නිවාඩු දවසකට විශේෂ කෑමක්

හැමදාම එක වගේ නොවී වෙනසකටත් එක්ක කෑම වෙලේ වෙනස්කමක් කරන්න ඔබටත් බොහෝවිට හිතෙනවා ඇති .ඒ විතරක් නෙවේ ඔබට උදව්වට ඔබේ දරුවන්වත් සහභාගී කරගෙන පහසුවෙන් සාදාගත හැකි පෝෂණීය ආහාර වේලක් ගැනයි අප අද හඳුන්වා දෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තෝර මාළු පෙති 2
  • ලොකු අල ගෙඩි 2
  • ලොකු කැරට් අල 2
  • බිත්තර 2
  • පාස්ලි කොළ 2 හෝ ගොටුකොළ
  • පොල් කෝප්ප 1/2
  • ගම්මිරිස්
  • ලුණු

සාදන ක්‍රමය:

මුලින්ම මාළු එළවලු හා බිත්තර වෙන වෙනම තම්බා ගන්න ඉන්පසු හොඳින් වතුර පෙරා ගන්න.

මාළු පෙති වෙනම දිසියකට දමා වැඩි රසයක් ලබා ගැනීම සඳහා ඊට උඩින් දෙහි බින්දු කිහිපයක් දමන්න.

හොඳින් තැම්බූ අල ලොකුවට කපා එයට පොල් ගම්මිරිස් ලුණු හා පාස්ලි කොළ දමා කලවම් කරන්නගොටුකොළ එකතු කිරීමෙන් වැඩි ගුණයක් ලබාගත හැකිය.

තම්බා ගත් කැරට් දිගු තීරු හැඩයටද තැම්බූ බිත්තර දෙක හතරටද කපා ලුණු හා ගම්මිරිස් ඉසින්න.

අලංකාර ලෙස එකම පිගානකට අසුරා ගන්න.

කිසිදු අපහසුවකින් තොරව ඔබේ නව යොවුන් වියේ පසුවන දියණියට හෝ පුතුට අපහසුවකින් තොරව මෙය සාදන්නට හැකියි නේද ?ඔහු හෝ ඇය විසින් සාදනු ලැබුවහොත් ඒ සඳහා ඉහළ ඇගයීමක් ලබා දෙන්නටත් අමතක කරන්න එපා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles