මතක මන්දිර – 03

0
5664

කේසරයි, විදුයි විතරක් නෙවෙයි, ප්‍රඩක්ශන් ටීම් එකේ විසුර, අනුරුද්ධ, පංකජා, එස් කේ අකවුන්ට් මැනේජර් රදීෂා, ඔක්කොමල මීටින් රූම් එකේ පිරිලා.

කේසර ළඟම තිබ්බ හිස් පුටුව වෙන්වලා තිබ්බෙ තමංට බව දන්න නිසාමයි කාලින්දී ගිහිල්ලා වාඩි උනේ.

“ෂැල් වී ස්ටාට්?” කියල විදූ අහද්දි තමයි කාලින්දිට තේරුං ගියේ හැමෝම බලන් ඉඳල තියෙන්නෙ තමන් එනකම් විත්තිය.

“සෝ ඔයාලා දන්නවනෙ අපි අද මේ මීටින් එක ගත්තෙ අපේ එස් කේ ක්ලයන්ට් විමෙන්ස් ඩේ අයිඩියා එක ඇපෲව් කරාට බජට් ඉෂූ එකක් නිසා පොඩ්ඩක් එස්ටිමේට් එක රිවයිස් කරල දෙන්න පුළුවන්ද කියල අහපු නිසා කියලා.

සෝ වී ආර් හියර් ටුඩේ ටු ඩිස්කස් හව් වී කැන් රෙඩුස් ද කොස්ට් විතවුට් සැක්‍රිෆයිසින් ද කොලිටි ඔෆ් ද ෆයිනල් ප්‍රඩක්ට්”

“සෝ  බේසිකලි අවර් ක්ලයන්ට් ඊස් කන්සර්න්ඩ් අබවුට් ද කොස්ට් ඇන්ඩ් දේ වෝන්ට් ටු මේක් ශුවර් දැට් ද ප්‍රඩක්ශන් ස්ටේස් විතින් අ සර්ටන් ෆයිනෑන්ෂල් ලිමිට්”

“විච් ඊස් ඉම්පොසිබල්” කේසරගෙයි විදූගෙයි කතාව මැද්දෙන් පැනල වගේ ඒ වගේ දෙයක් නොකිය බැරි විත්තිය දන්න හන්දමයි කාලින්දි එහෙම කිව්වෙ.

කොහොමත් ප්‍රඩක්ශන් කොස්ට් එක හදද්දි ඒ මීටින් එකෙත් මේ හැමෝම හිටියා. තමං කොයිතරං අමාරුවෙන්ද ඔය ගාණටවත් ප්‍රඩක්ශන් කොස්ට් එක හැදුවෙ කියල කවුරුවත් නොදන්නෙ නෑ.

තමංගෙන් අහන්නෙත් නැතුව ප්‍රඩක්ශන් කොස්ට් එකෙන්ම අඩු කරන්න ඕන කියල කට්ටිය ගත්ත තීරණේ ගැන පොඩි කොස්සක් හිතේ තිබ්බත් ඒ ඒ දේවල් ඒ ඒ විදියටම එළියට දාන්න මේක තමංගෙ ගෙදර හරි වෙන පෞද්ගලික ස්පේස් එකක් හරි නෙවෙයිනෙ.

“මම ඇග්‍රි වෙනව කාලි කියන කතාවට.නමුත් මේ වෙලාවෙ ප්‍රඩක්ශන් එකෙන් ඇරෙන්න අපිට බජට් අඩු කරන්න වෙන තැනක් ඇත්තෙම නැහැ. මොකද අපි මේ කැම්පේන් එකේ ඩිජිටල් පාට් එකට බජට් එකක් තිබ්බෙම නැති තරම්. ටීවී වල එයාර් කරන එක එස් කේ එකෙන් ඩිරෙක්ට්ලි කරන නිසා අපිට එතනින් අඩු කරන්න පුලුවන් කමකුත් නැහැ”

“ඈස් යූ කැන් සී ප්‍රී ප්‍රඩක්ශන් කොස්ට් මේක් අප් අ සිග්නිෆිකන්ට් පෝෂන් ඔෆ් ද බජට්. අපිට මෙහෙම ඔප්ෂන් එකක් ගේන්න පුලුවන්ද බලන්න, ලොකේෂන් එකට දාලා තියෙන බජට් එකෙන් ලොකු පෝෂන් එකක් වෙන්වෙලා තියෙනව ඩිස්කෂන් සෙෂන් එකට සජෙස්ට් කරල තියෙන ලොකේෂන් එක ශැන්ග්‍රිලා එක නිසා. ශැන්ග්‍රිලා එක වෙනුවට, පාක් ස්ට්‍රීට් ස්ටේබල්ස් හරි ග්‍රැන්ඩ්බෙල් වගේ ලොකේශන් එකක් ගත්තනං අපිට මේ ප්ලෑන් කරපු විදියටම ඉවෙන්ට් එකයි ඩිස්කශන් එකයි කරගන්න පුලුවන් කොස්ට් එක ගොඩක් දුරට අඩු කරගෙන, කාලි වට් ඩූ යූ තින්ක්?

විදූ කියපු දේ වැරැද්දකුත් නෑ. කොහොම උනත්, කොතැන කරත් අන්තිමේ ඉවෙන්ට් එක ලස්සනට එන්නෙ එළියෙන් අරන් එන ප්‍රොප්ස් යූස් කරල හදන ඩෙකරේෂන්ස් එක්කනෙ.

