ලොකු පොඩි ඕනම කෙනෙක් කන්න කැමති තවත් රසම රස චොකලට් පිරුණු කෑමක් හදාගන්න විදිහ කියල දෙන්නයි ඔන්න smart lady අපි අදත් මේ සූදානම් වෙන්නෙ.
මේ විදිහට chocolate waffle rolls හැදුවොත් ආයෙ කඩෙන් සල්ලි දීල waffle rolls කන්න ඔබ හිතන්නෙවත් නැතිවෙයි කියල අපිට විශ්වාසයි.
වැඩි දෙයක් ඕන නෑ.
ගොඩක් දෙනෙක්ගෙ ගෙදර දැනටමත් හොයාගන්න තියෙන අමුද්‍රව්‍ය කීපයක් විතරයි අපිට මේ රෙසිපියට ඕන කරන්නෙ.
එහෙනම් එන්නකෝ මුලින්ම පුරුදු විදිහටම අවශ්‍ය දේවල් සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප ¼ ක් සහ මේස හැඳි 02 ක්
කොකෝ පවුඩර් තේ හැඳි 02 ½ ක්
බේකින් පවුඩර් තේ හැඳි ¼ ක්
ලුණු බිඳක්
කුඩු කරගත් සීනි කෝප්ප ¼ ක්
තෙල් මේස හැඳි 01 ක්
මඳ උණුසුම් කිරි කෝප්ප ¼ ක්
වැනිලා රසකාරකයෙන් තේ හැඳි ½ ක් පමණ
පිරවුම සඳහා
ඔබ කැමති චොකලට් වර්ගයක්
බටර් හෝ මාගරින් තේ හැන්ඳක්
(නියුටෙලා වැනි චොකලට් තැවරුමක් යොදා ගන්නත් පුළුවන්)
සාදාගන්නා ආකාරය
මුලින්ම, භාජනයක් ගෙන එයට පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර්, තෙල්, ලුණු, සීනි, වැනිලා සහ කිරි එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඊළඟට නන්ස්ටික් වැනි නොඇලෙන පැතලි අඩියක් සහිත භාජනයක් ගෙන එහි ඇතුළත අතින් ඇල්ලිය හැකි ප්‍රමාණයට රත් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න.
රත්වූ තැටිය මතට සාදාගත් පිටි මිශ්‍රණයෙන් මේස හැන්ඳක් පමණ දමා රවුම් හැඩයක් ලැබෙන සේ හැකිතරම් තුනීවට හැන්ඳෙන් තුනී කරගන්න.
භාජනය මඳ ගින්දරේ ලිපේ තබා ගන්න.
දැන්, මේ තුනී කරගත් පිටි මිශ්‍රණය විනාඩි 05 ක් පමණ තබා නොකැඩෙන සේ ප්‍රවේශමෙන් අනෙක් පැත්ත හරවා ගන්න.
තත්පර 30 ක් 40 ක් පමණ තබා ලිපෙන් ඉවත් කරගත් මේ රවුම් waffles රස්නෙන්ම රෝල් කරගන්න ඕන.
ඒ සඳහා දිග බාබකියු ස්ටික් / නැවත භාවිතා කල හැකි බීම බව වැනි යමක් ගෙන එය සාදාගත් waffle එකේ කෙලවරක තබා රෝල් කරගෙන හෙමින් බාබකියු ස්ටික් එක ඉවත් කරගත යුතුයි.
දැන් මේ රෝල් නිමෙනවාත් සමඟ ඒවාට ක්‍රිස්පි ගතියක් ලැබෙන බව දැකගන්න පුළුවන්.
ඒ අතර ඔබ ගත් චොකලට් කුඩා කැබලි වලට කපා බටර් හෝ මාගරින් සමඟ හොඳින් කලවම් කරගෙන ඩබල් බොයිල් ක්‍රමයට දියකරගෙන පිරවුම සාදාගෙන මේ waffles ඇතුළට පුරවා ගන්න ඕන.
(චොකලට් සහ බටර් වීදුරු භාජනයකට දමා එම භාජනයේ අඩිය උණු වතුර සහිත භාජනයක් මත උණු වතුර ගෑවෙන සේ තබා හැඳිගාමින් චොකලට් ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න පුළුවන්)
ඔබ කැමති නම් පිරවුම සඳහා ජෑම්, නියුටෙලා වැනි තැවරුමක් යොදාගන්නත් පුළුවන්.
එහෙනම් මේ විදිහට චොකලට් waffle rolls හදාගෙන අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා