Tag: සුහදිනි

සුහදිනි
සකීගේ සතුටින් රතුව ගිය මුහුණ දෙස නිම්නා පුදුමාකාර ආදරයකින් බලා සිටියා ය.ඇය ජීවිතය තුළ විවිධ සිහින සැබෑ වීම ගැන පුදුමාකාර සතුටකිනි.ඇයගේ සතුට ට ඉඩ දී ඇයව අසා සිටි නිම්නා ඉන් අනතුරුව මාතෘකාවට පිවිසුණා ය. "ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නදීර සර් කියලා රන්මිණි හැමතැනම කිය කියා ගිහින්." මාස කිහිපයකට පෙර පැමිණි කඩවසම් ආචාර්යවරයා...
සුහදිනි
අහස්ගේ නිවස සුන්දර තැනක් වූයේ එහි ගෘහ නිර්මාණ ශිල්පියාගේ දක්ෂ කමට ද නැතිනම් අම්මාගේ ආදරය හන්දාදැයි සකීට කිරා නොමැන්නා ය.එය එතරමට සිත් පැහැර ගන්නා තැනකි. නිවසේ අත් උදව්කාරියට උදව් දෙන්නට ඉඩ හැර අහස්ගේ අම්මා ආහාර පිසින්නට ගත්තා ය.මේ වෙද්දීත් ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබේ.එවැනි දවසට පහසුවක් වන්නට අම්මාට මුළුතැන්ගෙයි ද...
සුහදිනි
"ඒ වුණාට සියුම් අයියා කිව්වනම් යන්නෙ කොහෙද කියලා මීට වඩා ලස්සනට අඳින්න තිබ්බනෙ" කහ පැහැති ගවොමකින් හැඩවී සිටි සකීව ඒ මේ අත හරවමින් හැඩ බලන අතර නිම්නා පැවසුවා ය. "ඔයත් දන්නෙ නැද්ද කොහෙද මාව එක්ක යන්නෙ කියලා." සකීට තවමත් නිම්නා ගැන විශ්වාසයක් නැත.නිම්නා හිස සලන්නේ සැබෑවටම වග ඇයට ඉන් අනතුරුව සිතිණ. "නෑ අනේ...
සුහදිනි
"ලංකාවේ තියන ලොකුම වෙඩින් එක ගන්නයි යන්නේ මේං." ඇය දුරකථන තිරය සකී දෙසට හැරවූවා ය.සකී ඒ ප්‍රවෘත්තිය කියවූවා ය. සාරණ්‍යා විවාහයට සැරසේ! ඇය ජනප්‍රිය නළුවෙකු වූ මලිත් සමඟ ඇගේ සිහින විවාහ මංගලෝත්සවයට සැරසෙන බවත් එහි ලියැවී තිබිණ.එය කියවද්දී සකීට දැනුණේ සැනසීමකි. "ආයේ එයාගෙන් ඔයාට කරදරයක් වෙන එකක් නෑ.මලිත් එක්ක හොඳින් ඉඳීනෙ." නිම්නා මිතුරිය සනසන්නට...
සුහදිනි
"තාත්තා අහස්ට කැමති වෙන්න ඇත්තෙ ඔයාගෙ සතුට ගැන හිතල." අම්මා එසේ කියද්දී සකී කළේ හිනැහීම ය.ඇයට අම්මා සමඟ ඕනෑවට වඩා තර්ක කරන්නට නුවුමනා විය.අම්මා හිඳින්නේ තරහින්දැයි බියෙන්දැයි තෝරා ගැනීම ඇය පසුවට කල් දැම්මා ය.තාත්තලා අහසක් ව දරා ගනිද්දී අම්මලා වර්ෂාවක් ව ඇද හැලෙන තැන් බොහෝ ය.ඒ හැම තැනෙකම ඇත්තේ ආදරය...
සුහදිනි
"තාත්තා ඉතුරු ටිකත් බලන්නකෝ.මට කියන්න කතාවක් තියෙනවා." තරගය තව වැඩි වේලාවක් පවත්වාගෙන යන්නට අහස් හන්දා ඉඩ නොලැබෙන බව සකි තේරුම් ගත්තා ය.ඔහු පුදුමාකාර ආධිපත්‍යය ක්‍රීඩා පිටිය පුරාම පතුරවමින් සිටී.කිසිම දෙයක් කරන්නට නොහැකිව ඉංග්‍රීසි කතා කරන්නට නොහැකි නොහැකි ක්‍රීඩකයන්ගේ නියෝජිතයා වීම සඳහා ද ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය කණ්ඩායමට ලබා ගැනීම සඳහා ද...
සුහදිනි
"තාත්තගෙ ඔපරේෂන් එක මොනතරම් හොඳට කෙරුණත් අවුරුදු හය හතකින් ආයේ අසනීප වෙන්න පුලුවන් කියනවනෙ පුතේ." සකී අම්මාව ඉවසීමෙන් අසා සිටියා ය.ඇය ඒ කාරණාව දැන ගත්තේ තාත්තාගේ සැත්කම නිමා වූ දිනයේම ය.අහස් තාත්තා වෙනුවෙන් දුන් වටිනාකම හන්දා තව අවුරුදු හත අටකටවත් තාත්තා සුරක්ෂිත වීම ඈ දරා ගන්නට ඉටා ගත්තා ය.නමුත් අම්මාට...
සුහදිනි
ඇසිපිය සලන මානයේ රැඳෙන ප්‍රේමය ද අත පොවන දුර රැඳෙන ප්‍රේමය ද හිමිකාරියන් මොනතරමට වාසනාවන්තදැයි සකීට හැඟෙන කාලයක් නැවත එළඹෙමින් තිබිණ.අහස් සංචාරය වෙනුවෙන් පිටව ගියේ ය.ඔහු පිටව යන මොහොතට ඇය රැගෙන යන්නට සියුම් ඉදිරිපත් විය. "එපා අයියෙ,ෆොටෝ එකක් අරගෙන කොහෙ හරි දැම්මම අහස්ගෙ මේ ටුවර් එකත් ඉවරයි." සකී මොනතරමට පරිණතව සිටියාදැයි...
සුහදිනි
සකී දුරකථනය අතට ගත්තේ අහස් අවදියෙන්දැයි බලන්නට ය.නැත! ඔහු අවදියෙන් වගක් පෙනෙන්නට නොවේ.ඇය මඳ වෙලාවක් කල්පනා කළා ය.මිතුලි අවදියෙන් බව ඇය දුටුවේ ඒ මොහොතේ ය.මිතුලි සමහර කාරණා ගැන සිතන පුළුල් ස්වභාවය ගැන ඇයට තිබුණේ හොඳ හැඟීමකි.කතාබහ ඇරඹිණ.කතා කිරීම වෙනුවට මිතුලි අසා සිටියා ය. "ඔයාල ඉන්නේ ට්වින් ෆ්ලේම් එකක." බොහෝ දේ අසා...
සුහදිනි
සකී නින්දට වැටුණේ අහස් ගැන සිතමිනි.ඇය ගැන සිතන්නට තිබූ වෙලාව ඔහු වෙනුවෙන් වැය වෙමින් පවතින බව ඇය දනියි.නමුත් ප්‍රේමය ඉවසිලිවන්ත බවත් කැප කිරීම් කරමින් ඉදිරියට යා යුතු බවත් දැන් ඇය අවබෝධ කරගෙන සිටියි. "අපි දෙන්නගෙ අතර ඉස්සරහටත් ප්‍රශ්න ඇති වෙයි." අහස් එසේ පැවසූ අන්දම ඇය සිහි කළා ය.නින්දට වැටෙන තුරු ඔහු...