ක්ලෝගාඩ් පංච ශක්ති සමඟ බය නැතිව හිනාවෙන්න! ආතතියක් නැතිව දවස ගෙවන්න!

ලස්සන සිනහවකට අපි හැමෝම කැමතියි.එහෙම නේද? නිරෝගී දත් පෙළක සිනහවකින් සැරසුණු,සුවඳින් පිරුණු  මුවක් අපේ රුවට කෙතරම් ආකර්ෂණීය බවක් එකතු කරනවාද කියා ඔබ දන්නවා.ඒ නිසා ඔබේ මුඛයේ නිරෝගී බව රැක ගැනීමට ඔබ වෙහෙස වෙන බවත් අප දන්නවා.

ඉතින් එවන් සුන්දර,සුවඳවත් මුවක් ලබා ගැනීමට වඩාත් නිවරැදිව මුඛ සෞඛ්‍යය රැක ගැනීම තව දුරටත් සිහිනයක් නෙවෙයි.දිනපතා මුඛය පිරිසුදු කිරීමට,එහි නිරෝගී බව රැක ගැනීමට අපේ පැරැන්නන් විවිධ ක්‍රම උපයෝගී කරගත්තා. අපේ මුතුන් මිත්තන්ගේ ඒ ඉපැරණි දැනුම නව ලෝකයට වඩාත් ගැළපෙන ලෙස,පංච ශක්තින් ලෙස එක්වී ඔබේ මුඛයේ නිරෝගී බව රැක ගැනීමට දැන් සූදානම්.

දන්න නොදන්න අය අතර හමුවන කාටත් පොදු මුඛ රෝග.

ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ අපට වැළඳෙන මුඛ රෝග වලින් බහුතරයක් නිවැරදි මුඛ සෞඛ්‍යය පුරුදු පවත්වා ගැනීම මගින් වළක්වාගත හැකි බවයි.ඔබ වටා සිටින අය අතරින් දත්වල හෝ මුඛයේ කිසියම් අපහසුවක් ගැන ඔබ සමග  අවම වශයෙන් සතියකට කිහිප වතාවක් හෝ පැමිණිලි කරනවා ඇති.ඒවාට ක්ෂණික පිළියම් මිස මුඛ රෝග වලක්වා ගැනීම ගැන එතරම් උවමනාවකින් කටයුතු නොකරන බවත් ඔබ දන්නවා.

බහුලවම හමුවන මුඛ රෝග අතර බැක්ටීරියා ආසාදන,දත් කුහර,විදුරුමස් ආශ්‍රිත ගැටළු,මුඛ දුර්ගන්ධය,දත් අවර්ණවීම වැනි රෝග හමුවනවා.මේවා සෘජුව එදිනෙදා ජීවිතයේ කටයුතු වලට කරදර ඇති කරමින් මානසික ආතතිය ඇති කිරීමට සමත්.ඒ වගේම සමස්ත ශරීර සෞඛ්‍යයට වගේම රූපාලංකාරයට,පෞර්ෂයට බලපෑම් එල්ලකල හැකි රෝග බව ඔබට අමුතුවෙන් පැහැදිළි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

මුඛ සෞඛ්‍යය රැක ගැනීමේ වාසි රැසක්.

මුඛ සෞඛ්‍යය ඕනෑම පුද්ගලයෙකුගේ පෞර්ෂයට බලපාන බව ඔබ දන්නවා.නිසි ලෙස මුඛ සෞඛ්‍යය පුරුදු පවත්වා නොගැනීම නිසා ඇතිවන සුළු රෝග තත්ත්වයන් රැසක් තිබෙනවා.ඒ වගේම බොහෝ මුඛ රෝග දීර්ඝ කාලීනව සුව නොවී පැවතීමෙන් පිළිකා තත්වයන් තෙක් ද වර්ධනය වීමේ හැකියාව තිබෙනවා.ආහාරයේ රස නිවැරදිව දැනීම,විවිධ රෝග ආබාධ නොමැතිවීම නිසා ඇතිවන මානසික සහනය අත්විඳීමට ලැබීමද නිවැරදි මුඛ සෞඛ්‍යය පුරුදු අනුගමනය කිරීමෙන් ලැබෙන වාසි රැස අතර ඉදිරියෙන්ම තිබෙන්නක්.

