Tag: පෙඟුණු මල් පෙති

පෙඟුණු මල්පෙති
මම ලොකේශන් එක දාලා තියෙන්නේ,නුවරට යන්න තියෙන්නේ” කියමින් චරිත්‍රා පික් මී යෙදවුම ඔස්සේ ඇනවුම් කරගත් කුලී රියට නැග්ගේ තමා නුවර යන බවට මිහිකට පණිවිඩයක් තබා ලහිරුට දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. චරිත්‍රා උන්නේ දරාගත නොහැකි කම්පනයකි. තමා ඇයගේ පුතුව තම ජීවිතයෙන් මුදා හරින්නට යන බව පවසන්නට සිතා ගත් මොහොතේම එය වළක්වනු පිණිස මෙන්...
පෙඟුණු මල්පෙති
චරිත්‍රාට අනුව තමන් ජීවිතයේ සියලුම දේ උපයාගත්තේ මහන්සි වීය. ඉතින් ඇයට අනුව ළහිරු සමග ආදරයෙන් බැඳීමේ කිසිදු වරදක් නැත. කාලය වේවා සමාජය වේවා කවුරුන් මේ ආදරයට බාධා පැමිණුවද ඒ සියල්ල බිඳ දමමින් ඉදිරියට යන්නට චරිත්‍රා සූදානම් ය. ළහිරු යනු අතැර ගත හැකි පුද්ගලයකු නොවේ. අනෙක් අතට තමන්ට නොපෙනෙන ඈත රටක හිඳගෙන මිහික කුමනාකාරයේ...
පෙඟුණු මල්පෙති
මිහික නින්දෙන් අවදි වූයේ තිගැස්සීය. රැයේ සිහින දැකීම මිහිකට ඉතා හුරුපුරුදු දෙයකි. මතක ඇති කාලයේ පටන් සිහින් නොදැක්ක නින්දක් ගැන මතකයක් මිහිකට නැත. සැමදාම නින්දේදී අමුතු ආකාරයේ හීන දකින මිහිකට ඒ සිහින සියල්ලම උදෑසනදීත් ඉතාම හොඳින් මතක තිබේ. ඇතැම් සිහින සැබෑ ජීවිතයේදී විය හැකි දේවල් දැයි සිතෙන තරමටමට අරුම පුදුම සහහත...
පෙඟුණු මල්පෙති
හිමිවෙද්දී හිමිවන්නටත්, අහිමිවෙද්දී අහිමිවන්නටත් ජීවිතය සෑදී ඇති බව තේරුම් ගන්නට මිහිකට දැන් හැකිය. කොයි මොහොතේ කෙසේ නින්දට ගියා දැයි නොදත් මිහික උදෑසන ඇහැරුණේ පෙරදා රැයටත් වඩා විඩාබර සිතකිනි. ගතකිනි. රාත්‍රියේ හඬා වැටීම නිසා ඉදිමුණ නෙත් සහිතවම ඇඳ මත වැටී තවත් මද වේලාවක් මිහික සිටියේ දුරකතනය ගෙන අසනීප නිසා අද රාජකාරියට පැමිණිය...
පෙඟුණු මල්පෙති
“සමහරුන්ට අනුව ආදරේ කියන්නෙ අරක්කුයි, බයිට් එකයි වගේ. අරක්කු විතරයි නම් තියෙන්නෙ බීලා නිකා ඉන්නවා.බයිට් එක විතරයිනම් තිබ්බෙ කාලා නිකා ඉන්නවා. දෙකම තියෙනම් කාලා බීලා නිකා ඉන්නවා.  ඒත් මන් කැමතියි මගේ ආදරේ සිගරට් එකයි ගින්දරයි වගේ වෙනවට. පත්තු කරන්න බැරුව කොහොමද සිගරට් එකේ නියම ත්‍රිල් එක භුක්ති විඳින්නෙ? ඒ වගේම...
