“හංසජා වෙඩ්ස් හරිත්”
හංසජා අතටම ගෙනැල්ල භාරදුන්න වෙඩින් කාඩ් එක අතට ගත්ත සමහර අයට නම් තිබ්බ ලොකුම ප්‍රශ්නෙ දැන් මොකද්ද අඳින්නෙ කියන එක. වෙඩින් එකට ෆැකල්ටි එකේ හැමෝම වගේ එන හන්ද ලස්සනට යන්න ඕන කියල කට්ටියම කතා කර කර හිටිය.
කැම්පස් ෆයිනල් ඉයර් එකේදි හංසජා මැරි කරන්න ඩිසයිඩ් කරගෙන හිටියෙ
කාඩ් බෙදල හංසජා ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියාට පස්සෙ තමයි හැබැයි ඇත්ත කතාව පටන් ගත්තෙ.
“මොකද්ද අනේ අඳින්නෙ? නයිට් ෆන්ක්ශන් එකක් නිසා ඩාක් උනා නම් හොඳයි නේද?”
“අපි මොනව ඇඳගෙන ගියත් ඒ නයිට් එකේදි හංසජාගෙ නම් රෙදි ගැලවෙයි නේද?” සමච්චලයට මෙන් කියමින් වසම කැත හිනාවක් දැම්මේ තීක්ශනා. තීක්ශනා කොහොමත් කාට හරි ලැජ්ජාවක් කරන්න අවස්තාවක් ලැබෙනව නම් ඒක මගාරින්නෙ නෑ කියන එක ඉතින් කැම්පස් එකේ ආට්ස් ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් සෙට් එකම නොදන්නව නෙවෙයි. හැබැයි ඉතින් එහෙම උනත් “හංසජා ගැන කියන කතා නම් ඇත්ත හැබැයි” කියල හිත ඇතුලෙන් හිතපු සෙට් එකකුත් මෙතන හිටිය.
“ඇයි එහෙම කියන්නෙ?” නිමායා එහෙම ඇහුවෙ ඇත්තටම හේතුවක් හිතාගන්න බැරිවෙච්ච හන්ද.
“හංසජා කී දෙනෙක් එක්ක යාලුවෙලා හිටියද අනේ? එයාට ටික කාලෙකින් ඒ මිනිස්සුන්ව එපා වෙනව”
කතාවට එක්කහු වෙච්ච තාරුකා තීක්ශණාගෙ දකුණු අත වගේ.
කියපු කතාවෙන් බාගයක් ඇත්ත. හංසජා හරිත්ව බඳින්න කලින් කීප දෙනෙක් එක්කම යාලුවෙලා හිටිය. හැබැයි ඒ සබඳතා වැඩි කල් නොයා ඉතින් මගින් නැවැත්තුවෙ දෙන්න ගැලපෙන්නෙ නෑ කියල තේරිච්ච හන්ද. සමහර තැන්වල හංසජාම තමයි ඒවට මුල් පියවර තිබ්බෙ.
“අපෝ මතකද සයන්ස් එකේ මලිත් අයිය එක්ක යාලුවෙලා හිටියෙ? ඒ මනුස්සය කොච්චර හොඳද අනේ? ෆස්ට් ක්ලාස් එකක් දාල දැන් හොඳ ජොබ් එකක් කරනව”
“මතකද ඒ දවස්වල බ්රේක් අප් වෙන එකට කිව්ව හේතුව”
“මොකද්ද කිව්වෙ?”
“මලිත් කැමති නෑලු නෙ මෙයා ජොබ් එකක කරනවට, පිස්සුනෙ අනේ මනුස්සයම ගෙදර ඉන්න කියනවනම් ඒ මනුස්සය හොඳට හම්බුකරනවනම් මොකද ගෙදරට වෙලා ඉන්න බැරි? එහෙම ගෙදරට වෙලා ඉන්න බැරිය, ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනය කියල මෙයා කිව්වට ඇත්තටම මෙයා හිටියෙ ඒ මනුස්සයෙන් ගැලවෙන්න බැරුව. මෙයාට එහෙම එක්කෙනෙක් එක්ක ඉන්න බෑ අනේ ගොඩක් කල්”
“මෙයාගෙ ඉස්කෝලෙනෙ අර මම ඉන්ටර්න් එකට ගිය තැන නංගි හිටියෙ. ඒ නංගි කිව්වනෙ මෙයා ඉස්කෝලෙ ඕලෙවල් ක්ලාස්වල යාලුවෙලා ඉඳපු කොල්ලව අතෑරියලු කැම්පස් යන්න ආව ගමන්”
මෙච්චර වෙලා කට්ටිය හංසජාට කියන ඒව අහගෙන උන්න කතා අතරට මැදට පැන්නෙ නාද්‍යා.
