නොදනී.නමුත් දැන් කිසිවෙකුට එය රහසක් වූයේ නැත. "මොකක්ද අර වෙලා තියෙන්නේ?" සමහරුන්ට නිම්නාගෙන් එසේ නාසා සිටින්නට නොහැකි...
සුහදිනි
සකී මුහුදුබඩ අවන්හල වෙත ඇවිද ආවේ පුදුමයෙනි.රෑ අන්ධකාරය ගලා එමින් තිබේ.අහස් අතිශය කාර්යබහුල මේ දිනවල ඔහුට ඈ වෙනුවෙන් මිනිත්තු කිහිපයක් හෝ වෙන් කරන්නට හැකි වීම ම ඈට ගෙනාවේ සැනසීමකි.ඈත දුරු රට වෙසෙන ප්‍රේමවන්තයන්ට පවා පෙම්වතිය වෙනුවෙන් දෙන්නට කාලය තිබුණ ද අහස් ඔහුගේ දවසට පැය විසි හතරක් මදි වී පසු...
සුහදිනි
"ඇයි අම්මා?" අහස් ඇසුවේ පුදුමයෙනි.සමහර වෙලාවට ජොතිශ්‍යවේදී  ජීවිත උස්සා පොළොවේ ගසනා තැන් වේ.මේ එවැනි මොහොතක් නම් එයට මුහුණ දෙන ආකාරය ගැන අහස්ට වූයේ කැළඹීමකි. "ඔය දේවල් ඕනවට වඩා විශ්වාස කරාට අම්මේ.." අහස් එසේ කියද්දී අම්මා අත ඔසවා ඔහු වැළැක්වූවා ය.ඇයට කියන්නට කතාවක් තිබේ.අහස්ට පසුව කතා කළ හැකි ය. "මේවා විශ්වාස නොකර ඉන්න අමාරුයිනෙ...
සුහදිනි
"කේන්දර ගැළපුණත් නැතත් මට තියනව අම්මගෙන් ප්‍රශ්නයක් අහන්න." සකී අම්මාගෙන් ඇසුවේ අසන්නට ඕනෑම වූ ප්‍රශ්නය ය.ඇයට ඒ පැනය නාසා හිඳීම අපහසු විය. "අම්මා අහස්ට ඇත්තටම කැමතිද?" අම්මා අහස් ගැන දැනගත් මොහොතේ කම්පනයට සහ කෝපයට පත් වූ ආකාරය සකීට අමතක කරන්නට නොහැකි සිදුවීමකි.අහස්ට තාත්තා අනුමැතිය දුන් හන්දා අම්මා ඔහු අනුව යන්නට ඇතැයි සිතීම...
සුහදිනි
අහස්ගේ ලෝක කුසලාන තරග ඇරඹෙන්නට වැඩි දවසක් නොවේ. සකීට ද පැමිණෙමින් තිබුණේ අතිශය කාර්යබහුල කාලයකි.ඒ කාලය ඇරඹෙන්නට පෙර ඇයට ගෙදර යන්නට ඕනෑ විය. "මං ගිහින් දාලා එන්නං." අහස් වහා ඉදිරිපත් වූයේ ය.සකී ඔහුගේ අතකට සෙමින් පහරක් එල්ල කළා ය. "ඔයාට වැඩ නැද්ද ඇයි? මට යන්න පුලුවං තනියම.මොකද මං මෙච්චර කල් ගියේ තනියම...
සුහදිනි
එදින රැයේ සකී සිහිනයක් දුටුවා ය.ඇගේ සිහිනය නැවතත්! පුරුදු ආකාර සිහිනය කාලයකට පසු දකින බව තේරුම් ගිය ද ඇයට අවදි වීමට පහසු වූයේ නැත.සකී සිහිනයෙන් යථාර්ථය දකින්නට වූවා ය. වසර ගණනාවකට පෙර නොදන්නා තරුණයෙකු ගිලී ගිය වන ලැහැබ තවදුරටත් එතැන නැත.ඒ නොදන්නා රූපය වෙනුවෙන් සසැළුණු සකීගේ හදවත වඩාත් තදින් සසැලෙන්නට...
සුහදිනි
ප්‍රේමය ජීවිත වඩවඩාත් සුන්දර කරන්නට පටන් ගෙන තිබිණ.අහස් හිඳින්නේ අප්‍රමාණ සැනසීමකිනි.ඔහු ගැන පළ වූ බොහෝ කතාවල කෙළවර තිබුණේ අයහපත් සම්බන්ධතා ය.ඒ අයහපත් සම්බන්ධතා හන්දා නැතිව ගිය දෑ බොහෝ වුවත් අහස් කිසිවෙකුටත් නොකියූ කතාවක් තිබිණ. "මං සෑහෙන ප්‍රශ්න දාගත්තෙ ගෑනු ළමයි හින්දා කියන කතාව බොරුවකුත් නෙවෙයි.ඔයාලගෙ අම්මලා මං ගැන වැරදියට හිතපු...
සුහදිනි
නිල් සහ කහ පැහැති නිල ඇඳුමකින් දැක පුරුදු යෞවනයා කහ පැහැති කමිසයකින් සැරසී සිටිය ද සකීගේ තාත්තාට හඳුනා ගැනීම අපහසු වූයේ නැත.ඔහු එන බව සකී දැනුම් දී පැය කිහිපයකි.සකීගේ අම්මා කිසිවක්ම නොපවසා ඉන්නට පිළිණ දුන්න ද ඈ අතින් යෞවනයාගේ හිත රිදෙන යමක් කියවේදැයි මහසෙන් ට සැකයක් නොතිබුණාම නොවේ. "මේව ගැළපෙන...
සුහදිනි
අහස්ට තිබුණේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී දැනුණාටත් වඩා තිගැස්මකි.ඔහු අභියෝග හඹා යන්නෙකි.ජීවිතය අභියෝගයක් කරගත් තරුණයෙකි.නමුත් මේ අභියෝගය අන් සියල්ලටම වඩා වෙනස් එකකි. "මනමාලියක් බලන්න තනියම යන් නෑ දරුවො." අම්මා මේ ගමන අහස් තනිව යනවාට දැඩි විරුද්ධත්වයක් පළ කළා ය.නමුත් මේ යන්නේ මනමාලියක් බලන්නට නොවේ.එවැනි චාරිත්‍ර  ගැන ඕනෑවට වඩා සිතුවා...
සුහදිනි
"කුඩුකේඩුකමක් නැති ගෑනු ළමේකුට ඔහොම නෙවේ මොන වගේ කෙනෙක් ලැබුණත් සතුටින් ජීවත් වෙන්න පුලුවන්." ඉතා සෙමින් නිම්නා එසේ කියද්දී කළ යුත්තේ කුමක්දැයි රන්මිණිට අදහසක් නොවී ය.මේ දැනෙන්නේ ඊර්ෂ්‍යාව බව ඇය නොදන්නවාද නොවේ. "ඔයා එයාට ක්‍රෂ් කියල කොහෙන් හරි දැනගන්න ලැබෙන්න ඇති.ඒ හින්දා එයා ඒක මිස්‍ යූස් කරනව.සල්ලි පොඩ්ඩක් විසි කරලා තෑග්ගක්...