විශ්වාසයෙන් යුතුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙමු!

ඉන්ටර්විව් එකකට එන්න කියලා කෝල් එකක් හරි ලියුමක් හරි ආවම පොඩි ගැස්මක් දැනෙනවා නේද? බයවෙන්න එපා. මේ ටිප්ස් ටික අනුගමනය කරන්න. ඔබ අනිවාර්යයෙන්ම සමත් වෙනවාමයි!

  • නිවැරදිව පිළිවෙලට සහතික පත් අසුරා ගන්න. අලුත් ෆයිල් කවරයක විෂයගොනුවේ පිළිවෙලට ඒවා අසුරා ගන්න.
  • සුදුසු ඇඳුමක් තෝරා ගන්න. තද වර්ණයෙන් යුතු විසිතුරු ඇඳුම් භාවිතයෙන් වලකින්න.
  • ආභරණ වැඩිපුර පැළඳීමෙන් වලකින්න.
  • නිවසේදී පුංචි පෙර පුහුණුවක් පවත්වන්න.
  • ආයතනය පිලිබඳ අධ්‍යනයක යෙදෙන්න.
  • නියමිත වෙලාවට විනාඩි පහළවකට පමණ පෙර අදාළ ස්ථානය වෙත යන්න.
  • පෙනෙන නොපෙනෙන පුංචි සිනහවකින් මුව සරසාගෙන සිටින්න.
  • දුරකථනය ක්‍රියාවිරහිත කර තබන්න.
  • පරීක්ෂණ මණ්ඩලයට ඍජුව මුහුණ දෙන්න.
  • ඇස් සම්බන්දතාව තබා ගන්න.
  • වටපිටබැලීම්, දෙපා සෙලවීම්, කොණ්ඩය සකස් කිරීම, අත් එකිනෙක ඇතිල්ලීම, උගුර පෑදීම වැනි දෑ සිදු නොකරන්න.
  • අසන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු ලබා දෙන්න.
  • ගැටළු සහිත අවස්ථා වලදී පැහැදිලි කිරීම් ඉල්ලා සිටින්න.
  • සිනාමුසුව සිටින්නට වගබලා ගන්න.
  • සුබපතමින් සමුගන්න.
කියවන්න :  ගැබිනියක්ද? පරිස්සමින්...
කියවන්න :  තිර රෙදිවලින් නිවසට වෙනසක් එකතු කරමු

– චම්මි –

Previous articleහැමදාමත් ආදරෙන් ඉමු
Next articleහෘද සාක්ෂිය පුරා පැතිරුණු පිළිකාව
චම්මි ඉරේෂා කරපුටුගල
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ ජන සන්නිවේදනය පාඨමාලාව සමග ජාතික තරුණසේවා සභාවෙන් නිර්මාණාත්මක සංනිවේදනය ඇතුලුව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සහ වීඩියෝතාක්ෂණය හදාරා ඇත. රන්දිව ජාතික පුවත් පතේ විශේෂාංග ලේඛිකාවක ලෙසද,ශ්‍රී ලංකා සුමිත්‍රයෝ මෙල් මැදුර ආයතනයේ ප්‍රජා සංවර්ධන නිලධාරිනියක ලෙසද ,පිටපත් රචිකාවක ,වෙලද දැන්වීම් පිටපත් රචිකාවක ලෙසද අත්දැකීම් රාශියක් ලබාගෙන ඇත.ළමා පොත් 12කට ආසන්න ප්‍රමාණය ක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් අන්තර්ජාතික සංවිධානය ක් වන රූම් ටු රීඩ් ආයතනය සමග සිදුකර ඇත.විනෝදාංශය ක් ලෙස කෙටි චිත්‍රපටකරණයේ නියැලෙනීය.