“හංසජා ඒ කතාව අපිට කියල තියෙනව. ඒ කොල්ල ඒලෙවල් ෆේල් වෙලා. ඌ කැමතිවෙලා නෑ හංසජා කැම්පස් යනවට. ඉතින් අනේ එහෙම තැනක තව මොකටද එහෙම සම්බන්ධෙක හිරවෙල ඉන්නෙ, මං නම් කියන්නෙ හංසජා කල වැඩේ හරි”
“හරි හරි ලැජ්ජාව නැති මිනිස්සුන්ට”
“ඇයි එහෙම කියන්නෙ? තමන්ගෙ ජීවිතේ තමන් කැමති තීරණයක් ගන්න ඕන කෙනෙක්ට ඉඩක් තියෙන්න ඕනනෙ. හංසජා මලිත් අයියටයි එයාගෙ කැම්පස් එකේ කොල්ලටයි බෑ කිව්ව එකේ කිසිම වරදක් නෑ මං නම් කියන්නෙ. තමන්ගෙ ගමනට අකුල් හෙලන්නනෙ ඒ දෙන්න හදල තියෙන්නෙ. අනික හංසජා ඇත්තටම බ්‍රයිට් පොරක්. එහෙම එකේ කැම්පස් ආවෙ නැතුව හිටියනම් හරි ජොබ් එකක් නොකර හිටියනං අපරාදෙනෙ”
“ඔය මොන කතා කිව්වත් චරිතෙ හොඳ නැති මනුස්සයෙක්ව කසාද බැඳගෙන හරිත්ටත් වෙන්නෙ මාසෙකින් දෙකකින් ඩිවෝස් වෙන්න”
තීක්ශණා කිව්වෙ සමච්චල් හිනාව ආයෙ ආයෙ වපුරන ගමන්. ඒ හිනාව කොච්චර කැත උනත් ඊට වඩා ඒ හිනාවට හේතුවෙච්ච තීක්ශනාගෙ සිතුවිලි කැතයි කියල මතක් වෙද්දි නාද්‍යා පොත් ටික අතට ගත්තෙ ලෙක්චර් හෝල් එකෙන් පිටවෙල යන්න හිතන ගමන්.
මේ කතා අහගෙන ඉඳිය කියල කාගෙවත් හිතට විස පිරෙනව ඇරෙන්න හොඳක් වෙයි කියල හිතන්නත් බෑ.
“මෙහෙමයි හංසජා තමන්ට නොගැලපෙන අයව අතෑරල වෙන කෙනෙක්ව බඳින එක මං හිතන්නෙ නෑ අපිට ගැටලුවක් වෙන්න ඕන කියල. එකාතකින් නොගැලපෙනව කියල දැන දැන කසාද බැඳල පස්සෙ දික්කසාද වෙනවට වඩා සම්බන්ධෙ නතර කරන එක ඇත්තටම හොඳයි. මොකටද නිකන් වියදම් කරල වෙඩින් අරගෙන ආයෙ ඩිවෝස් වෙන්නෙ?
එහෙම උනත්, බැඳලත් අපි ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවනම් වෙන් වෙන එක එයාලගෙ තීරණයක්නෙ. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ”
“ඔව් අනිත් එක ඔය සමාජෙට බයේ ටොක්සික් අෆෙයාර් වල ඉන්න, කොල්ලගෙන් ගුටිකාලා කම්මුල් රතු කරගෙන හොස්ටල් එකට ඇවිත් සමහරු එක්ක බලද්දි හංසජාට ඇත්තටම කොන්ද පන තියෙනව තමන් ගැන හිතල තීරණයක් ගන්න”
නිමායා එහෙම කියද්දි කට්ටියම බලාගෙන උන්නෙ තීක්ශනා දිහා. කැම්පස් ආව අලුතම යාලුවෙච්ච කොල්ල ගෙන් ගුටි කකා, බැනුම් අහ අහ ජීවිතේ ගෙවන අතරෙම “අත නොහැරීමයි ප්‍රේමය” කියල කියන මිනිස්සු එක්ක තව මොනව කතා කරන්නද කියල හිතල නාද්යයි නිමායයි අනිත් අයයි ලෙක්චර් හෝල් එකෙන් එලියට එද්දිත් තීක්ශනා නතර වෙලා.
“හංසජා ගෙ වෙඩින් එකට ඉන්වයිට් කරා, නයිට් වෙඩින් එකක් මම යන්නද?” කියල අහපු ප්‍රශ්නෙට යෙහාන් රෑ වෙලා මගුලෙ යනවද කියලා කුණුහරුපෙන් බැනල එවන මැසේජ් කියව කියව තීක්ශනා ලෙක්චර් හෝල් එකේ තනියම වාඩිවෙලා හිටිය.