Tag: Mini stories
"මේ ෆොටෝ එක හරියට අරන් නෑ සමීර.අනේ ආයේ ගන්නවද?"
මල්ෂා සමීරගෙන් ඇහුවේ ආදරෙන්.විනෝද චාරිකාව අතරමැද ලස්සනම තැනක හැමෝම ඡායාරූප ගන්නේ පුදුමාකාර ආසාවකින්.ඒත් සමීර අරන් දෙන එකම එක ෆොටෝ එකක්වත් පිළිවෙලකට නැති වීම නිසා මල්ෂාට දැනුණේ දුකක්.
"මං හරියට අරන් නෑ නෙවෙයි.තමුසෙ කැතයි.ඒකයි අවුල.."
සමීර පුලුවන් තරම් නපුරු හඬින් එහෙම කිව්වේ මල්ෂාව අසරණ...
ප්‍රියා කාර්යාලයට ඇතුළු වෙනකොට ,ඒ වෙනකොටත් කාර්යාලයට ඇවිල්ල හිටපු පූජා ඇය දිහා බැලුවේ අමුතුවට
" ඔයා එන්න එන්නම මහත් වෙනවා ප්‍රියා.නරකද එක්සයිස් ටිකක්වත් කළොත් ? "
කාර්යාලයට පය තියනකොටම මිතුරිය අහපු දෙයින් ප්‍රියාගේ හිත රිදුනත් ඇගේ පිළිතුර වුණේ මද හිනාවක් විතරයි
" ප්‍රියාට හෝමෝන් ප්‍රශ්නයක් තියෙනවා.ඒකයි ඔය හැටි මහත් වෙන්නෙ.ඒ නිසා ඒ...
"මොකක්ද පුතා…මේ ජයනි කරන වැඩ වල තේරුම…? ලැජ්ජා නැද්ද…?"
"ඇයි අම්මේ….?"
"බත් බැද බැද කඩවල් වලට ගිහින් දාන්න යනඑක…ඔයාට තේරෙන්නේ නැද්ද…?ඔයා මේ වටේ ඉන්න මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහොමද…?.ජයනිත් හර්ෂත් විවාහ වුණේ අවුරුදු හතරක ආදර සම්බන්ධයකින්. පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරන හර්ෂගේ මව මේ සම්බන්ධයට මුලදීනම් කැමති වුණේ නැහැ. තමන්ගේ පවුලට වඩා...
ටීනා එක දිගට නාද වන දුරකථනය ක්‍රියා විරහිත කරලම දැම්ම.ඇගේ මුහුණේ තිබුණේ කෝපය මුසු වුණු නොරිස්සුම් සහගත පෙනුමක්.
" මොකද ටීනා තරහෙන් වගේ ? "
කාර්යාලයේ වැඩ නොකර ටීනා ඉන්නේ වෙනමම කල්පනාවක බව දැනුන නිසා අංජලී එහෙම ඇහුවේ කුතුහලයෙන්
" මේ අරෝශා කෝල් කරනවා අනේ උදේ ඉඳන්. අර මගෙ යාලුවා "
ටීනා කතා...
මධූකා මහන්සියටම ඇඳේ ඇලවුණා. දවස් පුරාම අමිත් සමඟ ඇඳුම් මිලදී ගැනීමට ටවුම පුරා ඇවිදපු මධූකාගේ හිතේ මහන්සියටත් වඩා තිබුණේ මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක්.ඉතා වටිනා මංගල සාරියක් අතට ගෙන අමිත් කිව් කතාව ඇයගේ හිතට තවත් වේදනාවක් ගෙනාවා.
"ඔයාට මේ වගේ සාරියක් අන්දවල ගමට එක්ක යන්නයි මම හිතුවේ…ඒත් මොනවා කරන්නද…?"
දිඟ හුස්මක් හෙලූ අමිත්...
වරුණි උදේ ඇහැරුනේ කිරිබත් සුවඳ නාස් පුඩු වලට දැනෙන කොට.පුංචි කාලේ ඉඳලම කිරිබත් කන්න ආස කරපු වරුණි සමහර දවස්වල රෑ කෑමටත් අම්මගෙන් කිරිබත් ඉල්ලුවා.උසස් පෙළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිටපු වරුණි මේ ගෙවෙන දවස් වලට ආස කලේ වෙනදට වඩා වැඩි කාලයක් ගෙදර ඉන්න ලැබෙන නිසා
" අද තාත්තාගේ උපන්දිනේ පුතේ "
කුස්සියට...
"දුලානි,අනේ මේ ලොකර් එක ඇරලා දෙනවද?"
නිශාදි මට කතා කළේ බැගෑපත් හඬකින්.එකට රාජකාරි කරනකොට ලාච්චුවක් ඇරලා දීම වගේ දේවල් ඉතාම සාමාන්‍ය උදව් නිසා මං එයා ළඟට ගියේ ඉක්මනින්.නිශාදිගේ අත ඉදිමිලා නිසා ලාච්චුව ඇරගන්න බැරිබව මම දැක්කේ අන්න ඒ මොහොතේ.
"මොකද ළමයෝ අතට වුණේ?"
මං එහෙම අහනකොට නිශාදිගේ මුහුණේ ඇඳුණේ වේදනාත්මක හිනාවක්.එයා සාරිපොට...
''ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේමසිත මට කියූ රහසක් කියමි පිය ළඳේ ........""
අනිල් අංකල් මහ හයියෙන් සිංදුවක් කියාගෙනම පාරේ යනවා.ඔය සිංදු ඇහෙන්නෙ හීනියට අඩියක් දාගත්තු දවසට කියලා මුළු ගමම දන්නවා.ඒ විතරක් නෙවෙයි ,බොහොම සංවේදී සිංදු වැඩිපුර ඇහෙන්නේ අපේ ගේ ඉස්සරහ පල්ලම බහිද්දි බව මට කීප වතාවක්ම නෝට් වෙලා තිබ්බා .ඒ...
සන්ධ්‍යා අල්මාරිය ඇරලා කාර්යාලයට ඇඳගෙන යන්න ඇඳුමක් තේරුවා.ඉස්සර වගේ ලස්සනට අඳින්න පලඳින්න හිත දුන්නේ නැතත් සන්ධ්‍යා තමන් ආසම ඇඳුම අතට ගත්තා
" සන්ධ්‍යා රුපියල් දාහක් තියෙනවද ? "
වසන්ත කාමරයට එබුණේ එහෙම අහගෙන
" රු.500 යි තියෙන්නේ, ඒකත් බස් එකේ යන්න විතරක් ඇති මට "
" අද පඩි නේද ? "
" අද නෙමෙයි...
රංගන කෑම මේසෙට ඇවිත් වාඩි උනේ කෑම මේසෙ පුරාම ඇස් යවන ගමන්.එකිනෙකට ගැලපෙන ව්‍යංජන වර්ග හතර පහකුත් එක්ක කහ බතකින් දවල් කෑම සමන්විත වෙලා තිබුනා. සතිඅන්තයේ තමන්ව බලන්න ආපු අම්මයි තාත්තයි ඒ වෙනකොටත් කෑම කන්න පටන් අරගෙන ඉවරයි.ජනනි වතුර වීදුරු කිහිපයක් ට්‍රේ එකක තියාගෙන ඇවිත් කෑම මේසේ කෙළවරකින් තිබ්බා.
"...