කොණ්ඩේ කලර් කරන්න කලින් මුහුණට ගැලපෙන Hair colour එක තෝරා ගමුද ?

අලුත් තාලෙට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩිස්ලා කැමතිම විලාසිතාවක් හැටියට කොණ්ඩේ කලර් කිරීම හඳුන්වන්න පුලුවන්. හිතෙන හිතෙන විදියට නොකර පිළිවෙලකට ලස්සනට කළොත් ඇත්තටම මේ කලර් කිරිල්ලෙන් ඔබේ පෙනුම පොලිෂ් කරලා ලස්සන කරන එක සහතිකයි.

වර්ණ ගැන්වීමට පෙර සැලකිලිමත් විය යුතු කාරණා තමයි මේ..

අපි අපේ සමට ගැළපෙන වර්ණය තෝරා ගන්න ඕනෑ.

අපේ සම මේ විදියට කොටස් තුනකට බෙදුවොත් මෙන්න මේ කලර්ස් ඒ ඒ සමට ලස්සනට තියෙයි කියලා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ විලාසිතා වෙබ් අඩවිවල සඳහන් වෙනවා. ඔබේ සම අනුව ඔබට පුලුවන් ආසා කරන වර්ණයක් තෝරා ගන්න.

Dark Skin – maple brown, mahogany, toffee,

Medium and Olive Skin – chestnut brown, auburn, and cinnamon. Deep brown, mocha, and violet-based colors 

Fair Skin – butterscotch, strawberry blonde, and honey

රූපලාවණ්‍ය ශිල්පිනිය එක්ක ඔබේ තේරීම ගැන කතා කරන්න.

ඔබේ Skin Tone එක වෝම් ද කූල් ද කියන එක මත තමයි ඉහත වර්ණ තෝරා ගැනීම කරන්න ඕනෑ. ඒක ඔබේ රූපලාවණ්‍ය ශිල්පියා එක්ක කතා කරන්න. ඔබේ සම වඩා දීප්තිමත් ව පේන වර්ණය ඔහු හෝ ඇය හරියටම තෝරලා දෙයි.

Skin Test එක කර ගන්න.

අමතක නොකළ යුතුම දේ, මේ කෙමිකල් සම්බන්ධ වැඩ. ඉතින් ඔබ ස්කින් ටෙස්ට් එකක් කර ගන්නම ඕන. ඔබට මේ කෙමිකල්ස් වලට ආසාත්මිකතා එහෙම නැත්නම් ඇලර්ජීස් එන්න පුළුවන්. පළවෙනි පාරට කලර් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් ස්කින් ටෙස්ට් එකක් කරගන්න ඕන. සැලෝන් එකකින් කරගන්නව නම් කලින් දවසෙ ගිහින් කණ පිටුපස සමේ ඒ් වර්ණයෙන් ස්වල්පයක් තවරාගෙන බලන්න. පැය 24ක් ඇතුලත ආසාත්මිකතාවයක් නැතිනම් ඔබේ වර්ණ ගැන්වීම කරන්න.

කොණ්ඩය හොඳින් සෝදා වර්ණ ගන්වන්න.

කන්ඩිෂනර් නොදා කොණ්ඩය හොඳින් සෝදාගෙන වර්ණ ගැන්වීම කර ගන්න. නැත්නම්
හිසකෙස්වල ඉක්මනින්ම කුණු දුහුවිලි රැඳෙන නිසා සහ තෙල් ගතිය නිසා වර්ණ හරියට නොරැඳෙන ඉඩ වැඩියි.

වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල්.

කොණ්ඩයට හානිදායක බව අඩු වර්ණ තෝරාගන්න.ඔබ කොණ්ඩය ලා වර්ණ ගන්වනවා නම් බ්ලීචින් ගල්වන්න සිදු වෙනවා. මේ නිසා හැකි නම් තද වර්ණම තෝරා ගන්න.

කොණ්ඩයේ ප්‍රමාණය අඩු නම් වර්ණ දෙකක ශේඩ්ස් පාවිච්චි කරල හයිලයිට් එකක් කරන්න. එතකොට කොන්ඩයේ ප්‍රමාණය වැඩි කර පෙන්වන්න පුළුවන්.

මේ දවස් වල ට්‍රෙන්ඩ් ගැනත් හිතන්න.

මේ දවස්වල Hair Colour Trend කිහිපයක් තමයි මේ..

Golden Highlights 
The Silver-Blonde
Caramel Highlights
dip-dye ends
Chocolate-Brown Hair

Dark Honey

මේ තමයි මේ දවස්වල ලෝකයේ ජනප්‍රියම ට්‍රෙන්ඩ්ස්

මේ කලර්ස් ඔබ තෝරා ගන්න ඕන ඔබේ සමට ගැළපෙන පාටින් බව අමතක කරන්නම එපා.

කලර් කරපු කොණ්ඩේ පරිස්සම් කරන්නේ කොහොමද?

හෙයා කලර් එකක් කළාට පස්සෙ කලර් ප්‍රොටෙක්ශන් ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එකෙන් වර්ණය වැඩි කාලයක් පවත්වගන්න පුළුවන්.

අව්වට හිසකෙස් නිරාවරණය කරන එක හැකි තරම් අඩු කරන්න. සිලිකන් ඔයිල් හෝ ලීව් ඕන් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එක වඩාත් සුදුසුයි.

ස්විමින් පූල් වලට පාවිච්චි කරන ක්ලෝරීන් හෙයා කලර් එකක් ෆේඩ් කරන්න සමත්. නිතර ස්විමින් කරන කෙනෙක් නම් හෙයා මාස්ක් එකක් පාවිච්චි කරන එක සුදුසුයි.

ආයේ කරන්න ඕනෑ කොච්චර කාලෙකින් ද?

 වර්ණ ගැන්වූ ස්ටයිල් එක අනුව සති හයක් සහ අටක් අතර නැවත හෙයා කලර් එකක් කරන්න වෙනවා. කොණ්ඩය වැවෙනකොට බලාපොරොත්තු වෙන වර්ණය නැති වී යාම තමයි එයට හේතුව. ස්වභාවික වර්ණ එක්ක ෂේඩ් වෙන විදියට කළා නම් ඔබට පුලුවන් මාස හයක් පමණ මේක පවත්වා ගන්න.

මේ තමයි කොණ්ඩය කලර් කරන්න කලින් ඔබ දැනගත යුතු දේවල්.කොණ්ඩය කලර් කරාට පස්සේ ප්‍රවේසම් කරන්න ඕන හැටි වගේම කළ හැකි සත්කාර ඊළඟ ලිපියෙන් කියන්නම්.

ලස්සනට ඉන්න හිතෙනවා නම් ඒ අවස්ථා මඟ හැර ගන්න එපා. මේ දේවල් කියවලා නිවැරදි විදියට ලස්සන වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles