Tag: Emotional Stories

අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?" හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය. "අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා.." අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ. "අම්මේ.. මට අහසට...
පූජා ඉන්දියාවේ කුඩා නගරයක "Milk centre" එකක් පවත්වාගෙන ගිය තරුණියක්.ලෝකය පුරා පැතිර යන කොවිඩ් වසංගතයේ අතුරු බලපෑමක් වන ආර්ථික ගැටළු ඇයට ද බලපාමින් තිබුණා. නමුත් ඇය ධෛර්යමත් ලෙස එයට මුහුණ දෙමින් සිටියා. පූජා පුවත්පත් දකින්නේ ඒ අතර."කොරෝනා වසංගතය බොහෝ දෙනෙකුට රැකියා අහිමි කරලා" එහි ඇත්තේ එවැනි කතාවක්.හදිසියේ පහළ වන සිතුවිල්ලක්...
මේ නිවසේ බොහෝ කාර්යයන් ඉටු වන්නේ මා අතිනි. ගෘහ සේවිකාවක ලෙස වැඩ ඇරඹු දිනයේ පටන් මම මගේ කටයුතු පිළිවෙලකට සහ ඉක්මනින් කරන්නට අමතක නොකළෙමි. එනිසා මගේ ස්වාමි දුව මා කෙරෙහි වූයේ අප්‍රමාණ පැහැදීමකි. සියල්ල වෙනස් වූයේ මා ගර්භනී වූ බව ඈ දැන ගත් පසු ය. අද මුළුතැන්ගෙයි ඉඳුල් බඳුන් කිසිවක් දක්නට...
අපේ අසල්වැසි නිවසට පදිංචිය පිණිස පවුලක් පැමිණ තිබිණි. ගමේ මුල් වැසියන් වූ අපට අසල්වැසි නිවසට "වෙනත් පළාතක පිරිසක්" පැමිණීම ගැන තිබුණේ අකමැත්තකි. "කොහෙන් එන මිනිස්සුද දන් නෑ." මගේ අම්මා අකමැත්තෙන් පැවසුවා ය. "මේ වගේ පිටිසර පළාතකට එන්නේ හැංගිලා ඉන්න කැමති මිනිස්සු" ඇගේ යෝජනාවට මට එකතු කරන්නට දේවල් විය. පියා සහ දියණිය සමඟ පැමිණ ඇත්තේ...
මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම නැත. මගේ මිතුරන්ගේ තාත්තලා සමඟ ඔහු සැසඳීම පවා මට වේදනාවකි. මාසිකව ඔහු මට පොකට් මනි ලබා දුන්නේ ය. නමුත් ඒවාගෙන් කොටසක් මම ඒ මාසයේ ඉතිරි කිරීම්...
අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා. "අමිත් කරුණාකරලා හතට කලින් එන්න පුලුවන් ද?" ඔහු ඒ ඉල්ලීම ඉතා කාරුණිකව පිළි ගන්නවා. මාර්ගය ඉතා දුෂ්කර එකක්. දුර්ග සහිත මාවතේ පාලම් මතින් සීතල දරාගනිමින් අමිත් සහ ඔහුගේ ආයතනයේ රියදුරා ඒ රූපවාහිනි අලුත්වැඩියාව වෙනුවෙන් ගමනේ යෙදෙනවා. ප්‍රධාන මාර්ගයට ගසක් කඩා...
ඒ හදිසි කාර්‍යාල හෝරාවන් අතර ඉසිඹුවක් ලද මොහොත විය.කොපමණ වැඩ රාජකාරි අතර මා ගිලී සිටිය ද ඒ සිඟිති මුහුණ මා එනතුරු මඟ බලා සිටියි. පියා අහිමි ඇය පතන්නේ මගේ ආදරය ය.රැකවරණය ය. මා ඇය කැටිව එන්නට දිනපතා පාසලට යන්නේ එනිසාම ය. ප්ලෝයි, මගේ දියණිය අද මවෙත දිව ආවේ විශාල කාඩ්බෝඩ්...
නවීන විලාසිතා කරන,නව පන්නයට ජිවත්වන,දරුවන් අන්තර්ජාතික පාසැල් වලට මෙන්ම ඉංග්‍රීසි කතාකර වීමේ තරගයෙන් පෙළෙන බොහෝ අම්මාවරුන් දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා ඉදිරියේ අතිශය ගෝත්‍රිකව හැසිරෙන අයුරු මා අනන්තවත් දැක ඇත.“ආදරයේ උල්පත වූ අම්මා” ගීතය සිය මව වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් සොදුරු ගේය පද රචකයා අතින් ලියවීම පුදුමයක් නොවන බව මට පසක්...