රුව ලස්සන කරන විශ්මිත නවීන ප්‍රතිකාර

අප වියපත් වන විට වෙනස්කම් රාශියක් සිදුවෙනවා. පැහැය අඩුවීමසම වියලි වීමරැළි ඇතිවීමපිරුණු ස්වභාවය අඩු වීමමුහුණේ හැඩය වෙනස් වීම ඒ අතර ප්‍රධාන වනවාඉතින් මින් මිදීම සඳහා විවිධ දේවල් කිරීමට බොහෝදෙනා පෙළඹෙනවා. ආලේපන වලට අමතරව වියපත් වීම වලක්වන විවිධ ප්‍රතිකාර අද ලෝකයේ තිබෙනවා.

Botulinum toxin එන්නත

මෙම එන්නත මඟින් සිනහසීමේදී සහ මුහුණේ හැඟීම් ප්‍රකාශ කිරීමේදී ඇතිවන රැළි පාලනය කරනු ලබනවානළලේ සහ ඇස වටේ ඇති රැළි ප්‍රධාන වශයෙන් පාලනය වෙනවා.

Dermal

මෙය එන්නත් මඟින් කරනු ලබනවාසමට යටින් ඇති මේද තට්ටුව තුනී වීම නිසා මුහුණේ ඇතිවන එල්ලා වැටීම්

ගිලා බැසීම් පාලනය කිරීම මෙමඟින් සිදු වෙනවා.මෙහිදී කරන්නේ කොලජන් සමට යටින් එන්නත් කිරීම වනවා .

Leser ප්‍රතිකාර

මෙමගින් සමේ තිබෙන කොලජන් තන්තු වර්ධනය වීම සිදුකරනු ලබනවාවියපත් වන සම වර්ධනයට උදව් වන leser වර්ග කිහිපයක් තිබෙනවාමෙයින් වන කාර්යයන් එකිනෙකට වෙනස්එම නිසා වර්ග කිහිපයක් මාරුවෙන් මාරුවට කරගත යුතු වනවාඑසේ කිරීමෙන් දීර්ඝ කාලින අතුරු ආබාධ ඇති වන්නේ නැහැ.

PRP-Platelet rich Plasma

මෙය ඉතා ජනප්‍රිය ප්‍රතිකාරයක්.ප්‍රතිකාරය කරන අයගේ රුධිරය යොදා ගනිමින් සමේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වෙන්කරගෙන නැවත ඒවා සමට එන්නත් කිරීම සිදු කරනු ලබනවාමින් සමට නව පෙනුමක් සහ දීප්තියක් ලැබෙනවාඅතුරු ආබාධ නොමැති සාර්ථක ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Chemical peeling

සමේ ඇති අපැහැදිලිතා ඉවත් කිරීම මෙමඟින් සිදුවෙනවාරසායන ද්‍රව්‍ය ගැල්වීම මඟින් සමේ මතුපිට ස්තරය ඉවත් කරනු ලබනවා.

මේ සියලු ප්‍රතිකාර සඳහා යොමු වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව අමතක කරන්නට එපා .

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles