වම්බටු පුරවා තෙල් දමන්නේ මෙහෙමයි..

වම්බටු ගොඩක් තියෙන වෙලාවක එළවලු අපතේ නොදා හදා ගන්න පුලුවන් අපූරු කෑමක් මේ.

අවශ්‍ය දේවල්:

  • වම්බටු
  • ලියා ගත් රට ළූණු ගෙඩි 2
  • පොල් කැබලි කප් ¼
  • අමු රට කජු කප් ¼
  • තල ඇට මේස හැදි 2
  • සූදුරු තේ හැදි ¼
  • තෙල් මේස හැදි 3 – 4ක්
  • අඹරා ගත් සුදුළූණු බික් 3 – 4ක්
  • අඹරා ගත් ඉඟුරු
  • කරපිංචා
  • මිරිස් කුඩු තේ හැදි 1 – 1 ½ ක්
  • ගරම් මසාලා තේ හැදි ½ – ¾ ක්
  • සියඹලා ඉස්ම මේස හැදි 1ක් පමණ
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම පෑන් එකක් ලිප තබා රට කජු සාමාන්‍ය අඩු ගින්දරේ බැදෙන්න අරින්න.
  • රට කජු සාමාන්‍ය ප්‍රමාණයට බැදීගෙන එනකොට ඒකටම සූදුරු ටිකයි, තල ඇට ටිකයි, පොල් කෑලි ටිකයි දා ගෙන කබලේ බැදලා නිවෙන්න තියන්න.
  • පෑන් එකට තෙල් දමා රට ළූණු බැදගන්න
  • ඒවා යන්තමින් රන්වන් පාට වී ගෙන එද්දී එයට ඉඟුරු, සුදුළූණු එකතු කර විනාඩියක් විතර තෙම්පරාදු කර ගන්න.
  • ලිප නිවා ගෙන ඒකටම මිරිස් කුඩු , ගරම් මසාලා කුඩු, රස අනුව ලුණු එකතු කර කලවම් කර ගෙන නිවෙන්න තියන්න.
  • කබලේ බැද ගත් රට කජු, සූදුරු, තල ඇට, පොල් කෑලි තෙම්පරාදු කරපු ලූණු මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දමා සියඹලා ඉස්මත් එයට දමා පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩර් කර ගන්න.
  • දැන් වම්බටු හොඳින් සෝදා ගෙඩිය අගින් වෙන් නොවෙන සේ උඩින් හතරට පලා ගන්න.
  • නැටි අයින් කරන්න එපා.
  • හදා ගත් පේස්ට් එකෙන් වම්බටු වල මැද පුරවා ගන්න.
  • භාජනයක් ලිපේ තබා තෙල් මේස හැදි 2 – 3ක් විතර දමා රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වූ පසු කරපිංචා දමා යන්තමින් බැදුණු පසු පුරවපු වම්බටු ටික දාලා තෙල් වල දැවටෙන විදියට කලවම් කරන්න.
  • ඉතා අඩු ගින්දරේ වම්බටු තැලෙන්නේ නැති විදියට සැරින් සැරේ කලවම් කරන ගමන් පියනකින් වහලා වම්බටු ටික තැම්බෙනකන් උයා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles