වෙළඳ පොලේ එක එක නමින් ඇති Bra වර්ග ගැන ඔබ දන්නවාද?

‘Bra’ කියන වචනෙ අදකාලෙ ‘brassiere’ කියන එකට බහුලව භාවිතාවෙන නමයි. අද වන විට වෙළඳපලන් නොයෙක් වර්ණයේ, වර්ගයේ සහ අනේක මිල ගණන්වල bra මිලදීගත හැකියි.

  1. පූර්ණ කප් සහිත (Full cup) bra

full-cup-bra-2024

පියයුරු සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයෙන් සකසා ඇත. අන් bra වර්ගවලට වඩා වැඩි සහායක් පියයුරුවලට ලැබෙන අතර විශාල කප් සහිත නිසා පුළුල් උරහිස් පටි පළල් හෙයින් වඩාත් පහසුයි.

  1. 3/4 කප් සහිත Bra

3qrt

මෙය තරමක් ගැඹුරු කරක් සහිත bra එකකි.  මෙය පියයුරු ඉහළට මතුකර පෙන්වන (push-up style) විලාසිතාවකි.

  1. භාග (Demi) කප් සහිත bra

demi

මෙය ගැඹුරු කරක් සහිත bra එකකි.  කරකැපූ ඇඳුම් සඳහා වඩාත් සුදුසුයි.

  1. Padded bra

padded

ටී ෂර්ට් වැනි ඇඳුම් සඳහා වඩාත් ගැලපේ. කුඩා පියයුරු ඇති කාන්තාවන්ට තද පැඩින් සහිත බ්‍රා වඩාත් සුදුසුයි. ඔබ කැමති ප්‍රමාණයේ පැඩින් ඇති බ්‍රා තෝරාගත හැකියි.

  1. Minimiser bra

minimiser

පියයුරුවල ප්‍රමාණය අඩුකර පෙන්වීම සඳහා මෙම බ්‍රාවර්ගය භාවිතාකෙරේ. අඟලක් දෙකක් පමණ පපුවේ ප්‍රමාණය අඩුකර පෙන්වියහැක.

  1. පිටුපස රහිත බ්‍රා (Backless Bra)


කර ගැඹුරට කැපූ ගවුමක් හෝ හැට්ටයක් සඳහා ගැලපෙනම බ්‍රාඑකයි. මෙහි පිටුපස පටි සාමාන්‍ය බ්‍රාඑකකට වඩා පහළින් පිහිටා ඇත.

  1. ස්පෝර්ට්ස් බ්‍රා

sports

මෙය ක්‍රීඩා ආදී ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙනවිට ඇඳීමට වඩාත් සුදුසු වේ. වැඩි ආධාරයක් සහ පහසුවක් ලබා  දෙන ලෙස මෙය නිමවා ඇත. Jogging සහ යෝගා සඳහා විශේෂිත බ්‍රා වර්ග ද වෙළඳපළේ ඇත.

  1. පටි රහිත බ්‍රා (Strapless bra)

strapless

මෙම වර්ගයේ බ්‍රා උරහිස නිරාවරණය වන tube tops/frocks සහ tank tops ආදී ඇඳුම් ඇදීමේදී උපයෝගී කරගනු ලැබේ. වැඩි ආධාරයක් අවශ්‍යනම් invincible straps යොදා භාවිතා කළ හැක. නැති නම් විවිධ වර්ණයන්ගෙන් සහ මෝස්තර ඇති straps වූවත් භාවිතා කල හැකියි.

  1. ටී-ෂර්ට් බ්‍රා

t-shirt

ටී ෂර්ට් හෝ ටී ෂර්ට් රෙද්දෙන් මැසූ ඇඳුම් සඳහා වඩාත් සුදුසුයි. එයින් සිරුරේ හැඩය වඩාත් ඉස්මතු කර පෙන්වන අතර විනිවිද පෙනීම වළකයි. මෙයත් පැඩිං සහිත බ්‍රා වර්ගයක් හෙයින් ඔබට ගැලපෙන පැඩිං ප්‍රමාණය සහිත බ්‍රා එකක් තෝරාගන්න.

  1. Push up bra

pushup

ටී ෂර්ට්, blouse සහ ගවුම් සඳහා වැඩි අලංකාරයක් ලබාදේ. ඉස්මතුවුණු cleavage වගේම පිරුණු ළැමක් ලබාදෙයි. බොහෝ විට demi-cup ඇති නිසා කරකැපූ ඇඳුමකටද ගැලපේ. ලොව පුරා කාන්තාවන් අතර වඩාත් ප්‍රචලිතම බ්‍රා වර්ගය මෙය වන අතර ලොව ප්‍රථම push-up bra නිෂ්පාදනය The Wonderbra නම්වේ.

  1. Underwired bra

underwired

වයර් මඟින් වැඩි ආධාරයක් සහ හැඩයක් ලබාදෙයි. වයර් ප්ලාස්ටික් හෝ ලෝහ වලින් නිමකර රෙදිවලින් ආවරනණය කර තිබෙන අතර මෙම වර්ගයේ බ්‍රා එකක් තෝරාගැනීමේදී අතයටට වයරයෙන් අපහසුවක් නොදැනෙන්නක් තෝරාගන්න.

  1. බ්‍රාලට් (Bralette)

bralette

Crop top එකක ආකාරයක්ගන්නා මෙම බ්‍රාඑක soft cup වලින් යුක්තයි.  Underlined කර තිබුණත් වැඩි ආධාරයක් සපයන්නේ නැති අතර ලාබාල තරුණියන් අතර වඩාත් ජනප්‍රියයි.

71-sew-custom-bra-02

මොන තරම් මිල අධික වුණත් ලස්සන වුණත් වැඩක් නැහැ එය ඒ ඒ ඇඳුමට වගේම ශරීරයේ හැඩයට නොගැලපුණොත්. ඒ නිසා අවබෝධයෙන් යුතුව යටඇඳුම් තෝරාගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles