Tag: සුහදිනි

සුහදිනි
සකී නින්දට වැටුණේ බියෙනි,සැකයෙනි.සංග්‍රාමයක් ඇරඹී තිබේ.ඒ සටන අහස්ට දිනුම දෙන සටනක් ද නැතිනම් ඔහුව මානසිකව ඇද වට්ටවන සටනක්දැයි ඇයට තිබුණේ බියකි.ඇය කලබලයෙන් කල්පනාවට වැටුණේ නින්ද අහකටම විසි කර දමමිනි. "උඹලට වැඩ නැද්ද බං.එකියක් එකොළහ වෙනකොට නිදාගන්න ලෑස්තිය.අනිත් එකී ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙනවා.එක්සෑම් කිට්ටු වෙනකොට ස්ට්‍රෙස් වෙලා පිස්සු නටන්...
සුහදිනි
"අපි දෙන්නගෙ කතාව කාටත් වඩා දන්නෙ අපි දෙන්නා" ජීවිතය එක්ව ඉදිරියට යාම ගැන සකී ළතැවුලෙන් දේ කියද්දී අහස් පැවසුවේ සිහින් හඬිනි.අඩුම තරමට කොහේ හෝ අවන්හලකට වී කතාබහ කරන්නටවත් ඉඩක් නොවීම ගැන ඇයට සියුම් නොරිස්සුමක් නොදැනෙනවා නොවේ.ඔහු සමඟ ගන්නා ඡායාරූප බොහෝ වේ.ඒවා එකක්වත් සමාජ මාධ්‍යයට එක් කරන්නට ඈට ඉඩ නොලැබේ.අඩුම තරමේ...
සුහදිනි
"මං අහන්න හිටියේ පුතේ..කලබල අස්සෙ එහෙම අහන්න මට වෙලාවක් නැති වුණා." එක්තරා හවස් වරුවක සකීගේ අම්මා එසේ ඇසුවේ ඇය බොහෝ දිනකට පසු නිවසට ගොස් සිටිය දී ය.අම්මා ඇගෙන් බරපතල ප්‍රශ්න අසා නැත.සකීගේ ජීවිතය එක් රිද්මයකට ගලා ආ අතර තාත්තාගේ අසනීප තත්ත්වය නොවන්නට අම්මා සහ ඇය අතර ගැටුම් ඇති නොවුණු තරම්...

සුහදිනි – 46

0
සුහදිනි
"මම කවදාවත්ම හිතුවේ නෑ මේ වගේ ඔප්පු කරන්නත් බැරි දේකට ඔයා මාව දාලා යයි කියලා." අහස්ගේ හඬෙහි චෝදනාවක් නොවේ.නමුත් ළතැවිල්ල පිරී තිබේ දැයි සකී සිතුවා ය.ඔහු සමග එකම ගමනක් යන්නට තීරණය කළ දවසේ අනන්ත බාධා සහ දුක් කම්කටොලු දරා ගන්නට ඇය පිළිණ දුන්නා ය.ඇගේ අතිශය අසීරු දවස් කිහිපයක් ඇය පහසුවෙන්...
සුහදිනි
"සමාව ගත්තට කිසිම විදියකින් විසඳෙන් නැති දේවල් තියනව හලෝ." සාරණ්‍යා සමාව ඉල්ලද්දී සියුම් කෝපයෙන් මුර ගාන්නට විය.තම ප්‍රාණ සම සොයුරා ද මිතුරා ද වූ තරුණයා ජීවිත කාලය තුළ කරගත් විශාලම වරද මේ කමකට නැති තරුණිය ජීවිතය ඈඳා ගැනීම බව ඔහු දනියි.එය ඉතිරි කළ පැල්ලම් මකා දැමීම පහසු නොවේ. "දැන් අහස් ෆේල්...
සුහදිනි
"මම මේවා ඇස් දෙකට දැකලා නෑ.ඒත් මට නිම්නා කියපු දේකින් මම මේ කියන්නෙ.ඔයා අහස්ට අයිති නැති කාලේ,අහස් සාරණ්‍යාට අයිති කාලෙත් ඔයා මීට වඩා එයාව විශ්වාස කළේ නැද්ද?" සියුම් අසන්නේ ඔහුට සැබෑවටම දැනුණු හැඟීම ය.අන්තර්ජාලයේ තටු සලා පියාඹන මිතුලි-අහස් ප්‍රේම කතාව හන්දා සකී අහස්ව දුරකථන සහ සමාජ ජාලා ඔස්සේ අවහිර කර...
සුහදිනි
"එච්චරටම බරපතල චෝදනාවක්?" නිම්නා සකීගෙන් ඇසුවේ පුදුමයෙනි.විය හැකි නරකම දෙය අනුමාන කර අහස් මිතුලි සමඟ සබඳතාවයක් ඇතැයි සිතුවත් විය හැක්කේ අහස් මිතුලිව පාවිච්චි කිරීම මිස සකීව පාවිච්චි කිරීම නොවේ.සකී මධ්‍යම පාන්තික දැරියකි.සැබෑවටම ආදරයක් ඇති වීම ඇයව පාවිච්චි කිරීමක් වීමට ඉඩ අල්ප ය. "හේතුවක් ඇතුව මම කියන්නේ." සකී ඉකි ගසන අන්දම දරන්නට අපහසු...
සුහදිනි
"මොකක් ගැනද ඔයා කියන්නේ?" නිම්නා එසේ ඇසුවේ ඕපාදූපයක් අසන බව මවා පාමිනි.සකීගේ හදවත ගැහෙන හඬ ඇසෙන තරම් වෙද්දී ඒ ඕපාදූපයක්ම පමණක් වන්නට නිම්නා ප්‍රාර්ථනා කළා ය. "අහස්ට හිරිකඩුව ඇමතිගෙ පොඩි දුව එක්ක සම්බන්දයක් තියනවයි කියන්නෙ.මෑන් මේ දවස්වල ඩේට් කරන්නේ එයා එක්ක කියල මේ ගොසිප් සයිට්වල තියෙන්නේ." පොළොව ඇතුළට කිඳා බසින්නාක් සේ හැඟීමකින්...
සුහදිනි
"කවදාහරි අපි වෙන් වුණොත් මම මේවට ගෙවන්නෙ කොහොමද?" සකීගේ විසල් වූ දෑස අහස්ට ගෙනෙන්නේ සිනාවකි.ඔහු ඇගේ කෙහෙරැලි අවුල් කර දමන්නේ ඉතා සැහැල්ලුවෙනි. "අපි වෙන් වෙන්නේ නෑනේ.අනිත් එක ඔය දේවල් කරේ තාත්තා කෙනෙකුට.තාත්තා කෙනෙකුගේ ජීවිතයක් දරුවෙක් වෙනුවෙන් ආරක්ෂා කරලා දෙන එක පිනක්.එච්චරයි." සමහර සුළු අත් වැරදීම් කරන කණ්ඩායම් සගයන්ට අතපය විසි කරමින් පිටියේදී...
සුහදිනි
"අනේ තාත්තට අමාරුයි වගේ" ඇය සිටියේ නිම්නාගේ අත තදින් අල්ලාගෙන ය.අහස් හෙමින් සීරුවේ ඇගේ හිස මෘදුව පිරි මැද්දේ ය.මෙතැන ඕනෑවට වඩා ඇඟෑලුම් පෑම අසීරු ය.නමුත් සකීව දරා ගන්නටම උවමනා මොහොත මේ බව අහස් හොඳින් දනියි. "ඔය පොඩ්ඩක්වත් ලේසි වැඩක් නෙවේනෙ.අපි ඒක දන්නවනෙ නේද? ඒත් තාත්තට සනීප වෙයි කියලා අපි විශ්වාස කරනවනෙ" අහස්ගේ...