බනානා බ්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය:
- කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500 ක්.ලෙලි ඉවත් කරගත්
 - සීනි ග්‍රෑම් 500
 - බිත්තර 5
 - පිටි ග්‍රෑම් 500
 - බේකින් පවුඩර් ග්‍රෑම් 12.5
 - බේකින් සෝඩා ග්‍රෑම් 15
 - කොර්න් තෙල් මේස හැඳි 3
 - සරසා ගැනීම සඳහා පොඩි කරගත් කජු
 
සාදා ගන්නා ආකාරය:
- කෙසෙල් සහ සීනි එක භාජනයකට දමා මිශ්‍ර කරගන්න.
 - ඒ අතර තුර වරින් වර බිත්තරය බැගින් එකතු කරගන්න.
 - පිටිවලට බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එකතු කර පෙනේරයකින් හලා ගන්න.
 - පිටි කෙසෙල් මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න.කොර්න් ඔයිල් එකතු කරගන්න.
 - බේක් කරගන්නා බඳුනට මිශ්‍රණය දමාගන්න.උඩින් විසිරෙන සේ කජු දමා ගන්න.
 - සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයක මිනිත්තු 45-55 අතර බේක් කරගන්න.
 
රයිස් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය:
- කිරි මිලි ලීටර් 500
 - බාස්මතී සහල් මි.ලී.5
 - මී පැණි ග්‍රෑම් 40
 - ඔරේන්ජ් සෙස්ට්ග්‍රෑම් 2 {දොඩම් ගෙඩියක සිහින්ව කැපු පිට පොත්ත }
 - ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 125
 
සාදා ගන්නා ආකාරය:
- ගැඹුරු පතුලක් ඇති භාජනයක් ගන්න.
 - එයට මී පැණි,වැනිලා එසෙන්ස් සහ ඔරේන්ජ් සෙස්ට් එකතුකර උණුකර ගන්න.
 - පියනකින් වසා විනාඩි 30 පමණ හොඳින් තම්බා ගන්න.
 - බත සෑදුණු පසු එය ලිපෙන් බා නිවීමට හරින්න.
 - නිවුණු පසු එයට ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරන්න.
 - අවශ්‍ය නම් එය මතට වියළි මිදි හෝ කජු කැබලි කිහිපයක් දමා සරසා ගන්න.
 
– ඉරේෂා –
            
                                    










