Hot Air Balloon එකක් තුල ජීවිත සටනක්

Thriller Movies වලට අපි මාරම ආසයිනෙ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. වාහන වල අන්තරායකර ගමන් යන කඳු නගින වගේ දේවල් ඇත්තටම මිනිස්සු කරන්නෙ පුදුම කැමැත්තෙන්. හැබැයි අපිට ටිකක් විතර නුපුරුදු දෙයක් තමයි මේ Hot Air Ballons වල යන ත්‍රාසජනක ගමන් කියන එක.

Hot Air Balloons කිව්වම මට නම් මුලින්ම මතක් වෙන්නෙ වැඩ බැරි දාසගෙ බැලුම. ඒ දවස්වල එහෙම බැලුමක යන එක සුපිරියක් කියල හිතුනට මේ චිත්‍රපටය බැලුවට පස්සෙ නම් ඔන්න ඒ සිතුවිල්ල වෙනස් කරගන්න ඕනම කෙනෙක්ට හිතෙන එක සාමාන්‍ය දෙයක්.

මොකද අපි සමහරවෙලාවට හිතනවනෙ මේ Hot AIR Ballon එකක යන එක එච්චරම අන්තරායකර නෑ කියල. අන්න ඒ හිතුවිල්ල වැරදියි කියල ඔප්පු කරගන්න ඕන නම් මේ SOS: Sacrifice or Survive Movie එක බලන්නම ඕන.

කේට් එයාගෙ පුංචි කාලෙම වෙන් වෙච්ච සහෝදරිය වුන ලිස් එක්ක Hot Air Ballon එකක Joyride එකක් යන්න තීරනය කරනවා. මේක යන්නෙ තව එයාලා නන්නාඳුනන අය කීප දෙනෙක් එක්ක. පටන්ගනිද්දි නම් හරි ශෝක් කියල හිතුනට ටික වෙලාවකට පස්සෙ මේ Balloon එක බය හිතෙන, Thrilling Journey එකක් තමයි මෙයාලව අරගෙන යන්න පටන් ගන්නෙ. බේරෙන්න ක්‍රමයක් හිතාගන්නවත් බැරිවෙන විදියට.

කොහොමහරි ඉතින් මේ ගමන යද්දි කේට් මේ බැලූන් එකේ යන නන්නාඳුනන කට්ටිය එක්ක සෙට් වෙනවා. කොහොමහරි අක්කා ආපහු එනකම් දූපතේ ඉන්න ලිස්ට දකින්න ලැබෙනවා මේ කේට්ගෙ අලුත් යාලුවෙක් කරන්න ගිය මංකොල්ලයක්. හැබැයි මේ මංකොල්ලෙ නම් හරියන්නෙ නෑ. ඉතින් ලිස් ඕක නිසාත් පොඩ්ඩක් අවුලෙන් තමා ඉන්නෙ.

ලිස් තමයි කේට්ට බේරෙන්න තියෙන එකම චාන්ස් එක. හැබැයි අවුරුදු 11ක් වයස පොඩි කෙල්ලෙක්ට පුලුවන්ද මේ වගේ අභියෝගයක් සාර්තකව දිනන්න?

මේ දෙන්න මේ ගමන යන්න එකතුවෙන්නෙ Mediterranean Island එකේදි.  මේ හිතපු නැති දේ එක්ක බැලූන් එක මූදෙනුත් ඈතට ගහගෙන තමයි යන්නෙ. ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ ෆෝන් වලට සිග්නලුත් නෑ.ඒ වගේම බැලූන් එකේ ගෑසුත් ටික ටික අඩුවෙවී යනවා.

ලිස් ඉන්නෙ දූපතේ තමන්ගෙ සහෝදරිය එනකම් බලාගෙන. කේට් ඉන්නෙ ඈතම ඈත තැනක ෆෝන් සිග්නලුත් නැතුව ජීවිතයත් මරණයත් අතර සටනක. ඒ අස්සෙ තමයි ලිස් මංකොල්ලයක ඇහින් දුටු සාක්ශිකාරියක් වෙන්නෙත්.

