භයානක කැළයක ජීවිතයත් මරණයත් අතර සටනක – LOST

“LOST” කියන්නේ වියට්නාමයේ සශ්‍රීක එහෙත් භයානක වනාන්තර තුළට නරඹන්නන් ගෙන යන ත්‍රාසජනක චිත්‍රපටයක්. මෙම තීව්‍ර ත්‍රාසජනක චිත්‍රපටය අමෙරිකානු සොහොයුරන් දෙදෙනෙකු වන මාර්ක් සහ ජෝන් නිවසින් බැහැරව ඉද්දි, වනාන්තරයක් ඇතුලෙ ජීවිතයට තර්ජනයක් වන තත්වයක පැටලී සිටින දුක්ඛිත වගේම භයානක ගමනක් ගැන කතාවක් තමයි කියන්නෙ. පැවැත්ම, සහෝදරත්වය සහ යුද්ධයක් නිසා මිනිසුන් විඳින පීඩාවන් තේමා කරගෙන නිර්මාණය වුණ මේ Lost චිත්‍රපටය ඇත්තටම බලගතු සහ ත්‍රාසජනක සිනමා අත්දැකීමක් ලබා දෙන්නක්.

චිත්‍රපටය පටන් ගන්නෙ මේ මාර්ක් සහ ජෝන් කියන සහෝදරයන් දෙදෙනා මේ වියට්නාමයේ කැළයක් ඇතුලෙ ඇවිදින දර්ශනයකින්. ඒ පළවෙනි මොහොතම ත්‍රාසය පිරිච්ච එකක්. මේ සහෝදරයන් දෙදෙනා යන්නෙ මේ සංචාරයක් නෙවෙයි, මේක සෑහෙන බරපතල Mission එකක්. මේ Mission එක අවසානයේ මේ දෙන්නගෙ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන් අන්දමේ අවදානමක් තියෙනවා.

මේ Mission එකේ අවදනම් සහගත බව පෙන්වන්න වගේම මේ කැලෑව හරිම රූස්ස, ඝන වනාන්තරයක්. මේ සහෝදරයන් දෙදෙනාටම ඒක තේරෙනව. එයාලා මේ කැලෑව ඇතුලෙ තියෙන අවදානම් සහගත බව හොඳටම තේරුම් අරගෙන තමයි ඉන්නෙ. ඒ වගේම මෙයාලා මේ ගමන යන්නෙ තනියමත් නෙවෙයි. මෙයාලත් එක්ක තව පිරිසක් ඉන්නවා.

ඒ පිරිසෙ ඉන්න අය තමන්ටම ආවේණික හේතු වෙනුවෙන් මේ කැලෑව ඇතුලට ආව මිනිස්සු කණ්ඩායම්. මේ කණ්ඩායමේ Guide විදියට වැඩකරන්නෙ වියට්නාම මනුස්සයෙක්.

එය කැලය ගැන හොඳින් දන්න කෙනෙක් වගේම ඉස්සරහට වෙන්න පුලුවන් අනතුරු ගැන අවබෝධයක් තියෙන නිසාම හරිම සුපරීක්ශාකාරීව තමන් මේ කණ්ඩායම ගමන එක්කරගෙන යන්නෙ මේ කණ්ඩායම දන්නවා තමන්ට මේ කැලෙන් පණපිටින් එලියට එන්න නම් මේ Guide ගෙ උදව්ව මාරම වැදගත් බව. ටිකෙන් ටික ටිකෙන් ටික කලෑව ඇතුලට යද්දි තමා එයාලට වගේම අපිටත් තේරෙන්න පටන් ගන්නෙ මේක ඇත්තටම නිකන්ම නිකන් කැලයක් නෙවෙයි Death Trap එකක් කියලා.

 කණ්ඩායමේ ඉන්න එක සාමාජිකයෙක් යුධ ප්‍රවීණයෙක්. එයා වියට්නාම යුද්ධයේදි සටන් කල මනුස්සයෙක්. ඒ යුද්ධය ගැන මතක තාම එයාගෙ මනස ඇතුලෙ දෝංකාර දෙන බව මේ මනුස්සය කියනවා. මේ යුධ අත්දැකීම් වටිනවා වුනත් ඒවා හේතුවෙනව මේ මනුස්සයගෙ ආතතිය වැඩි කරන්න. යුද්ධයක් කවදාවත් කිසිම මනුස්සයෙකුට සොඳුරු හැඟීමක් ගෙනත් දෙන්නෙ නැහැනෙ. අවිනිශ්චිත, බයක් ගැන හැඟීම් මිස.

මේ මනුස්සය උදව් කරනව කැලෑවෙ යන අතරවාරෙ කණ්ඩායමේ ඉන්න අනිත් අයට උදව් කරන්න තමන් යුධ වාතාවරණයක්දි පාවිච්චි කල උපක්‍රම එහෙම යොදාගෙන. ඒ අතරවාරෙම එයාගෙ ආතතිය, මානසික අරගලය සමගත් එයා සටන් කරනව. යුද්ධයකට කෙනෙක්ගෙ මනසකට කොච්චර ලොකු බලපෑමක් ඇති කරනවද කියන එක මේ මනුස්සයගෙන් අපිට අපූරුවට පෙන්වල දෙනවා.

