නින්දට පෙර ඔබ කරන රූපලාවන්‍ය වැරදි

ඔබේ රූපලාවණ්‍ය ගැන සිතන ඔබ සම රැකවරණය පිළිබඳව , ඔබේ පෙනුම පිළිබඳව  සහ අනෙකුත් දේවල් පිළිබඳව සිතිය යුතු වන්නේ උදෑසන සිට ඔබ නින්දට යනතුරු පමණක් නොවේ. නින්දේදී ඔබේ රූපලාවණ්‍යයට සිදුවන දේ පිළිබඳවත් ඔබ සිතිය යුතු වනවා. නින්දට පෙර ඔබ කරන සමහර වැරදි නිසා ඔබේ රූපලාවණ්‍යයට එයින් බලපෑම් එල්ලවීමේ හැකියාව තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැනයි.

මොයිස්චරයිසර් මග හැරීම

ඔබේ සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීම වැදගත් වන්නේ දහවල් කාලයේදී පමණක් නොවේ. ඒ රාත්‍රී කාලයේදිත් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක්. ඔබේ සමෙහි ඇති විවිධ තත්ත්වයන් සමනය වීමට සහ සම සුවපත් වීමට සමේ සෛල බොහෝවිට ක්‍රියාකාරී වන්නේ රාත්‍රී කාලයේදීයි. එම ක්‍රියාවලින් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සමය තෙතමනය ආරක්ෂා වී තිබීම වැදගත් වනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නින්දට පෙර හොඳ මොයිස්චරයිසර් එකක් භාවිතා කිරීම වැදගත්.

දෙතොල් වලට ප්‍රතිකාර 

ඔබ රැකියාවට යන කෙනෙක් නම් , ඔබ නිතර මේකප් භාවිතා කරන කෙනෙක් නම් ඔබ ඔබේ දෙතොල් පිළිබඳවත් අවධානය යොමු කළ යුතු වනවා. ඔබ දිනපතා ලිප්ස්ටික් වර්ග භාවිතා කරනවානම් එම ලිප්ස්ටික් වර්ග මගින් ඔබේ දෙතොල් ඉතා ඉක්මනින් වියළීමට ලක්වීම සිදු වනවා. එම වියලීම නිසා දෙතොල් වලට සිදුවන හානි වළක්වා ගැනීමට, දෙතොල් අව පැහැ ගැන්වීම වළක්වා ගැනීමට සහ දෙතුන් සම්බන්ධ වෙනත් ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හොඳ ලිප් බාම් එකක් රාත්‍රී කාලයේදී ආලේප කිරීම සිදු කළ යුතුයි.

තෙත හිසකෙස් සමග නින්දට යාම 

වියළි හිස කෙස් වලට වඩා තෙත හිස කෙස් ඉතා ඉක්මනින් කැඩී යනවා. ඔබ නින්දේදී නිශ්චලව නොසිටින නිසා ඔබ තෙත හිසකෙස් සමග නින්දට යාමේදී ඒවා ඉක්මනින් කැඩී යාම සහ හානියට පත්වීම සිදුවනවා. මේ නිසා ඔබ රාත්‍රී කාලයේදී ස්නානය කරනවා නම් ඔබේ හිස කෙස් සම්පූර්ණයෙන්ම වියලා ගැනීමට වග බලා ගන්න .

අපිරිසිදු කොට්ට උර භාවිතා කිරීම 

ඔබේ ඇඳ ඇතිරිලි සහ කොට්ට උර නිතරම පිරිසිදුව තබා ගැනීම , ඒවා නිතරම මාරු කිරීම අතිශයින්ම වැදගත් වනවා.ඔබ හිස තබන කොට්ටයේ කොට්ට උරය අපිරිසිදු නම් එහි ඇති දුහුවිලි, විෂබීජ සහ අනෙකුත් අපද්‍රව්‍ය සෘජුවම ඔබගේ මුහුණේ තැවරෙනවා. මෙමඟින් මුහුණෙහි සම මත කුරුලෑ සහ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවීම ඉතා පහසුවෙන් සිදු වන්නට පුළුවන්. මේ නිසා නිරන්තරයෙන්ම ඔබගේ කොට්ට උර සහ ඇඳ ඇතිරිලි පිරිසිදුව තබා ගන්න.

දෑත් වලටත් අවධානය යොමු කරන්න 

ඔබ ක්‍රමයෙන් වියපත් වන බව සහ පහසුවෙන් වියපත් වීමේ ලකුණු පෙන්වන ප්‍රධානම ස්ථානවලින් එකක් ලෙස ඔබේ දෑත් සැලකෙනවා. මේ නිසා ඔබ ඔබේ රූපලාවණ්‍ය ගැන උනන්දු වන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබ කරන සත්කාර ඔබේ දෑත් වලටත් සිදු කිරීම කළ යුතුයි. ඒ වගේම දෑත් සඳහා නිපදවූ හොඳ අමුද්‍රව්‍ය අඩංගු වූ Hand cream එකක් ඔබේ දෑත් වල රාත්‍රී කාලයේදී ආලේප කර හොඳින් සම්බාහනය කරන්න .

මේකප් සහිතව නින්දට යාම

ඔබ සාදයකට හෝ වෙනත් අවස්ථාවකට සහභාගි වී කොතරම් ප්‍රමාද වී නිවසට පැමිණියත් නින්දට යාමට පෙර ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍ය වනවා. ඔබ අතපසුවීමකින් හෝ මේකප් සහිතව නින්දට යනවා නම් එය ඔබේ මුහුණට පසුකාලීනව ඉතා බරපතල ආසාදන තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා නින්දට පෙර අනිවාර්යයෙන්ම ඔබේ මුහුණ ඉතා හොඳින් පිරිසිදු කර ගැනීමට සැලකිලිමත් වන්න.

ඔබ නින්දට යාමට පෙර මෙම වැරදි සිදුකරන කෙනෙක් නම් Smart කාන්තාවක් ලෙස මෙතැන් පටන් එම වැරදි අවම කර ගැනීමට උත්සාහ කරන්න. එමගින් ඔබේ සමට දැනටමත් ඇතිවී ඇති බොහෝ ගැටලු වලින් මිදෙන්නට ඔබට හැකියාව ලැබේවි.

Related Articles

Don't Miss


Latest Articles