දරුවෙක් පිළිසිඳ ගැනීමට සුදුසුම ලිංගික ඉරියව්

ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙනවනම්, ඔයා අනිවාර්යෙන්ම දැනගතයුතු කාරණා කීපයක් තියෙනවා. ඔයාට වගේම ඔයාගේ පාට්නර්ටත් තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි, සෙක්ෂුවල් පොසිෂන් එක එහෙම නැත්නම් ලිංගික ඉරියව්ව ඔයා ගර්භනී වෙන්න බලපානවද කියන එක. අද අපි කතා කරන්නේ ඒ ගැනයි.

විද්‍යාව මේ ගැන කියන්නෙ මොනවද?
මේ තමයි මිත්‍යාව දුරලන ඇත්තම තත්ත්වය.  ගර්භනී වෙන්න උත්සහ කරනකොට, පොසිෂන් එකට එහෙම නැත්නම් ඉරියව්වට වඩා බලපාන්නේ ඔයාලා කොච්චර වෙලාවක් ලිංගිකව එකතු වෙනවද කියන එක කියලා තමයි ප්‍රවීණයන්ගේ අදහස වෙන්නේ. ඇත්තටම කිසිම සුවිශේෂ ලිංගික ඉරියව්වක් නැහැ ඔයාට දරුවෙක් පිළිසිඳගන්න ම විශේෂ වුණු. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඔයාගෙ සහකරුවාට ඔහුගේ ශුක්‍රාණු හැකිතාක් ගැබ්ගෙලට සහ යෝනි මාර්ගය සහ ගර්භාෂය එකතු කරන ප්‍රදේශයට හැකිතාක් පතිත කරන්න පුලුවන් ඉරියව්වක් නම්, අන්න ඒක ඔයාට දරුවෙක් පිළිසිඳගන්න වැදගත් වෙනවා.

මේකට කරන්න පුලුවන් එක දෙයක් තමයි,සංසර්ගයෙදි පුරුෂ ලිංගය හැකිතාක් ගැඹුරට ඇතුල් කිරීම. මේ විදියට ඇතුල් කරන්න පුළුවන් ලිංගික ඉරියව් දෙකක් තියෙනවා. මේ දෙකම ගැබ්ගෙල ආරම්භයට ශුක්‍රාණු පතිත කරන්න සමත් වෙනවා.

එකක් තමයි මිෂනරි ක්‍රමය. ඒ කියන්නෙ සහකරුවා ඔයාට උඩින් දිගාවෙලා සංසර්ගයේ යෙදෙන ඉරියව්ව.
අනිත් ක්‍රමය තමයි ඩොගී ස්ටයිල් කියලා අපි කියන්නේ. ඔයා දණ ගහගෙන ඉන්න කොට එයා ඔයාගෙ පසුපසින් ඉඳන් යෝනි මාර්ග සංසර්ගයේ යෙදෙන ඉරියව්ව.

සංසර්ගයෙන් පස්සෙ මොනවද තවත් ඔයාට මේ වෙනුවෙන් කරන්න පුලුවන්?
මේ ගැනත් පුංචි විද්‍යාත්මක මතයක් තියෙනවා. ඒ වගේ ම කොමන් සෙන්ස් තියෙනවා නම් ඔයාටම වුණත් ශුක්‍රාණු සරු ඩිම්බයක් හොයන් යන මේ ගමනට උදව් කරන්න පුළුවන්.

ටිකක් වෙලා වැතිරිලා ම ඉන්න. එතකොට ශුක්‍රානු වලට අදාළ ප්‍රදේශ වලට ළඟා වීමට පහසුවක් ලැබෙනවා. විනාඩි 10ක් 15ක් හොඳට ම ප්‍රමාණවත්.

ඊට පස්සෙ මුත්‍රා කරන්න. ඔයාට මුත්‍රා ආසාදන හැදෙන්න තියෙන ඉඩ, සංසර්ගයකින් පස්සෙ මුත්‍රා කිරීමෙන් අඩු වෙලා යන බව අපි ඕනෑ තරම් කියා තියෙනවා.

ශ්‍රෝණිය එහෙම නැත්නම් ඉණ පෙදෙස තරමක් ඔසවන්න. ගුරුත්වාකර්ෂණය මගින් ශුක්‍රාණු ඔයාගෙ ගර්භාෂය දෙසට ගමන් කළ හැකි වන පරිදි ලිංගිකව එක්වීමෙන් පස්සෙ ඔයාගෙ ඉණ යටට කොට්ටයක් තියන්න. එතකොට ඉණ ඉස්සිලා තියේවි. මේකත් විනාඩි 10 සිට 15 දක්වා හිටියාම ඇති.

කකුල් ඉහළට දමන්න . බිත්තියක් උඩට ඔයාගෙ කකුල් තබාගෙන විවේක ගන්න. ශුක්‍රාණුවට ගුරුත්වාකර්ෂණය උපකාර කරන  තවත් ක්‍රමයක් තමයි මේ.

ලිංගික සංසර්ගයෙන් පස්සෙ ඔයාගෙ යට ඇඳුම්වල හෝ වැසිකිලි කඩදාසිවල තෙතමනය සමහර විට ඔයා දකින්න පුළුවන්. ඒ  බොහෝ විට ශුක්‍රාණු. ශුක්‍රාණු වල දියර කොටසයි. නිරෝගී ශුක්‍රාණු කාන්දු නොවූ බවට සහතික වන්න. ලිංගික සංසර්ගයෙන් විනාඩි 10 සිට 15 දක්වා පෙර කී ටිප්ස් ක්‍රියාත්මක කරන්න. ඒවා දැනටමත් ඔයාගෙ ගර්භාෂය ඇතුළෙන් පැලෝපීය නාල දෙසට ගමන් කරයි. ඒ නිසා කාන්දු වීමට ඉඩ නොදෙන්න.

මතක තියාගන්න ඕනෙ වැදගත් ම දේ තමයි, දරුවෙක් බලාපොරොත්තු වෙන ඔයා ලිංගික ව එක් වෙන්න ඕනෙ ඔයාගෙ සරු කාලයේදී වීම. ඇත්තට ම විද්‍යාවට අනුව ඕනෑම දවසක ගර්භනී වීමේ හැකියාව තිබෙනවා. නමුත් සරු කාලයේදී ගර්භණී වීමේ හැකියාව ඉතාම ඉහළයි. ඒ නිසා ඔයා දරුවෙක් ගැන හිතනවා නම් අනිවාර්‍යෙන් ම සරු කාලය හොයාගන්න. දින ගනන් කිරීමෙන් වගේ ම දැන් වෙලඳපොලේ ovulation strips මිලදී ගන්නට තිබෙනවා. ඉතින් ඔයාගෙ කිරි සිහිනය සැබෑ වෙන්න අපෙන් සුබ පැතුම්.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles