හතලිස්පස්වැනි නෙත් සැරිය
සිහිනි ගේ ජීවිතය අභ්‍යන්තරයෙන් අඳුරට ඇඳී යමින් තිබුණි. ඒ අතරේ චත්‍ර සහ අයත්මා ඔවුන්ගේ ජීව්ත වල ආලෝකය සියා යමින් තිබුණි. අවිශ්ක උන්නේ සහන් මුණ ගැසෙන්නට වන මඟ සොයා ගැනීමේ සතුටිනි. ඔහු අගනුවර උපකාරක පන්ති පවත්වන තම මිතුරෙකුගේ මිතුරෙක්ව සිටින බව සොයා ගැනීමෙන් පසු. අවිශ්ක මිතුරා ලවා සහන් හමුවීමට මාර්ගයක් සොයා ගත්තේය. එහෙත් ඒ පිළිබඳව සිහිනිට හෝ අන් කිසිවෙකුට නොපවසා සිටින්නටද ඔහු ඉටා ගත්තේය.
ඒ අතරේ චත්‍රද අන්තර්ජාලයට තමන් දෙදෙනාගේ තොරතුරු මුදා හැරියේ කවුරුන්දැයි සෙවීම සඳහා වන පැමිණිල්ලද ගොණු කර තිබුනේය. දෙවරක් නොසිතාම ඔහු ෆේස්බුක් පිටු කිහිපයක ඇඩ්මින්වරුන්වද ඒ වෙනුවෙන් වග උත්තරකරුවන් කලේ ඔවුන්ගෙන් හිතවත්ව ඒ පිළිබඳව විමසීමෙන් පලක් නොවූ නිසාය.
නාට්‍යයේ පෙර පුහූණුවීම් වෙනුවෙන් අයත්මා රැගෙන යන්නටත්, පෙරලා ඇය නිවෙසට හැරලවන්නටත් චත්‍ර කෙලෙසින්ම හෝ කාලය සොයා ගත්තේය. අයියා සහ අයත්මාගේ ලෝකය බිඳෙන් බිඳ ගොඩ නැගෙද්දි සිහිනි ඒ වෙනුවෙන් සතුටු වෙමින්, ඒ සතුට තමා මතටද පටවා ගන්නට උත්සාහ කලද එය නිරන්තරයෙන් ව්‍යර්තව යමින් තිබුණි. සිහිනි උන්නේ රැවටීමක් ලෙසින් වූ ප්‍රේමයක වින්දිතයෙකු වෙමින්ද, ප්‍රකාශ කර ගැනීමට නොහැකි වූ බරසාරව දැනෙන ප්‍රේමයක සිරකාරියක වෙමින්ද ය.
ඕ සහන්ගෙ ද්‍රෝහී වීම පිළිගන්නට උත්සාහ කරත්ත කරත්ම, අර කී අප්රකාශිත ප්‍රේමය උඩ පිණුම් ගසමින් මතු වූයේය. එතරම් ඉක්මනින් මිනිසුන් දෙදෙනෙකු නමින් වන හැඟීම් වෙනස් විය ඃඇකිදැයි කියාවත් ඕ දැණ උන්නේ නැත. එහෙත් එය ඇයට පිළිගන්නට සිදුවෙමින් තිබුණි.
චත්‍ර කැබ් රියට හේත්තු වී උන්නේ මුහුන දෙක කරගෙනය. අයත්මා ඔහු අසලින්ම හිටගෙන සිනාසෙමින් උන්නාය. ඇය සිනාසෙද්දී සිනාසෙද්දී පවා ඔහු කලේ මුහූන තවත් ඔරවා ගන්නා සේ සකසා ගැනීමය.
” දැන් කතා කරන්නේ නැද්ද ඔයා?…”
විනාඩි පහලොවකට පමන පසු අයත්මාම නිහැඬියාව බින්දේය. චත්‍ර එයද නෑසුනා සේ ඉවතක් බලා උන්නේය. පපුවට මැදින් දෑත බැඳගෙන උන් චත්‍රගේ ඉදිරියට පැමිණි අයත්මා ඔහුගේ දෑත් අතරින් දෑත් රිංගවා ගන්නට උත්සාහ කලේය. එහෙත් චත්‍ර කලේ ඉඩ නොදී හිඳීමය. එවිට අයත්මා එක්වරම ඉස්සී ඔහුගේ කොපුලක් ඉම්බේය. එහෙත් ඉන් පවා චත්‍ර දිය වූනේ නැත.
” මොකද්ද අනේ….? ඔයා අහපු හින්දානේ මම ඒ කතා කිව්වේ?…”
” ඇහුවේ නැත්නම් මම නොදැනම ගොනා වෙනවනේ…”
චත්‍ර එවර ඇයට කඩා පැන්නේය. අයත්මා සිතා උන්නේ චත්‍ර ව්‍යාජ කෝපයක සිටින බවය. එහෙත් එය එසේ නොවන බව වටහෙද්දී ඕ වහා ඔහුගෙන් පසෙකට වූවාය. කලන පිලීබඳව තමා තුළ විශේෂ හැඟීමක් වූ බව ඔහුට පැවසීම මෙතරම් කෝප ගන්නට හේතුවක් වන්නේ කෙලෙසදැයි ඇයට වැටහුනේ නැත. ඒ නැතත් අතීතය ගෙවී ගොස් අවසන් සමයකි. එකී අතීතයේ චත්රටද, තමා නොවූ සම්බන්ධතා තියෙන්නට ඇඨ්හ.
අයත්මා කැබ් රියේ දොර වි වෘ ත කර බෑගය ගත්තාය. ඇය දෑස් තෙත ඇඟිලි තුඩින් මිරිකා දැම්මාය. චත්‍රට පිටුපා ඉදිරියට ගමන් කලාය. එහෙත් යන්නට හැකි වූයේ අඩි කිහිපයක් පමණි. ඕ ආපස්සට හැරී ඇදී ගොස් චත්‍රගේ ගතේ වැටී නැවතුණාය.
” හිතුවක්කාරකම….”
චත්‍ර ඇයට ගිගිරුවේය.
“මාව විශ්වාස නැත්නම් ඔයාට, මං තවත් මෙතන ඉන්න එකේ තේරුමක් නෑනේ.. ඔයාගේ අතීත කතා ඉස්සර කරගෙන මම කෑ ගහලා තියෙනවද කවදාවත් .. අඩුම තරමේ මම ඇහුවද එහෙම මුකුත් ….. ? කලණ අයියාට මට ක්‍රශ් එකක් හරි, මොකක් හරි තිබුනා තමා.. ඒත් ඒ මනුස්සයට එහෙම මෙලෝ හැඟීමක් තිබුනේ නෑ මං ගැන … එයාට මාව යාලු ෆිට් එකක්, සහෝදරියක් .. එහෙම නොවී තිබ්බා නම් එහෙම එයා මාව සෙට් කරගෙන මේ වෙද්දී …..”
අයත්මාද එක දිගටම කියා දැම්මාය. චත්‍රගේ මුහූණ ඇඹරී යද්දී පවා ඕ නැවතුනේ නැත. චත්‍ර සුසුමක් හෙලුවේය. ඇතැ සම්බන්ධතා වලට නමක් දී, කාලය්ක් දී, වෙන් කර දිය නොහැකි බව චත්‍ර තරම් දන්නා කෙනෙක් නැත. එහෙත් ඇතැම් තැන් වල මෙහෙම අසරණව යන්නේ ආදරය අස්සේම ණැගෙන ඉරිසියාව පාලනය කරගන්නට නොහැඛි වූ විටය.
” හ්ම්ම්ම්ම්…”
චත්‍ර එපමණක් කීවේය.
” ඔයා ඔහොම ඔරවගෙන නම් ඉන්නේ මාව ගෙදරින් දාන්න … මට හෙට ඉස්කෝලේ … රෑ තිස්සේ නින්ද ගියේ නැතුව වැඩ කරන්න බෑ…”
අයත්මා වඩා දැඩිව නැගී සිටියාය. චත්‍ර වඩා කුඩාව හැකිලුනේය.
“ගෙදර යන්නද් ඕනි ?..”
” මං කියන්නේ ඔයා ඔහොම ඉන්නවා නම් ..”
අයත්මා එවර ඇකිලෙමින් කීවාය. ඉන් පසුව චත්‍රගේ දෑතින්ම අල්ලා ගත්තාය. දෑසටම එබුනාය. අයත්මාට ඒ දෑස් අස්සේ කිමිදෙද්දී චත්‍රගේ මේ හැසිරීම් කියවා ගැනීම කොහොමටත් අපහසු වූයේ නැත. සමාජය ඉදිරියේ මොන චරිත පෙන්වන්නට උත්සාහ කලද, චත්‍ර මන්ජිත අතුකෝරල නම් මිනිසා මෙච්චරක් ඉරිසියාවෙන්ද පැලෙන අයෙකු බව කියවා ගැනීමේ ප්‍රහර්ෂය අයත්මා විඳිමින් උන්නාය.
” ඔච්චර ඉරිසියා කරන්න එපා… ගෙම්බෙක් වෙලා පුපුරලා යයි …”
අයත්මා ඉන්නේ කොහිදැයි කියාවත් අමතක කර චත්‍ර වෙතට එබුනාය. චත්‍රගේ දෙතොල් අග්ගිස්සේ මන්දහාසයක් මැවුණි. අනතුරුව එය කොපුල් වෙතටද වැක්කෙරුණි.
” වැඩේමයි ඉරිසියා කරන්න .. මොන මීමින්නෙකද ඌ මට ….”
” අනේ යන්න … එදා ගුටිත් කෑවා ….”
” මං අත උස්සන්නෙ නැතුව හිටියේ උගේ වෙලාවට … එතන මම හැප්පුනා නම් කලණ අයියාගේ කෑලි තමයි නංගීට එකතු කරන්න වෙන්නේ…”
අයත්මා මහ හඬින් සිනාසුණාය. චත්‍ර ඇගේ සිනහව විඳිමින් බලා උන්නේය.
” මං ඔයාට හරි ආදරෙයි චත්‍ර … මං දන්නෙ නෑ ඉස්සරහට අපිට වෙන්න තියෙන දේවල් කොහොමද කියලා.. ඒත් මෙච්චර අවුරුදු ගානකට පස්සේත්, අර ඉස්කෝලේ කාලෙදි ඔයා ගේට් එකෙන් ඇතුලට එනකොට දැනුන කිතියම මට දැණෙනවා ඔයා කොහේ හරි ඉඳන් මතුවෙනකොට … මම දන්නේ නෑ ඇයි මම ඔයාව නිග්ලෙක්ට් කරේ කියලා කාල්යක්.. සමහ්රවිට, ඔයා රට ඉන්නකොට …… අර ගර්ල් .. එක්ක ..උන්න ..නිසා… ඒ .. කතා ….නිසා…වෙන්නත් …පුලුවන්…. මට තේරෙන්නේ නෑ ඒක ඔයාට කියන්න…. එදා රෑ මට කොහොම දැණුනත්, දැණ් ඒ රෑ ගැන මතක් කර කර මම හරි සනීපෙන් නිදියනවා… එදා මට ඔයාගේ ඇස් වල වෛරයයි, යක්ෂ ගතියයි විතරක් පෙනුනත්, අද ඒ සිද්දිය මතක් කරනකොට, මට පේන්නේ ඔයාගේ ඇස් වලින් ආදරේම බේරෙනවා….”
චත්‍ර ඇයව ඉතා තදින් ගුලි කරගත්තේය.
“පාර…”
“ඔහොම ඉන්නවා… කවුරුත් නෑ …”
චත්‍ර අණක් ලෙසින් කී පසු අයත්මාට ඉක්මවා යන්නට හේතුවක් වූයේ නැත.
අපේක්ෂා ගුණරත්න