සත්‍ය කතා ඇසුරෙන් ගොඩ නැගුණ භයානක චිත්‍රපට පෙළක්!

බොහෝ විට භයානක චිත්‍රපට හුදෙක්ම රුධිරය වැගිරීම්, කැපීම්, කෙටීම් සහිතව නරඹන්නන්ට ඉතාමත්ම භීතියක් ඇති කරවන අතර, ක්‍රමයෙන් දියුණු වන කතා වස්තුවකට වඩා, ත්‍රාසජනක දෙයකින්ම ආරම්භ වන සිනමා කෘති වඩා  රසවත් බව ප්‍රේක්ශකයන් විශ්වාස කරනවා. එවන් චිත්‍රපටවලදී, ප්‍රේක්ෂකයාට දැනීමට සහ අවබෝධය ලබා ගැනීමට සිදුවන තොරතුරු බෙදා ගන්නා අතරම, අන්තිමට කතාව කෙසේ වන්නේදැයි නිවැරදිව තේරුම් ගැනීමට උනන්දුවක් ඇති කරන්න හේතු වෙනවා. චිත්‍රපට ආරම්භයේදී “සත්‍ය සිදුවීම් ඇසුරෙන්” යන වචන පෙන්වීමේදී, කතාවට සැබැවින්ම උනන්දුවක් ඇති වන අතර, කතාවේ සිදුවීම් හෝ අවාසනාවන්ත සිදුවීම් හඳුනා ගැනීමට උනන්දු වන නිසා, නැරඹීමේ අත්දැකීම වඩ වඩාත් Interesting වන බව බොහෝ අය පිළිගන්නවා.

ඉතින් ඒ නිසාම අපි හිතුවා, අද චිත්‍රපට ගැන කතා කරන ලිපියෙන් “සත්‍ය කතා ඇසුරෙන් ගොඩ නැගුණ බලන්න ආස හිතෙන භයානක චිත්‍රපට පෙළක්” ගැන විස්තර ඔයාලාට අරගෙන එන්න!

1-     The Strangers 2008

චිත්‍රපටයේ කතාව: මේ The Strangers Franchise එකේ හැම චිත්‍රපටයක්ම අපිට ඉතාම හොඳ චිත්‍රපට අත්දැකීමක් ගෙනත් දෙන බව තමයි සඳහන් වෙන්නෙ.මොකද මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන චරිත වෙස් මුහුණු පැලඳගෙන ඉන්න මිනීමරුවන් කිහිප දෙනෙකුගෙන් ජීවිත බේරගන්න කරන ත්‍රාසජනක අරගලයක් තමයි මේ චිත්‍රපටයේ කතාවෙන් පෙන්වන්නෙ.

මිනිසුන්ව ඝාතනය කරන්න හේතුවෙලා තියෙන අපේක්ශාව වගේම වින්දිතයන්ට මේ ප්‍රහාරකයන්ගෙන් බේරෙන්න පුලුවන්ද කියන කුතුහලය සහ සැකය මේ චිත්‍රපටය වඩා රසවත් කරනවා.

චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව: මේ The Strangers කියන කතා මාලාවට සත්‍ය සිදුවීම් තුනක් හේතු පාදක වෙලා තියෙනවා.  1969 දී Manson පවුල විසින් සිදු කරන ලද බහු ඝාතන, 1981 Keddie Cabin මිනීමැරුම්, සහ අධ්‍යක්ෂක Bryan Bertino ගේ ළමා කාලයේ අත්දැකීම් තමයි මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ. ඉතින් මේ ඇත්ත සිදුවීම් මත හේතුවෙලා ඉතාම ත්‍රාසජනක විදියට ගොඩනගපු මේ චිත්‍රපටයට මිනිස්සු කොච්චර බය වුනාද කියනවනම් තමන්ගෙ ගෙවල් වලටත් මෙහෙම Strangers ලා ඒවි කියන බයෙන් සෑහෙන කාලයක් එයාලා කාලය ගෙව්වා කියලත් කියවෙනවා.

2-     Zodiac 2007

චිත්‍රපටයේ කතාව: 2007 අවුරුද්දෙ ආව මේ Zodiac කියන චිත්‍රපටයේ ඉන්න චරිත 60 සහ 70 ගණන්වල පණිවිඩ විකේතනය කිරීමට සහ Zodiac Killer ඔවුන්ගේම ආකාරයෙන් සොයා ගැනීමට උත්සාහ කරමින් තමයි ඉන්නෙ. හැබැයි එයාලට පුලුවන් වෙන්නෙ නැහැ තමන්ගෙ අරමුණ ඉටු කරගන්න.කොහොමහරි චිත්‍රපටය බලන් ඉන්න අයට තියෙන Thrill එක වෙන්නෙ මේ චරිත තුන “අපිට තව පොඩ්ඩයි මේ මිනිමරුවව අල්ලගන්න කරන්න තියෙන්නෙ” කියල හිතන ගමන් Frustrate වෙන විදිය දකින එක. ඇත්තම මිනීමරුවව තාම අල්ලගෙන නැති නිසා මිනිස්සු හරිම උනන්දුවෙන් තමයි ඉන්නෙ මෙයා කවුද කියල දැනගන්න.

චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව: ඉතින් මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙත් ඇත්ත කතාවක්. මේ Zodiac Killer කියන්නෙ ප්‍රාදේශිය පත්තර උපයෝගී කරගෙන පොලිසියට අපහාස කරන්න කටයුතු කල මිනීමරුවෙක්.හැබැයි මෙයාව හඳුනාගන්න පුලුවන් වෙලා නැහැ. මෙයා මිනීමරන්නෙ “මම පොලිසියට අපහාස කරල එවන ලිපි පල නොකලොත් ලැබෙන දඬුවම මරණය” කියල තර්ජනය කරලලු.  තමන් මිනිස්සු 37 දෙනෙක්ව මැරුව කියල ප්‍රසිද්ධ කරල තිබුණත් තාම දකින්න නම් ලැබිල තියෙන්නෙ මිනී 7 විතරයිලු.

3-     The Girl in the Basement 2021

චිත්‍රපටයේ කතාව: මේ The Girl in the Basement කියන 2021 අවුරුද්දෙ ආව චිත්‍රපටය ඉතාම දුක්බර චිත්‍රපටයක් කියල කියන්නම ඕන. මේ කතාවෙ වෙන්නෙ ඇගේම පියා විසින් පැහැරගෙන ගොස් දූෂණය කර අමානුෂික ලෙස පහර දුන් සාරා කෝඩිගේ බිහිසුණු කතාව. වරක් ඇය නිවස ලෙස හැඳින්වූ ස්ථානයේ බිම් මහලේ සිරවෙලා ඉන්න අතාරෙම, සාරා තම පියාගේ ප්‍රහාරවලින් තමා මෙන්ම තම දරුවන්ද බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරනවා. අවාසනාවකට මෙන්, ඩොන්ගේ අස්ථාවර මනස සහ දුක්ඛිත ස්වභාවය ඔහුගේම මුණුබුරෙකුට ඇගේ මව සහ සහෝදර සහෝදරියන් වෙනුවෙන් උපකාර ලබා ගැනීමට හැකි වන තෙක් ඔහුගේ දියණියට වසර 20 ක පමණ වධ හිංසා ගෙන එනවා.

චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව: මම අද මේ අරගෙන එන සත්‍ය කතා පාදක කරගත්ත චිත්‍රපට අතරින් මගේ හිත වඩාත්ම රිදවපු සත්‍ය කතාව තමයි මේ The Girl in the Basement කියන චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. චිත්‍රපටයේ නම සාරා වුණාට ඇත්තටම මේ ගැහැණු ළමයගෙ නම එලිසබෙත්. නව යොවුන් වියේ ඉඳපු එලිසබෙත්ව, බලහත්කාරයෙන් තමන්ගෙ ගෙදරම බිම් මහලෙ හිර කරපු එලිසබෙත්ගෙ තාත්තා අවුරුදු 20ක් පුරාවට එලිසබෙත්ව දූශණය කරනව වගේම පුදුමාකාර වදහිංසා ඇයට පමුණුවනවා. ඒ වගේම තාත්තට දාව එලිසබෙත්ට දරුවනුත් හම්බෙනවා. පුදුමය කියන්නෙ උඩ තට්ටුවෙ ඉන්න අම්මට මේ ගැන කිසිම සැකයක් නොහිතෙන එක. තාත්තට දාව ඉපදුණ එක දරුවෙක්ව අසනීපයකට ඉස්පිරිතාලයට ගෙනයන්න වුණාට පස්සෙ තමයි අවුරුදු 20කට පස්සෙ මේ බිහිසුණු අපරාධය මතුවෙන්නෙ.

4-     Good Nurse 2022

චිත්‍රපටයේ කතාව: මිනිස්සු රැකියාවක් විදියට වඩාත්ම විශ්වාස කරන රැකියාවන් අතරෙ වෙදකමට සහ හෙදකමට ලොකු තැනක් හම්බෙනවනෙ. හැබැයි අවාසනාවන්ත විදියට ඒ විශ්වාසයම තව මනුස්සයෙක්ගෙ ජීවිතේ විනාශ කරන්න හේතුවක් කරගන්න හෙද සේවයේ යෙදෙන අයත් නැතුව නෙවෙයි. චාල්ස් කලන් කියන්නෙ අන්න එහෙම කෙනෙක්. එයා හිතනව එයාට රෝගීන්ට කරදර කරන්න පුලුවන් අමුතු බලයක් තියෙනව කියලා. ඉතින් මේ Good Nurse කියන චිත්‍රපටයෙන් පෙන්වන්නෙ කලන් එක්ක යාලුවෙච්ච නිර්භීත කාන්තාවක් කලන් තමන්ගෙ මේ හෙදකම පස්සෙ හංගගෙන ඉන්න භයානක මිනීමැරුම් ගැන හෙලිකරන කතාවක්.

චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව:  මේ චිත්‍රපටයට පාදක වෙල තියෙන්නෙත් සත්‍ය කතාවක්. 1988 අවුරුද්දෙ මුල් කාලෙ හෙද සේවයේ නියුතු වෙලා උන්න චාල්ස් කලන් විශ්වාස කරල තියෙනව තමන් රෝගීන් ලඟඳි හරි බලවත් කෙනෙක් කියලා. ඒ බලය හේතු කරගෙන මෙයා රෝගීන් සෑහෙන ප්‍රමාණයක් හෙමින් සැරේ මරල දාලා තියෙනවා. සැක සහිත මරණ ගොඩ ගැහෙන්න ගත්තම කලන් වෙන තැනක වැඩට යොදවනවලු. මොකද මේ රෝහල් නඩුවලට බය හන්දා. ඉතින් මේ මිනීමරුවව 2003 දි අත් අඩංගුවට ගන්න තුරුම තමන්ගෙ හෙදකමේ බලය පාවිච්චි කරලා මෙයා අහිංසක ලෙඩ්ඩුන්ව මරල දාලා තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles