ඔබේ සමට ගැලපෙනම Night Cream එක ‌තෝරගමු..

Night cream කියන්නේ ඔබේ night time skin care routine එකේදී අනිවාර්යෙන්ම ඔබ ඔබේ සම සඳහා භාවිතා කළ යුතු නිශ්පාදනයක්. මෙය ඔබේ සම වර්ගය අනුව තෝරා ගත යුතු වෙනවා වගේම night cream එකක් භාවිතා කිරීමෙන් ඔබේ සමට බොහොම හොඳ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. Night Cream එකක් මිලදී ගැනීමේදී ඉතාම හොඳ ගුණාත්මක භාවයකින් යුතු නිෂ්පාදනයක් මිලදී ගැනීමත් වැදගත්. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ ඔබේ සම රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන night cream ගැනයි.

Night Cream එකක් භාවිතා කිරීමේ වාසි මොනවාද ?

සමේ තෙතමනය ආරක්ෂා කිරීම

සාමාන්‍යයෙන් Day cream එකක අඩංගු වනවාට වඩා සමෙහි තෙතමනය රඳා පවත්වා ගැනීමට සහ වැඩිදියුණු කිරීමට හැකියාව තියෙන සංඝටක night cream වල අඩංගු වෙනවා.මේවා මගින් සම ගැඹුරින් පෝෂණය කර සජලීයව තබා ගන්නවා. ඒ වගේම විවිධ පාරිසරික හේතූන් සහ දිවා කාලයේදී වායූ සමීකරණ ආශ්‍රිතව ගැවසීම ආදී හේතු නිසා සමෙහි නැතිවූ ස්වභාවික තෙතමනය නැවත ලබා ගැනීමට night cream භාවිතා කිරීමෙබ් හැකි වෙනවා.

සම අලුත් වැඩියා කිරීම

නින්දේදී ශරීරයේ අලුත් වැඩියා කිරීමේ ක්‍රියාවලීන් ආරම්භ වන අතර සමේ සෛලීය අලුත් වැඩියාව සහ ප්‍රතිජනනය ද සිදුවනවා. Night Cream වල බොහෝ විට ප්‍රතිඔක්සිකාරක , Hyloronic acid , විටමින් සී , රෙටිනෝල් වැනි අමුද්‍රව්‍ය අඩංගු වන අතර ඒවා මගින් සම පෝෂණය කිරීම, කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීම සහ සෛල අලුත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම ආදී ක්‍රියාවලීන් සඳහා උපකාරී වනවා.මෙම අමුද්‍රව්‍ය මගින් හානියට පත් සම යථා තත්ත්වයට පත් කිරීම , සිහින් රේඛා , රැලි සහ සම වියපත් කිරීමේ ලකුණු අවම කිරීමටද උපකාරී වනවා.

ඉලක්ක ගත ප්‍රතිකාර ලබා දීම

සමහර Night Cream වර්ග සමේ විශේෂිත තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවා තිබෙනවා.කුරුලෑ ඇතිවීම වැළැක්වීම , සම නීරෝගී කිරීම , පිග්මන්ටේෂන් අවම කිරීම, සමෙහි රැලි ඇතිවීම පාලනය කිරීම , සමෙහි ඇති කැලැල් මකා දැමීම සහ සම පැහැපත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම භාවිතා කළ හැකි නිෂ්පාදන මේ වන විට මිලදී ගන්නට පුළුවන් සාමාන්‍ය නයිට් ක්‍රීම් එකකට වඩා වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා දීමට මෙවැනි ක්‍රීම් වර්ග වලට හැකියාව තියෙනවා.

පෝෂණය ලබාදීම

බොහෝ night cream වල විටමින් වර්ග , ප්‍රතිඔක්සිකාරක සහ ඔබේ සමට ප්‍රයෝජනවත් විය හැකි ශාකසාර ඇතුළු බොහෝ පෝෂ්‍යදායී අමුද්‍රව්‍ය අඩංගු වෙනවා. මෙම අමුද්‍රව්‍ය ඔබේ සම පුනර්ජීවනය කිරීමට උපකාරී වන අතර සම නීරෝගීව තබා ගැනීමට ද සහය වනවා.

සම ආරක්ෂා කිරීම

බොහෝ night cream මඟින් ඔබේ සමට අමතර ආරක්ෂාවක් ලබා දීම සිදු කරනවා.පාරිසරික හේතු , හිරු කිරණ සහ වෙනත් ගැටලු නිසා ඔබේ සමට ඇති විය හැකි හානි වලින් ආරක්ෂා කිරීමට හැකියාව තියෙන ප්‍රතිඔක්සිකාරක සහ සුව කිරීමේ ගුණ අඩංගු වන අමුද්‍රව්‍ය night cream වල අඩංගු වනවා.

සම පැහැපත් කිරීම සහ ඒකාකාරී පැහැයක් ලබා දීම

බහුතරයක් night cream වල විටමින් සී සහ Niacinamide අඩංගු වන අතර එමගින් සම පැහැපත් කිරීම සහ සමට ඒකාකාරී පැහැයක් ලබා දීම සිදු කරනවා.ඒ වගේම මෙම අමුද්‍රව්‍ය මගින් පිග්මන්ටේෂන් ඇතිවීම පාලනය කිරීම සහ පිග්මන්ටේෂන් වලට ප්‍රතිකාර කිරීම , අඳුරු ලප මකා දැමීම වැනි ප්‍රතිලාභද ලබා දෙනවා.

Night Cream එකක් තෝරා ගන්නේ කොහොමද ?

ඔබේ සමේ වර්ගයට හොඳින්ම ගැලපෙන නයිට් ක්‍රීම් එකක් තෝරා ගැනීම අතිශයින්ම වැදගත් වනවා.

ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් තෙල් ගතිය පාලනය කරමින් සම පෝෂණය කරන අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් එකක් ඔබ තෝරා ගත යුතු වන අතර ඔබට වියළි සමක් තිබෙනවා නම් ඔබේ සමට තෙතමනය ලබාදෙන අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් එකක් තෝරා ගත යුතු වෙනවා.

සාමාන්‍යයෙන් නයිට් ක්‍රීම් එකක සාන්ද්‍රනය ඉතා මෘදු විය යුතු අතර එය ඉතා ඝන වීමෙන් සමේ සිදුරු අවහිර වී සමේ සෛල අලුත්වැඩියාව සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම අවහිර වනවා.

ඒ වගේම night cream එකක් සෑම විටම සුවඳින් තොර වීමත් වැදගත්.

සෑම විටම සල්ෆේට්, පැරබීන් සහ මධ්‍යසාර වලින් තොර රාත්‍රී ක්‍රීම් එකක් තෝරා ගන්න.

ඔබේ සම නිරෝගීව සහ පැහැපත්ව පවත්වාගෙන යාමට රාත්‍රියේදී ඔබ සමට ලබා දෙන පෝෂණය අත්‍යවශ්‍ය වනවා. මේ ලිපියෙන් අපි ඔබට ගෙන ආවේ ඔබේ night time skin care routine එකට අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු night cream ගැනයි.

ඒ වගේම සුදුසුකම්ලත් සහ පිළිගත් තත්ත්ව සහතික සහිත ආයතන මගින් නිෂ්පාදනය කරන ක්‍රීම් වර්ග පමණක් ඔබ භාවිතයට ගත යුතු වන අතර කිසිම අවස්ථාවකදී Home made night cream වර්ග භාවිතා කිරීමෙන් වළකින්න.

Related Articles

Don't Miss


Latest Articles