දිනපතා මුඛ සෞඛ්‍යය රැක ගැනීම සඳහා මේ දේවල් අනුගමනය කරන්න.

දිනපතා නිවැරදි ලෙස,වඩාත්ම සුදුසු දන්තා ලේපයක් භාවිතා කරමින් දත් පිරිසුදු කිරීම මෙහිදී හරිම වැදගත්.බොහෝ අය උදෑසන අවදි වූ විගස දත් මැද මුහුණ කට සෝදා ගන්නවා.නමුත් වෛද්‍යවරුන් පවසන්නේ උදෑසන ආහාර ගැනීමෙන් පසු දත් මැදීම සිදු කිරීම වඩාත්ම නිවැරදි ක්‍රමය බවයි.එහිදී ආහාරයෙන් පසු දත්වල ඉතිරිවන කෑම කොටස් පහසුවෙන් ඉවත් වනවා.

ඒ වගේම අධික උණුසුම් හෝ ශීත ආහාර නොගැනීම,දත් දිරායාමට සෘජුව බලපාන රසායනිකයන් සහිත ආහාර නොගැනීම සහ අවම කිරීම,විවිධ ඔසු ,විවිධ ආහාර වර්ග ගැනීමේදී ඉන් දත්වලට වන හානිය සහ ගන්නා නිවැරදි ක්‍රමය ගැන වඩාත් සොයා බලා කටයුතු කිරීම මෙහිදී හරිම වැදගත්.

මුඛ සෞඛ්‍යය රැක ගැනීමට අපේ පැරැන්නන් භාවිතා කල ඉරිමේදාදී තෛලයේ ගුණ.

අපේ පැරැන්නන් මුඛ සෞඛ්‍යය රැක ගැනීම සඳහා භාවිතා කළ ඔසු අතර ඉරිමේදාදී තෛලය ඉදිරියෙන්ම තිබෙනවා. ආයුර්වේදයේ මේ තෛලය සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්.බැක්ටීරියා ආසාදන,දත් කුහර,විදුරුමස් ආශ්‍රිත ගැටළු,මුඛ දුර්ගන්ධය,විදුරුමසින් ලේ ගැලීම, ආදී සියළුම ආකාරයේ මුඛ රෝග නිවාරණය  සඳහා ඉරිමේදාදී තෛලයට ඇති විශ්මිත හැකියාව නිසාම එය අතීතයේ සිට නවීන ලෝකය දක්වාම මුඛ සෞඛ්‍යය ආරාක්ෂා කරදීමේ දැවැන්ත මෙහෙයක් ඉටු කරමින් සිටිනවා.

පංච ශක්ති දන්තාලේපය මුඛ සෞඛ්‍ය රැක දෙන්නේ මෙන්න මේ ආකාරයෙන්.

පංච ශක්ති දන්තාලේපය නිපදවීමේදී,ප්‍රධාන වශයෙන් ඉරිමේදාදී තෛලය යොදාගෙන තිබෙනවා.වටිනා දේශීය ඔසු පැලෑටි රැසක ඔසුගුණ මුසුකර නිපදවූ ඉරිමේදාදී තෛලය එදිනෙදා ජීවිතයේ හමුවන බොහෝ මුඛ රෝග රැසක් නිවාරණය කිරීමට සමත්.

ඉතින්,ඉරිමේදාදී තෛලය අඩංගු ක්ලෝගාඩ් පංච ශක්ති දන්තාලේපය එදිනෙදා ජීවිතයේ ගැටළු රැසකට පිළියම් කරමින්,නිරෝගී මුවක් ඔබට ලබා දෙන්නට සමත්.ඒ  අපේ මුතුන් මිත්තන්ගෙන් තිළිණ වූ ආයූර්වේදීය ඔසු ගුණයෙන් අනූන නිසා බව ඔබ දැන් හොඳින්ම දන්නවා.

Related Articles

Don't Miss


Latest Articles