“ඉයා, අයි තින්ක් දැට්ස් අ ගුඩ් අයිඩියා විදූ”

“මොකද කොහොම උනත් අපිට යුරේනිගෙ, ඩිනක්ශිගෙ, ශනුද්‍රිගෙ හෙම කොස්ට් අඩු කරන්න බෑනෙ.නෙගෝශියේට් කරත් මහ ගානක් අඩු කරයි කියල හිතන්නත් බෑ”

“ඔව් අනික අපි සජෙස්ට් කරල තියෙන ඉන්ෆ්ලුවන්සර්ස්ලා මේ වැඩේට අයිඩියල්”

කෝපි සංග්‍රහයකින් අවසන් වූ මීටිම අවසානයේ කේසර සමග කතා කරමින්ම කාලින්දී ඉහළ මාලයට යන පඩිපෙළ නගින්නට විය.

දහවල් කෑම වේලාව ලං වී තිබුණත්, එයට පෙර නිමකරන්නට තිබෙන රාජකාරි නිමක් නැත. කෑම ගැනීමට පෙර එක කටයුතු නිම කිරීම පහසු ය.

උදෑසනම අවදි වී සකසාගත් බිත්තර සහ එලවලු මුසු ෆ්‍රයිඩ් රයිස් එකත්, සොසේජස් බැදුමත් හැන්දෙන් මුසු කොට මුව රුවා ගන්නා අතරම මීටිම නිසා අතරමග නතර කොට යන්නට සිදු වූ වැඩ රාජකාරි කිරීම කාලයත් ඉතුරු කරයි. කුසගින්නත් සංසිඳුවයි.

තනිවම කුලී රියක නැගී ගෙදර යන බොහෝ සැඳෑවන්වල, සිත අතීතය සැරිසරන්නට පටන්ගන්නේ, එවකට සිප වැළඳගත්, තුරුලු වුණු, මුණ ගැසුණු, වෙන්වුණු බොහෝ තැන්, මතකයන් පසුකරන්නට සිදු වන නිසා විය හැක.

නුගේගොඩ ග්‍රෝව් එළිමහන් අවන්හලේ මැන්ගො ට්‍රී වෙතින් නාන් කෑ මතකයන්ද, බාන්ස් පාරේ ජාවා ලොන්ජ්හි කෝපි බොන්නට නතර වුණු මතකයන් පමණක් නොව, කොල්ලුපිටිය මූව් ඇන් පික් හෝටලයේ ගෙවුණු රාත්‍රියක්, දෙකක්, බම්බලපිටියේ සී බ්‍රීස් හෝටලයේ ගෙවුණු අනෙක රාත්‍රින් ද අදටත් හිත පාරවන්නට සමත් වුවත් එදා මෙන් එම වේදනා නෙත් අගට එකතු නොකරගන්නට තරම් දැන් හිත දැඩි ය.

කෙමෙන් කෙමෙන් දැඩි වන අන්දකාරය මැද නවාතැනේ දොරටුව හැරගෙන ගෙට ඇතුලු වූ පසු, සියලු වේදනා ගතින් මෙන්ම සිතින් මුදවාලන්නට මෙන් සීතල වතුර වැස්සක තෙමී, පිජාමා ඇඳුමද ඇඳ පැළඳ, සැහැල්ලුවට ඉක්මනින් සකසා ගත හැකි ආහාරයක් සකසා ගනිමින්, ඇඳට වැටෙන්නේ එකාතකින් දුරස්ත පාලකයෙන් රූපවාහිනිය පණගන්වමිනි.

නෙට්ෆ්ලික්ස් ඔස්සේ දිගහැරෙන “යූ” අපරාධ ත්‍රාසජනක කතා මාලාවේ සිව්වන සමය එළිදක්වා ඇත.

ආදරයත්, ආශක්ත වීමත් අතර දෝලනය වන මානසික ව්‍යාධියකින් පෙළෙන ගුප්ත චරිතයක් වටා දිගහැරෙන “යූ”, තම වෙසෙන සමාජයේ මෙවන් දේවල් සිදු විය හැකිද, මෙවන් මිනිසුන් සිටින්නේද යන්න කියන කාරණාව මෙන්ම ආදරය හෝ ආශක්ත වීමේ අන්තය මෙයද යන්න පිරික්සාවට ලක්කරයි.

ජෝ ගෝල්ඩ්බර්ග් නම් පොත් සාප්පු කලමණාකරුවෙකු බෙක් නම් තරුණ කාන්තාවකට උමතු වී ඇය පසුපස හඹා යෑමකින් ඇරඹුණු කතාව මේ වනවිට නොසිතිය හැකි තරම් දුර ගොසිනි.

ජීවිතය තුළ බොහෝ අනපේක්ෂිත අවස්තාවන්ට මුහුණ දිය හැකි. ආදරයත් එවන් එක් අවස්තාවකි. සිනහවකින් එක්වන්නට සහ කඳුලකින් වෙන්වන්නට පැතුවන් අතරම සිනහවකින් වෙන්වන්නට සහ කඳුලකින් එක්වන්නට සිදුවූවෝද බොහෝ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here