කරුස් කුරුස් රසට potato roll chips හදාගමු

ගෙදරට අමුත්තෙක් ආව වෙලාවට, හවස තේ බොන වෙලාවට, නැත්තන් පොඩි බඩගින්නක් ආව වෙලාවට ඉක්මණින් හදාගෙන කන්න පුළුවන් පුංචි පුංචි කෑම වර්ග ගැන smart lady අපි නිතරම ඔබ එක්ක කතා කරනවනේ.

අපි ඕනෑ කෙනෙක්ගෙ ගෙදර සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් අල වලින් හදාගන්න පුළුවන් අන්න ඒ වගේ ලේසි පහසු කෑමක් හදන විදිහ ඔබට කියල දෙන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. 

මුලින්ම අපිට අවශ්‍ය දේවල් සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු අල ගෙඩියක් හෝ දෙකක්

බඩ ඉරිඟු පිටි / corn flour 

තෙල් 

ලුණු කුඩු

මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

ටූත් පික්ස් 

සාදාගන්නා ආකාරය

මුලින්ම, අල ගෙඩියේ පොතු ඉවත් කර අල ගෙඩිය හොඳින් සුද්ධ කර පිරිසිදු කරගන්න.

ඊළඟට සම්පූර්ණ අල ගෙඩිය ගෙන දිග අතට සිහින් පෙති වලට කපාගන්න.

දැන් මේ අල පෙති නැවත හොඳින් සෝදා ටිෂූ එකක් ආධාරයෙන් අල පෙති වල වතුර ඉවත් කරගන්න.

දැන් අල පෙත්තක් ගෙන එහි උඩින් බඩ ඉරිඟු පිටි තවරා ගන්න.

බඩ ඉරිඟු පිටි තවරා ගත් අල පෙත්තට උඩින් තවත් අල පෙත්තක් අතුරා අල පෙති දෙක හෙමීට රෝල් කර ටූත් පික්ස් එකක් ආධාරයෙන් අල රෝල සකසා ගන්න. 

දැන්, තෙල් තාච්චියක් ලිප තබා මඳ ගින්දරේ තෙල් රත්වන තුරු තබාගන්න.

රත්වූ තෙලට සාදාගත් අල රෝල් ටික දමා රන්වන් පාට වනතුරු බැඳගන්න.

බැඳගත් අල රෝල් වලට ඔබ කැමති පරිදි ලුණු කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

ඔබ කැමති නම් ටූත් පික්ස් එක සමඟ හෝ ටූත් පික්ස් එක ප්‍රවේශමෙන් ඉවත් කර පිළිඟන්වන්න පුළුවන්.

ඔන්න අපි හරිම අල රෝල් හදාගෙන ඉවරයි.

එහෙනම් හදල බලල අපිත් එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles