පරිසරය අාරක්ෂා කරන්න ඔබේ දරුවා යොමු කරන්නෙ මෙහෙමයි

පාසැල් ඉවරවෙලා ගෙදර යන ළමයි අතේ අයිස් බිම පැකට්,කිරි පැකට් ,ප්ලාස්ටික් ඇසුරුම් මේ සියල්ලම එක්වන්නේ මහමගටපරිසරයටළමයි ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්ඉතින් වැඩිහිටියන්ගේ හැසිරීම දැක්කම කුඩා ළමුන් මෙහෙම කරන එකේ වරදක් නැහැසිරිපාද වන්දනා සමය නිමවනවිට අවට වනය සහ දියකඳුරු පුරා ඉතිරිවන කැලිකසල එයට සාක්ෂියක්වන්දනාවේ ගියත්පාර්ක් එකට ගියත් අතේ ඇති කුණු ගොඩවල් මහපාරට හෝ පරිසරයට අතහරින එක දැන් ලාංකිකයන්ගේ ජන්ම පුරුද්දක් වෙලා. ඒත් එහෙම කරන අපි පිටරටවල් වල වර්ණනාව නම් හරි ලොකුවට කරනවා.

සමහරවිට මා මේ කතාකරන්නේ මෙහෙම අවිනිතව පරිසරය ගැන නොතකන ඔබට වියහැකියිඑහෙම නැත්නම් මනා සැලකිල්ලකින් පරිසරය රකින ඔබට විය හැකියිඉතින් ඔබේ මේ පුරුදු සියල්ලම ඔබේ දරුවා අනාගතයට රැගෙන යන බව අමතක කරන්න එපා.

ඉතින් ආදරණිය අම්මා කෙනෙක් විදියට අතේ ඇති කුණු දකින දකින තැන අතහරින දරුවෙකු සමාජයට දායාද නොකර සිටීමට වගබලාගන්නපළමුව ඔබ ආදර්ශමත් වන්න.

මොනවද අපට කළහැකි

  1. අපද්‍රව්‍ය ගැන දරුවාව දැනුවත් කරන්න.පිරිසිදු ලස්සන නගරයක පින්තූර ඔහුට පෙන්වන්න.අපේ රටත් ඒ වගේ වෙනවට කැමතිද කියා අසන්න
  2. දිරා නොයන දේවල් නිසා පරිසරයට වන හානිය කියා දෙන්න
  3. ප්ලාස්ටික් බෑග් වෙනුවට බඩු ගෙන ඒමට රෙදි බබෑගයක් භාවිතා කරන්න.ඒ ඇයි කියා ඔහුට කියාදෙන්න
  4. ගමනක් යනවිට ඔබේ අපද්‍රව්‍ය දැමීම සඳහා වෙනම කුඩා බෑගයක් ගෙනයන්න
  5. කුණු පරිසරයට නොදමන සෑම අවස්ථාවකම දරුවාට ප්‍රශංසා කරන්න
  6. ඔහු දන්නා දේ මිතුරන්ටත් කියා දීමට පුරුදු කරන්න

ඉතින් මේ පුංචි දේවල් ටික ඔබේ දිවියේ ලොකු වෙනසක් ඇති කරන හැටි වැඩිකල් යන්නෙම නැතිව ඔබට පෙනේවි .

චම්මි

Related Articles

Don't Miss


Latest Articles