පෙඟුණු මල්පෙති
මෙතරම්ම වේදනාවක් සිතට දරාගත හැකිද යන්න මිහිකට සිතා ගන්නට නොහැක. දෙවියනේ චරිත්‍රා.... කොහේ හෝ ඉහල මාලයක පිහිටි අවන්හලක චරිත්‍රා ඉදිරියේ මුදුවක් සහිත ආභරණ පෙට්ටියක් දිගු කරගෙන හිඳින්නේ කඩවසම් තරුණයෙකි. ඒ තරුණයා තමා හොඳින් දන්නා අයෙකු බව ඈතින් හිඳ ගන්නා ලද ජායාරුපයෙන් වුව අඳුනාගන්නට මිහිකට අපහසු නොවුණි. “මේ අර ෆේස්බුක් එකේ තිබුන ෆොටෝ...
පෙඟුණු මල්පෙති
“ඔයාට නින්ද ගිය වෙලේ දෙයක් කියන්න ඕන වුනා. ඔයා තමයි මට මගේ ජීවිතේ ලැබුන වටිනාම ධනය. උපරිම සතුට සහ සැනසීම. ආදරේ කියන්නෙ නිදහස එක්ක බැඳුණු හැඟීමක් කියල මට කියල දුන්නෙ ඔයා. මේ දේවල් කියන්න අපි එකට ගත කරපු කාලය මදි වෙන්න පුලුවන් ඒත් ඒ පොඩි කාලය ඇතුලෙත් අපි නොසෑහෙන්න එකිනෙකාට ලං...
පෙඟුණු මල්පෙති
"අද මේ ප්‍රමෝශන් එකකුත් ලැබිල සන්තෝසෙන් ඉන්න ඕන දවසෙ මොකෝ මේ මූන එල්ලගෙන? අතට ඇඟිල්ලකින් අනිමින් ප්‍රශ්න අසන්නේ කවිනි ය. වෙනදාක නම් වාර්ශික සේවා තක්සේරු කිරීම සඳහා කෙටෙනු ලබන මීටිමේදී වැඩි ලකුණු ලැබූ මොහොතක කවිනිව බදාගනිමින් උඩ පනිමින් මහ හඬින් සිනහවන චරිත්‍රා කෙනෙකු දැකිය හැකි බැවින් කවිනි මෙසේ අද ප්‍රශ්න කිරිම...
පෙඟුණු මල්පෙති
චරිත්‍රා උන්නෙ දැවෙමිනි. උදෑසන වැඩට යන්නට සූදානම් වන මොහොතේදීත් ඇය උන්නේ දැවෙමිනි. මුහුණෙහි ආලේපන තවරාගන්නා අතරවාරයේත් ඇය උන්නේ දැවෙමිනි. අද ඉතාම වැදගත් දවසකි.  වසරකට වරක් පැමිනෙන සේවය තක්සේරු කීරීමේ හමුව පවැත්වෙන්නේ අදයි. මේ සඳහා ආයතනයේ ඉහළම පුටු දරන්නන් පවා පැමිනෙන බැවින් ඉතාම සුන්දර එනමුත් කාර්‍යාලීය ලෙස හඳ පැලඳගෙන යෑම අනිවාර්‍ය බව චරිත්‍රා නොදන්නවා...
පෙඟුණු මල්පෙති
"ආදරය නිසා හර්දේ බැඳෙනා අපරාදෙ ජීවිත හානි වේ අපරාදෙ ජීවිත හානි වේ" බෝඩිම් කාමරයේ සඳලුතලයේ සිට රාත්‍රී අහස දෙස බලා හිඳින අතරේ පහල නිවසකින් ඇසුණු රුක්මණී දේවියගේ ගීතය කෙතරම් ඇත්ත දැයි චරිත්‍රාට සිතුණේ මිහික සමග වූ උණුසුම් සංවාදය අතරතුර කෝපයෙන් දුරකතනය විසන්දි කර සඳලුතලයට වී කෝපය වටපිටාවට මුදාහලමින් සිටින් අතරතුරය. "මම දාපු පෝස්ට්...