මුලින්ම බලද්දි නම් අපිට හිතෙන්නෙ මේක හරියට මේ ඉස්කෝලෙ යන කෙල්ලො කොල්ලො සෙට් එකක් එකතුවෙලා කරපු ලෝ බජට් ෆිල්ම් එකක් විදියට.සාමාන්‍යයෙන් ෆිල්ම් එකක දකින්න ලැබෙන අර පර්ෆෙක්ට් කියන්න පුලුවන් එඩිටින් ස්කිල්ස් එහෙම මේ ෆිල්ම් එකේ දකින්න නැතිම තරම්.

මූදට ඉහලින් ගහගෙන යන බැලුන් එක ඇතුලෙ කතන්දර මහ ගොඩක් වෙනවා. ඒ කතන්දර මොනවද, මෙහෙම දෙයක් උනේ කොහොමද කියන එක දැනගන්න මේ චිත්‍රපටය බලන්නම ඕන.

මොහොතින් මොහොතට Thrill එක වැඩිවෙද්දි පුටුවේ වාඩිවෙලා චිත්‍රපටය බලන් ඉන්නව කියල නෙවෙයි අපිට හිතෙන්නෙ, ඇත්තටම අපිත් මේ බැලුන් එක ඇතුලෙ ගහගෙන යනවා කියලා.

මේ චිත්‍රපටය පුරාවටම එකිනෙකට එකක් සම්බන්ධ වෙන අමුතු අමුතු සිදුවීම් මහ ගොඩක් තියෙනවා. ඒ නිසා චිත්‍රපටය පුරාවටම හැම මොහොතකම අපිට විසඳගන්න ගැටලුවක් දෙන්න අධ්‍යක්ශකවරයා සමත්වෙලා තියෙනවා.

මේ චිත්‍රපටයේ තියෙන “මරු” කියල කියන්න පුලුවන් Moments කීපයක්ම තියෙනව. ගහගෙන යන බැලුන් එක සුලං පෙති තියෙන පැතිවලට යන එක. එහෙම වෙලාවක හිතට දැනෙන මරණ බය. ඒවා කියන්න වචන හොයාගන්න ඇත්තටම මාර අමාරුයි.

ඒ සිදුවීම මාරම Close Encounter එකක් කියල කියන්නම ඕන. මෙතනදි මේ බැලුන් එකේ යන මිනිස්සුන්ගෙන් දෙන්නෙක් බිමට වැටෙනවා. අනිත් අය මරණ බයේ ඉන්න තමන්ටත් ඒ ඉරණමම අත්වෙයිද කියලා.

කේට් සහ මිරියන්ති කියන අනිත් කෙනා ඉන්නෙ තවමත් හැබැයි බැලූන් එක අස්සෙ හිරවෙලා ගහගෙන යන්නෙ කොහෙටද කියල හිතාගන්න බැරුව.

ගෑස් ටිකෙන් ටික අඩු වෙද්දි, ඈතට ඈතට ගහගෙන යද්දි හිතෙන හැඟීම් මොන වගේද කියල දැනගන්න මං හිතන්නෙ අපිටත් මෙහෙම සිදුවීමකට මුහුණ දෙන්නම වෙයි (එහෙම වෙන්න එපා කියල පතමු)

බැලූන් එකේ මෙහෙම දේවල් වෙද්දි දූපතේ තමන්ගෙ සහෝදරිය එනකම් බලාගෙන ඉන්න, මංකොල්ලෙක ඇසින් දුටු සාක්කිකරුවෙක් වෙන ලිස්ට කට්ටිය සලකන්නෙ Abandoned Minor කෙනෙක් විදියට. හැබැයි Consulate Office  කෙනෙක් වුණ සෝෆියාට ඇත්ත තත්ත්වෙ තේරුම් කරවල දෙන්න ලිස්ට පුලුවන් වෙනවා.ඒ ඔස්සේ ලිස්ට පුලුවන් වෙනවා බෝට්ටුවකින් මූදට යන්න.

අන්න ඒ ගමනත් හරිම තීරණාත්මක වෙනවා, බැලුන් එකේ කට්ටිය වගේම ජීවිතය වෙනුවෙන් සටනක් කරන්න වෙන තරමට.

ඉතින් මේ කතාව අවසාන වෙන්නෙ කොහොමද කියල දැනගන්න මම කියනවා ඔයාලට SOS: Sacrfice or Survive චිත්‍රපටය බලන්නම කියලා!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles