මුඛයේ දුර්ගන්ධය ඔබටත් ගැටලුවක් ද?

කොතරම් අලංකාරව සැරසුනත් මුඛයේ දුර්ගන්ධය වැන් ගැටලු නිසා අපහසුතාවට පත්වන අවස්ථා බොහෝ ය. දත් දිරා යැම, පරිදන්ත රෝග ආදිය හැරුණු විට මුඛ සෞඛ්‍යය පිළිබඳව ඇති ඉතා ම සුලබ ම රෝගී තත්ත්වයක්‌ ලෙස මුඛ දුර්ගන්ධය හැඳින්විය හැකි ය. මෙම තත්ත්වය මගින් මානසික අසහනය, ආත්ම විශ්වාසය පිළිබඳව ගැටලු වැනි විවිධ අයහපත් ප්‍රතිඵල ගෙන දෙන නිසා විශේෂයෙන්ම අවදානය යොමු කලයුතුවේ. මින් අත්මිදීම සඳහා කළ හැකි ක්‍රම කිහිපයකි.

අනිවාර්යයෙන්ම දිනකට දෙවරක්වත් අවම වශයෙන් උදය හා රාත්‍රීර ආහාරයෙන් පසු සුදුසු දත් බුරුසුවකින් දත්, විදුරුමසේ දාරය, මදින්නට පුරුදු වන්න. දත් මැදීම සඳහා භාවිත කරන බුරුසුව ඉතා තදින් අල්ලා මැදීමෙන් වැළකිය යුතු අතර දත් මැදීම විනාඩි 5ක් පමණවත් සිදු කල යුතුවේ. දිනකට දෙවරක් වත් මෘදු කෙඳි සහිත දත් බුරුසුවකින් හෝ දිව පිරිසුදු කරන උපකරණයකින් දිව පිටුපස ඇති බැක්ටීරියා හා මියුකස් පටලය ඉවත් වන සේ පිරිසුදු කල යුතු වේ. පිරිසුදු ප්ලාස්ටික් හැන්දකින් ද මේ කාර්යය කළ හැකි ය. එවිට බැක්ටීරියා පාලනය පහසු වේ.

බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාරවලින් තොරව මුඛ ශෝධන ද්‍රව්‍ය (Mouth Wash) පාවිච්චියට පෙලඹී සිටින නමුත් මේවායෙහි රසායනික ද්‍රව්‍ය බෙහෙවින් අඩංගු බැවින් වෛද්‍ය උපදෙස්‌ නොමැති ව දිගු කලක්‌ පාවිච්චිය සුදුසු නැත. එසේම දත් වර්ණය වෙනස් වීම, දත් මැලියම් වේගයෙන් තැන්පත් වීම ආදී අහිතකර ප්‍රතිඵල ද ඇති විය හැකි ය. ලුණු වතුරෙන් මුඛය සේදීම වඩාත් ආරක්‌ෂාකාරී සරල උපක්‍රමයකි.

සුදු ලූනු, රතු ලූනු, තොත්තමල්ලි, මස්‌, මාළු, කේජු, රටකජු ආදී ආහාර ද්‍රව්‍ය අනුභවයෙන් පසු එම ආහාර කැබැලි දත් අතර රැඳීමෙන් හා ආමාශයේ තිබෙන අවස්‌ථාවල දී ඒවායෙන් පිට වන වායුන් ගෙන් මුඛයේ දුර්ගන්ධය ඇති විය හැකි ය. කෙඳි සහිත සමබල වේලක් පබා ගත් විට කෙඳි මඟින් දිව පිටුපස පිරිසුදු වීමත් කෙළ ස්‍රාවය හොඳින් පවත්වා ගැනීමටත් හැකි නිසා මුඛයන් දුර්ගන්ධයක් වහනය වීම අඩාල වේ

මෙම තාවකාලික පිළියම් මඟින් මුඛයේ දුර්ගන්ධය පාලනය කළ නොහැකි නම් අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයකු මුණගැසී, කට ගඳ ඇති කරන මුඛයේ අභ්‍යන්තරික සාධක ඉවත් කිරීමට උපදෙස් හා ප්‍රතිකාර ගැනීමට වගබලා ගන්න. වසරකට වරක්වත්  දන්ත වෛද්‍යවරයා මුණගැසී, දත් පිරිසුදු කිරීම, දත් කුහර පුරවා ගැනීම, කැඩුණු පිරවුම් සකසා ගැනීම, පිරවිය නොහැකි දත් ගලවා දැමීම හෝ ස්නායු පිරවීම කර ගැනීම මුඛ දුර්ගන්ධයට හේතු විය හැකි සාධක වළකන ප්‍රතිකාර ලබා ගැනීම මඟින් මුඛ සෞඛ්‍ය ගැටලුවලින් තොරව සතුටින් ජීවත් විය හැකිය.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles