බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මුරුංගා තුළ අසාමාන්‍ය ඖෂධීය ගුණ සමුදායක් තිබෙනවා.යකඩ, පොස්පරස්, කැල්සියම් සහ විටමින්වලින් අධි පෝෂිත ආහාරයක් තමයි මුරුංගා කියන්නේ. ඒ නිසාම බොහෝ අය මේ ගැන උනන්දුවක් දක්වනවා.
ඉතා ඈත අතීතයේ ඉඳන්ම මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට
*යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
*කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A
*කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
*කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
*දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් C ඇති බවට පර්යේෂණ තුළින් තහවුරු කරගෙන තිබෙනවා.ඉතිං ඒ නිසාවෙන්ම අද අපි කියලා දෙන්න යන්නේ මුරුංගා කොළවලින් සකසා ගත හැකි තේ පානය ගැනයි
මුරුංගා කොළවල ගුණ
- ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක්
- පිළිකා අවදානම අවම කිරීම
- කොලෙස්ටරෝල් පාලනය කිරීම
- වකුගඩු පිරිසිදු කිරීම
- රුධිරය පිරිසිදු කිරීම
- තරබාරු බව අඩු කරනවා
- අස්ථි හා දත් ශක්තිමත් කිරීම
මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් සෝදා මද පවනේ වේලා ගත් මුරුංගා කොළ (දින 4ක් හෝ 5ක් හොඳින් වේලා ගත යුතුයි)
- උණු වතුර
සකසා ගන්නා ආකාරය
- මුරුංගා කොළ හොඳින් කුඩු කර ගන්න
- උතුරවා ගත් වතුර එකකට කුඩු කර ගත් මුරුංගා කොළ දමා හොඳින් තැම්බෙන්න හරින්න.
- පසුව සාමාන්‍ය ආකාරයෙන් තේ සාදා ගන්නා ආකාරයට මුරුංගා කොළ භාවිතයෙන් තේ සකසා ගන්න
- හකුරු සමග රස විඳින්න
සැලකිලිමත් වන්න
දිනපතා පානය කිරීම හරහා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කරන බැවින් සුදුසු නොවේ.එබැවින් ඒ ගැන සැලකිලිමත් වන්න .
ඉතාම ගුණදායි පානයක් වන මුරුංගා කොළ තේ පානය ඔබත් අදම එදිනෙදා භාවිතයට ගන්න.එය ඔබට නොසිතන හොද ප්‍රතිඵල ලබා දේවි.