මතකය අමතක වුන පොලිස් නිළධාරියෙක් මිනීමරුවෙක්ව හොයන්න යන කතාවක්?- (Mumbai Police)

Mumbai Police කියන්නේ 2013 ඉන්දියානු මලයාලම් භාෂාවෙන් කෙරුන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය Bobby-Sanjay විසින් ලියපු එකක් වෙන අතර Rosshan Andrews ගෙ තමයි අධ්‍යක්ශනය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Prithviraj Sukumaran , Jayasurya , Rahman සමඟින් Kunchan, Aparna Nair , Deepa Vijayan සහ නවක නිළ Hima Davis. Nisad Haneefa විසින් නිෂ්පාදනය කරප මෙම චිත්‍රපටිය Nivas Haneef සහ Niyas Haneefa විසින් සම නිෂ්පාදනය කරලා තියෙනවා. පසුබිම් සංගීතය Gopi Sundar ගේ. කැමරාකරණය G. Diwakaran තමයි කරේ. චිත්‍රපටිය සංස්කරණය කළේ Mahesh Narayanan.

මේක අපරාධයක් ගැන කතාවක්. හැබැයි මේ කතාවෙ කුතුහලය තියෙන්නෙ අපරාදකාරයව දැනගෙන ඉන්නෙ එකම එක පොලිස් නිලදාරියෙක් විතරයි. ඒ මනුස්සයටත් වෙච්ච ඇක්සිඩන්ට් එකක් නිසා අපරාධකාරයව අමතක වෙනවා.

ආපහු මුල ඉඳන් හැමදේම පටන් ගන්න වෙනවා.

ඇන්ටනි මෝසස් කියන්නෙ එර්නාකුලම් පොලිසියෙ ACP. මෙයා ඉන්නෙ අපරාධකාරයෙක්ව හොයන කේස් එකක අන්තිම හරියෙ.මේ කේස් එක අතරවාරයේ මෙයාට මූණ දෙන්න වෙනව නොහිතපු විදියෙ ඇක්සිඩන්ට් එකකට.

ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මේ මනුස්සයගෙ මතකය අමතක වෙලාම යනවා.මේ අනතුර වෙන්න කලින් ඇන්ටනි එයාගෙ මස්සින වෙන පොලිස් කොමසාරිස් ෆර්හාන් අමාන් එක්ක කතාබහක තමයි ඉන්නෙ.

පොලිස් පෙලපාලි පිටියේ තියෙන ශූරතා සම්මාන උලෙලකදි ස්නයිපර් වෙඩි පාරකින් මිය ගිය එයාගෙ හොඳම යාලුව වෙච්ච ACP ආර්‍යන් ජෝන් ජේකබ්ගෙ මරණය පිටිපස්සෙ තියෙන කේස් එක තමන් විසඳපු බව මෙතනදි ඇන්ටනි මෝසස් එයාගෙ මස්සිනාට කියනවා. හැබැයි ඇන්ටනි මෙතනදි ඒ අපරාධකාරයා කවුරුන්ද කියන කතාව හෙලිකරන්නෙ නෑ.

ඒ නම හෙලිකරන්න කලින් තමයි ඇන්ටනිට මේ ඇක්සිඩන්ට් එකට ෆේස් කරන්න සිද්ද වෙන්නෙ. කොහොමහරි ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මතකය අමතක වෙච්ච ඇන්ටනි එයාගෙ තට්ටු ගෙදර ඉද්දි ඒ ගෙදරට කඩං පනින ඒ අපරාධකාරයක් ඇන්ටනිව මරන්න හැදුවත් ඇන්ටනි එයාලා එක්ක සටන් කරනවා.

මතකය අමතක වෙච්ච ඇන්ටනිට, ආර්‍යන් සහ එයාගෙ නඩුව සම්බන්ධ විස්තර ටික ආයෙ මුල ඉඳලම කියල දෙන්නෙ ෆර්හාන්.මේ තුන්දෙනා කලින් මුම්බායි අපරාධ විමර්ශන කොට්ටාශයේ වැඩ කල හන්දා කට්ටිය මේ තුන් කට්ටුවට කියන්නෙ Mumbai Police කියලා.

මතකය අමතක වුණත් ඇන්ටනි ආපහු වැඩේ පටන්ගන්නවා. ඇන්ටනි දක්ශයි සහ උනන්දුයි කියල දන්න හන්දම ෆර්හාන් මෙයාට ඒ කේස් එක ආයෙම මුල ඉඳල කරගෙන යන්න භාර දෙනවා.කොහොමහරි මතකය අමතක වෙච්ච ඇන්ටනි එයාගෙ අලුත් ජීවිතේට හැඩගැහෙන්න උත්සහ කරාට රාජකාරි ජීවිතෙත් එක්ක වෙන හැලහැප්පිම් එක්ක මේ වැඩේ පොඩ්ඩක් අමාරු වෙනව. ඒ වගේම එයා තේරුම් ගන්නව මතකය අමතක වෙන්න කලින් ඉඳපු ඇන්ටනි මෝසස් කියන්නෙ මාරම දක්ශ, බය නැති පොලිස් නිලධාරියෙක් වුනාට ප්‍රචණ්ඩත්වය, මත්පැන් සහ ගෑණු කේස් වලට පොඩ්ඩක් කුප්‍රකට මනුස්සයෙක් බව.

කේස් එක ගැන ආයෙ ආයෙ හොයාගෙන යද්දි ඇන්ටනි මෝසස් හොයාගන්නව ආර්‍යන්ව මරන්න පාවිච්චි කරපු ස්නයිපර් තුවක්කුකරුව කන්ට්‍රෝල් කරන්න තව කෙනෙක් ඉඳිය කියන කතාව. කොහොමහරි මේ විමර්ශනය කිරීම් කේස් වීගෙන යද්දි එයාගෙ ටීම් එකේ අය ඇන්ටනිව මේ නඩුවෙන් අයින් කරන්න කියල ඉල්ලල ඉන්නව.

ඒත් ඇන්ටනි කියනව “මට දවස් දෙකක් දෙන්න. මම ඒ දවස් දෙකේ මේ කේස් එක කොහොමහරි ඉවරකරන්නම්, ඒම බැරි උනොත් විතරක් මාව මේ කේස් එකෙන් අයින් කරන්න” කියල.

මේ සිද්දි අතරවාරෙ දවසක් ඇන්ටනි ඉන්න අපාට්මන්ට් එකට එන මිනිහෙක් මහ අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා.තරහ යන ඇන්ටනි මේ මිනිහට හොඳටම තඩිබානවා.

ඒ මනුස්සයගෙන් ඇන්ටනිට හෙලිකරගන්න පුලුවන් වෙනව ආර්‍යන්ගෙ මිනීමැරුම සම්බන්ධ එක රහසක්. ඒක ඇත්තටම ඇන්ටනිට දරාගන්න අපහසු, පිලිගන්න අපහසු වෙන විදියෙ රහසක්.

ඉතින් ඒ රහස හෙලිකරගන්න නම් මේ චිත්‍රපටය බලන්න කියල මම ඉල්ලා ඉන්නව.

Crime, Thriller චිත්‍රපට වලට ආස කරන අයට බලන්නම හොඳ අන්තිම වෙනකම් කුතුහලය උපරිමේටම තියෙන චිත්‍රපටයක් විදියට මේ Mumbai Police කියන චිත්‍රපටය නම් කරන්න පුලුවන්.

ඉතින් චිත්‍රපටය බලලා ඔයාලා මේ කතාව ගැන මොකද්ද හිතන්නෙ කියන එක අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදාගන්න අමතක කරන්න එපා. 

Related Articles

Don't Miss


Latest Articles