“අනේ මට සුරේකා අක්කා ගැන අවිශ්ක කියලත් තියනවා..”
අමන්දී අනාරාධිතවම කුඩා දරුවා ඔසවා ඇගේ උකුල මතට ගත්තා ය.උණ රෝගයෙන් පීඩිතව ගොස් සිටි කුඩා කොලුවා හිස ඔසවා අමන්දී දෙස බැලුවා ය.
“අනේ හොඳටම උණනෙ අප්පා..බෙහෙත් ගත්තා නේද අක්කේ?”
සුරංගනා රුවැත්තිය අසයි.සුරේකා යන්ත්‍රයක් මෙන් හිස වැනුවා ය.දිගු කොණ්ඩයක් සහිත ජනප්‍රිය තරුණ නිලියකට සමාන රුවක් ඇති සුරේකා දෙස අමන්දී බැලුවේ අනුකම්පාවෙනි.අද තමන් වෙසෙන නිවසේ ලේලිය වන්නට ඇයට සිහිනයක් තිබී ඇත.කුල ගර්වය සහ පොහොසත්කමේ මානයෙන් ඔද වැඩුණු නැන්දම්මා මේ අහිංසක තරුණිය ප්‍රතික්ෂේප කරන්නට ඇත.
“අසේල අයියා අද වැඩක්ද අක්කේ?”
සඳුනි ඇසුවේ සුරේකාගෙනි.ඇය හිස වැනුවා ය.
“ළිඳක් කපන්න ගියා..”
ඉඩම් හිමි වැවිලිකරුවෙකුගේ බිරිඳක්ව වසන්නට තිබූ සුරේකා අද කුලී කම්කරුවෙකුගේ දරුවෙකු දරා හිඳියි.දෙමාපියන් විරුද්ධ වූව ද මේ අහිංසක තරුණිය සමඟ අවිශ්කට රැඳෙන්නට තිබුණා නොවේදැයි අමන්දී සිතුවා ය.ඉඳුවර තමා අමතක කළේ තමන්ගේ සිහින නිසා ය.අවිශ්ක සුරේකා අත් හැර දැමුවේ මාපියන් නිසා ය.කොල්ලන් ආදරයට බිංදුවක්වත් අවංක නැති බව අමන්දී සිතුවේ තරහිනි.
“බේත් ටික පොවාගන්න අක්කෙ..නැත්තං අමාරු වෙයි..”
සඳුනි පැවසුවේ අමන්දීගේ උකුල මත නින්ද යන කුඩා පුතුගේ අතක් අල්ලාගනිමිනි.
“බත් කැඳ ටිකක්වත් පොවන්න ඕන නංගි.බත් නම් කන එකක් නෑ..”
සුරේකා පැවසුවේ ළතැවුල් හඬකිනි.තවම දරු සිහිනයක් පෙනෙන මානයක නැතත් තමන් යාවජීව සාමාජිකාවක වී හිඳින ෆේස්බුක් කාන්තා සමූහ කිහිපයක් අමන්දී සිහි කළා ය.ඒවාගේ හිඳින තරුණ මව්වරු දරුවන්ට පිසින ආහාර බලන්නට ලස්සන ය; කටට කෙළ උනන සුළු ය.එහෙත් තද උණෙන් පෙලෙන මේ සිඟිත්තාට බොන්නට ඇත්තේ බත් කැඳ ය.
“අසේල ආවම පිටි එකක් ගෙනල්ලා හදල දෙනවා..”
සුරේකා පැවසුවා ය.තමන්ට අහිමි වී ගිය රාජධානියක කුමරිය ද තමන්ට හිමි වන්නට තිබූ කිරුළ පැළඳ ගත් රැජින ද ඉදිරියේවත් ඇයට දුකක් හෝ ලැජ්ජාවක් දැනුණේ නැත.ඇයට රිදුම් දෙන එකම පීඩාව දරිද්‍රතාව පමණි.
“අංකල්, ඔය කඩේ ගාවින් නවත්තනකෝ..”
හන්දියේ ඇති සිල්ලර කඩය අසලින් අමන්දී ත්‍රීරෝද රිය නවතා ගත්තා ය.මේ නැන්දම්මා කියන අන්දමට ඔවුන්ට අභියෝගයක් වූ වෙළඳ සැල ය.ගම්මාන වල දැන් සියලු දෑ සහිත කඩ බිහිව ඇත.නමුත් ඒවායේ වැඩිපුර ඇත්තේ ණය වූ ගොවීන්ගේ ණය පොත්වල බර ය.උපයන ආදායමට වඩා වැඩිපුර ණයට දෙන්නට සිදුවන බවට අමන්දී ද දැන් දනියි.කඩයට පිවිසි ඈ කුඩා දරුවෙකුට ආසා හිතෙන වර්ගයේ ආහාර කිහිපයක් මිලට ගත්තා ය.ඒ පාර්සලය සුරේකා අත තබද්දී සුරේකාගේ දෑස් බොඳ වෙන අන්දම අමන්දීට පෙඅමන්ඩ්ගී ද්
“මම නංගි එක්ක පුතා බලන්න එන්නංකො අක්කේ..”
ඇගේ කුඩා නිවස අසලින් සුරේකා සමු ගනිද්දී අමන්දී පොරොන්දු වූවා ය.සුරේකා බියපත් දෑසකින් හිනැහුණා ය.
“ශාන්ති නැන්දට කේන්ති යයි නංගියේ..” ඇය තවමත් පැරණි ප්‍රේමවන්තයාගේ මවට බයෙන් පසු වන්නීය.
“මේ ගමේ පුදුම අසරණ මිනිස්සු ඉන්නවනෙ..”
අවිශ්ක ගමන ගැන ඇසුවේ රාත්‍රියේ ය.අමන්දී එයට එසේ පිළිතුරු දුන්නා ය.
“මුදිතා ගැන අපේ නංගි ඉන්නෙ හරි වේදනාවෙන්.ඔන්නොහෙ ඔයාට පුලුවන් වෙලාවට එයා එක්ක මුදිතා බලල එන්න.කනබොන බඩු ටිකම අරන් දෙන එක පිනක් නංගී..”
අව්ශ්ක පැවසී ය.අමන්දී ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටියා ය.
“අම්මලා එපා කියලා කෑගහනකොට ඇයි ඔයා සුරේකව අතෑරල දැම්මේ?”
එය පුදුමාකාර ප්‍රශ්නයකි.එහෙත් අමන්දී සැමියා අසලින් හිඳ ගත්තේ සන්සුන්ව ය.
“ස්ටාර් කෙනෙක් වෙන්න මාව කොහොමද බාධාවක් වෙන්නෙ ඇහුවට තාම ඉඳුවරට උත්තර නෑනෙ අවිශ්ක..මං දන්නව ඔය ප්‍රශ්නෙට ඔයාටත් උත්තර නෑ. තමන්ගෙ සැපපහසු ලෝකෙ කෙල්ලක් හින්දා හොලව ගන්න ඔයාලා කැමති වුණේ නෑ..ඒක නෙවේද උනේ?”
අමන්දී අසද්දී අවිශ්ක කිසිත්ම නොකියා හුන්නේ ය.
“ඔයාට අපේ නංගි සුරේකාගෙ ගේ පෙන්නුවද?”
තදින් උණ ගත් දරුවා සමඟ අතරමැද හමු වූ තරුණ ගැහැනිය ගැන අමන්දී සැමියාට පැවසී ය.
“ඔය අසේලව බැන්දේ ඇයි කියල මට හිතා ගන්න බෑ..අපේ අම්මා ගෙදරටම ගිහිං වතාවක් දෙකක් බැන්නා විතරයි ඌව බැඳගෙන..කුලේ,සල්ලි නැතිකම් තියනවා තමා..ඒත් සුරේකා හැඩයිනෙ..හොඳ මනුස්සයෙක් හොයා ගන්න බැරිකමක් නෑ..” අවිශ්ක එසේ කියා සුසුමක් හෙළා අමන්දී දෙස බලා සිටියේ ය.
“වෙන එකක් තියා දවසක් අම්මම මගෙන් ඇහුවා ඔය දරුවා මගේ නෙවෙයි නේද කියලා..එච්චර හදිසියේ බැන්දේ.ළමයා මගේ උනානං අරන් එනවනෙ..ඒත් අර බේබද්දා බැඳලා ළමයිත් හදා ගත්තෙ ඇයි මන්දා..”
අමන්දී අඳුරට හිනැහුණා ය.ඒ හිනාව උමතු එකක් යැයි අවිශ්ක සිතුවේ ය.
“අවිශ්ක,මම කොළඹ කෙල්ලක්.කොළඹ හොඳ බාලිකවක ඉගෙන ගෙන කැම්පස් ගිහින් උපාධියක් තියන කෙල්ලක්..මං මෙහෙම පළාතකට දීග ආවේ ඇයි..”
ඇය ඒ පැමිණියේ අඩුපාඩුවක් සඟවා ගන්නට නොවන බව අවිශ්ක දනියි.
“මම ආවේ පලිගන්න..මගෙන්ම පලි ගන්න..ඉඳුවර වගේ මිනිහෙක්ට ආදරේ කරාට මගෙන්ම පලි ගන්න…”
අවිශ්ක ගල් ගැසී අසා හුන්නේ ය.අමන්දී දිගටම කියවමින් සිටියා ය.
“ඒකම තමා සුරේකා අක්ක කරන්න ඇත්තෙත්.සල්ලි තිබ්බට කොන්දක් නැති ඔයා වගේ මිනිහෙක්ට ආදරේ කරාට පලි ගන්න එයා ඒ මනුස්සයා බඳින්න ඇති.ඔය දරුවා එක්ක දුක් විඳින්නෙ ඔයාට ආදරේ කරාට දඬුවමට වෙන්න ඇති..”
අවිශ්ක අමන්දීව තදින් වැලඳ ගත්තේ ය.ඔහු එවැනි උණුසුම් වැලඳ ගැනීමක් මින් පෙර කර නැතැයි සිතද්දී අමන්දී පියවි සිහියට පැමිණියේ ය.
“ඇත්තටම විඳවන්නේ ඔයාලා නෙවෙයි අමන්දී..” අවිශ්කගේ හඬ ශෝකී ස්වරයකින් මතු විණි.