වැඩිපුර කන්න හොඳ නැති SOS ගැන දැනගෙන ම ඉන්න

කන බොන හැම දේ ගැන ම විශේෂයෙන්ම සැලකිලිමත් වීම කාන්තාවක් හැටියට ඔබට ඇති බරපතල වගකීමක්. නිවැසියන් සියලු දෙනා ආහාරයට ගන්නේ ඔබ තීරණය කරන ලුණු, සීනි සහ තෙල් ප්‍රමාණය බව ඔබ වෙනමම හිතන්න අවශ්‍යයි. SOS ගැන ඔබ දැනගෙන ම සිටිය යුතු ඒ නිසාමයි.

බටහිර රටවල නම් SOS ලෙස හඳුන්වන්නේ අවදානම්සහගත කාරණාවල දී අවදිමත්ව සිටින්න යන්නයි. අප සඳහන් කරන මේ සංඝඨක පාලනයක් ඇතිව පරිභෝජනය කළ යුතු වන්නේත් එහි ඇති අවදානම් සහගතබව නිසාමයි. කොහොමවුණත් SOS ලෙස කෙටි යෙදුමෙන් හඳුන්වන්නේ ලුණු (Salt), තෙල් (Oil), සීනි (Sugar) යන තුන් වර්ගයයි. ආහාර පාන පිළියෙළ කිරීමේදී මේ තුන්වර්ගය ඔබට යොදාගන්න ම වෙනවා.

නොදියුණු රටවල මේ තුන්වර්ගය ආහාරවලට එක් කරගන්නේ රසය ගැන පමණක් සිතමින් වුවත්, බොහෝ දියුණු රටවල මේවා ආහාරයට එක්කරගන්නේ මේවායේ අඩංගු එක් එක් සංඝටක ශරීරයට අවශ්‍ය ප්‍රමාණයන් ගැන සැලකිලිමත් වෙමින් නිසි පාලනයකින් යුක්තවයි. එක් එක් පුද්ගලයාගේ ශරීරයේ බරට, වයස් මට්ටමට අනුව ගත යුතු ආහාර ප්‍රමාණය, දෛනිකව සිරුරට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය ගැන පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කිරීම නිරෝගීව ජීවත්වන්න කැමති හැමදෙනාටම ඉතා වැදගත්.

ලුණු

ලුණු කියන්නේ මිනරල් වර්ගයක්. සෝඩියම් ක්ලෝරයිඩ් ලෙස රසායනිකව හඳුන්වන ලුණු ග්‍රෑම් සියයක අඩංගු වන්නේ සෝඩියම් 162%ක් පමණයි.

තෙල්

දියරමය වශයෙන් පවතින මේදය අප තෙල් ලෙස හඳුන්වනවා. කාබන් සහ හයිඩ්‍රජන් එක්වෙමින් සෑදෙන තෙල් මිලිලීටර් 100ක මේදය 153%ක් අන්තර්ගත වෙනවා.

සීනි

ස්වභාවිකව සීනි ලබාගන්නේ උක්දඬු ආශ්‍රිතවයි. රසායනික වෙනසකට ලක්කරමින් නිපදවන සැකරින්, සීනි ලෙස අප පරිභෝජනයට එක්කරගන්නවා. සීනි ග්‍රෑම් 100ක ග්ලූකෝස් 175%ක් අඩංගු වෙනවා.

ලුණු, තෙල් සහ සීනිවල විශේෂ පෝෂණ වටිනාකමක් නැති බව මේ අනුව පැහැදිලි වෙනවා. ලෝකයේ මේවා අඩුවෙන්ම භාවිතකරන රටවල් අතර ස්විට්සර්ලන්තය, පින්ලන්තය වගේ රටවල් එක්ව සිටින අතර, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලා දේශය වගේ ආසියාතික රටවල් වැඩියෙන්ම SOS භාවිත කරන රටවල් අතරට එක්ව සිටිනවා.

ඒවගේම ලෝක සෞඛ්‍ය දර්ශක අතර ඉහළ තත්වයක යුරෝපීය රටවල් සිටින අතර ලෝකයේ වේගවත් ම බෝනොවන රෝග වන දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රැධිර පීඩනය, හෘද රෝග වැඩියෙන්ම පැතිරී ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටිනවා.

මේ නිසා ලුණු සිනි සහ තෙල් පාලනයකින් යුක්තව ආහාරයට ගැනීම ගැන පවුලේ හැමදෙනාම දැනුවත් කරන්නටත් හොඳම ආදර්ශය ඔබෙන්ම ලබාදෙන්නටත් අමතක කරන්න එපා.

සාමාන්‍යයෙන් දිනකට එක් පුද්ගලයෙකුට සීනි තේහැඳි 3ක්, තෙල් තේ හැඳි 3ක් ලුණු තේ හැඳි 3ක් බැගින් ගැනීම ප්‍රමාණවත් බවයි පෝෂණවේදීන් සඳහන් කරන්නේ. කෙසේ වෙතත් වැඩිපුර ව්‍යායාම කරන අයට, ක්‍රීඩාකටයුතුවල යෙදෙන අයට, ශරීරයෙන් අධිකව දහඩිය පිටවන අයට මේ සීමාව වෙනස්කරගැනීමේ අවශ්‍යතා මතුවිය හැකියි.

ඔබත් අද ඉඳලම නිවැරදි වෛද්‍ය උපදෙස් මත ඔබේ ශරීරයේ නිරෝගීබව ආරක්ෂාවන අයුරින් කටයුතු කිරීම ජීවිතයේ අංක එක බවට පත්කරගන්න.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles