වෙනස් විදිහකට බිස්කට් පුඩිමක් හදමු  

බිස්කට් පුඩිම ලොකු පොඩි සැම අතර ජනප්‍රියම අතුරුපසක්.උත්සවයකට වගේම එදිනෙදා ගෙදර රස බලන්නත් බිස්කට්පුඩින් හදන්න ගෘහනියන් හරිම කැමතියි. නමුත් බොහෝ දෙනෙක් පුරුදුවී ඇත්තේ අයිසිං සීනි ඇසුරෙන් බිස්කට් පුඩිම සැකසීමටයි. එසේ නොමැතිව වෙනත් පහසු ක්‍රමයකට බිස්කට් පුඩිමක් සකසන්න කැමති නම් මෙම ක්‍රමය අනුගමනයකර බලන්න ඔයාලටත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ටින්කිරි පොඩි ටින් 1
  • බටර් 100g
  • කොකෝ පවුඩර් මේස හැදි 3
  • මාරි බිස්කට් පැකට් 2 (සමාන්‍ය සහ චොකලට් රසැති)
  • Chocolate chip (dark and white)
  • කුඩාවට කැපූ කජු හෝ පුහුල් දෝසි කැබලි

සාදන අයුරු :

  • පළමුවෙන්ම ටින්කිරි , බටර් ,කොකෝ පවුඩර් එකට දාමා හොඳින් කවලම් කරගන්න.
  • අනතුරුව එම මිශ්‍රණය ලිප තබා උණු කරන්න.
  • හොඳින් උණුවුණු පසු කුඩාවට කඩාගත් බිස්කට් දාමා කවලම් කරන්න.
  • අනතුරුව අලංකාර තැටියකට දාමා ශීතකරණයේ තබන්න.
  • පුඩිංඑක setවූ පසු Chocolate chip සහ පුහුල් දෝසි කැබලි යොදා අලංකාර කරගන්න.
  • පුහුල් දෝසිවලටට අකමැති නම් අන්නාසි හෝ ස්ට්‍රෝබෙරි වැනි පලතුරු වර්ගයක් යොදාගන්න.

ඉතාමත් පහසුවෙන් සහ ලේසියෙන් සැකසිය හැකි මෙම බිස්කට් පුඩිම රසයෙනුත් අනූනයි. අතුරුපසට හදල ගෙදරඅයව පුදුම කරවමුද?

Related Articles

Don't Miss


Latest Articles