කණ්ඩායමේ අවසාන සාමාජිකයා වෙන්නෙ මාධ්‍යවේදියෙක්. මාර්ක් සහ ජෝන් වියට්නාමයේ මේ කැලෑවක් අස්සෙ අරගල කරන්නෙ ඇයිද කියල දැනගන්න එයා සෑහෙන උත්සහ කරනවා. ඒ මනුස්සයට මේ සහෝදරයන් දෙන්න ගැන දැනගන්න තියෙන කුතුහලය කතාවට වගේම බලාගෙන ඉන්න ප්‍රේක්ශකයගෙ හිත්වලටත් තිගැස්මක්, කුතුහලයක් හරි අපූරුවට එකතු කරනවා. ටිකෙන් ටික මේ මාධ්‍යවේදිනියට පුලුවන් වෙනවා මේ සහෝදරයන් දෙන්න ඇවිල්ල ඉන්න Mission එක ගැන පොඩ්ඩ පොඩ්ඩ දැනගන්න.  

මේ හැම සිදුවීමක් එක්කම මේ කණ්ඩායම එක්ක අපිත් මේ භයානක කැලෑවෙ අභ්‍යන්තරයට ටිකෙන් ටික යනවා, හැබැයි මේක ලේසි ගමනක් නෙවෙයි. දුශ්කර මාර්ග, අභියෝග, ලස්සන වුණත් අනතුරු පිරිච්ච ගමනක්. ස්වභාවික උවදුරු අප්‍රමාණයක් මේ කැලෑව අස්සෙ හැංගිල තියෙනවා. මේ ගමන අවසානයේ කාටවත් Survive වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ අපිට තියෙනවා.

විෂ සහිත සර්පයො, ආක්‍රමණශීලී කෘමීන්, හදිසි කුණාටු මහ තොගයක්!

මේ හේතු තමයි ඇත්තටම ප්‍රේක්ශකයට එක තප්පරේකටවත් මේ චිත්‍රපටයෙන් ඇහැ එලියට ගන්න ඉඩ නොදී අපිව අලවගෙන තියාගන්නෙ.

ඒ විතරක් නෙවෙයි මේ කැලෑව හරියට වියට්නාම යුද්ධයේ නටඹුන් වගේ. සුන්බුන්, යුධ උගුල් වලිනුත් සෑහෙන්න පිරිලා.

මාර්ක් සහ ජෝන් දෙන්නට මෙහෙම ඉස්සරහට යද්දි හොයාගන්න පුලුවන් වෙනවා වියට්නාම යුද්ධයේ බිම් බෝම්බවලිම් පිරිච්ච පිට්ටනියක් හොයාගන්න. කොහොමද මේ පිට්ටනිය තරණය කරන්නෙ? ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. මේක නිකන්ම නිකන් යුද්ධයක් නෙවෙයි. ජීවිත සටනක්, ජීවිතේ බේරගන්න කරන යුද්ධයක් බව හැමෝටම තේරෙන්නෙ ඒ වෙලාවෙ.

කණ්ඩායම තේරුම්ගන්නවා, ටිකෙන් ටික මේ අනතුරු, උවදුරු වැඩිවෙද්දි තමන් කණ්ඩායමක් විදියට එකට එකතුවෙලා වැඩ කරොත් විතරයි තමන්ගෙ හිත්වල තියෙන බය මෙල්ල කරගෙන මේ ගමන පරිස්සමෙන් යන්න පුලුවන් වෙන්නෙ කියල.

හැම අතින්ම එන්නෙ උවදුරු, කරදර සහ අනතුරු විතරමයි. කාලය ටිකෙන් ටික අඩුවෙනව. ජීවිතාශාව ටිකෙන් ටික වැඩිවෙනව. මරණ බයත් ඒත් එක්කම එන්න එන්න වැඩිවෙනවා.

සමහර තැන්වලදි ජීවිතේ රැකගන්න ජීවිතේ පරදුවට තියල අධිශ්ටානයෙන් කටයුතු කරන්න වෙනවා කියල්ල කණ්ඩායමේ අය තේරුම්ගන්නවා. සමහර වෙලාවට අපි කොච්චර දේවල් කරත් දෛවය කියල දෙයකුත් මේ ලෝකෙ තියෙනවා.

මේ චිත්‍රපටය පුරාවටම අපිට පෙන්වන්නෙ මරණ බය සහ ජීවිත ආශාව මනුස්සයෙක්ට කොච්චර දේවල් කරන්න් පොළඹවනවද කියන එක.

ඉතින් මේ චිත්‍රපටය ඇත්තටම බලන්න වටින එකක්. ත්‍රාසය, භීතිය, ජීවිතාශාව පිරිච්ච ලොමු ඩැහැගැන්වෙන Survival Game එකක් ගැන ලියවුණ අපූරු කතාවක්.

මේ චිත්‍රපටය තවත් විශිෂ්ට වෙන්න මේ චිත්‍රපටයේ Story Telling එක, Camera Angles, Thrilling Action සෑහෙන හේතුවක් වෙලා තිබෙන බව කියන්නම ඕන.

ඉතින් බලන්න – වියට්නාමයේ කැලයක් මැද ජීවිත සටනක ඉඳපු කණ්ඩායමක් ගැන කතාව – Lost

Related Articles

Don't Miss


Latest Articles