වයසට යාමත් සමඟ මුහුණේ රැලි ඇති වීම සාමාන්‍ය දෙයක්. මෙම රැළි ඇතිවීම පාලනය කිරීම සඳහා නිෂ්පාදන ඕනෑ තරම් තිබුණත් ස්වභාවික සත්කාර වලින් ලැබෙන ප්‍රතිඵල එම නිෂ්පාදන වලින් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. කිසිදු අතුරු ආබාධයකින් තොරව මුහුණේ රැළි ඇතිවීම පාලනය කර ගෙන සතියක් ඇතුළත අවුරුදු දහයකින් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකියාවක් ඇති ෆේස් මාස්ක් එකක් ගැනයි මේ ලිපිය.
face mask එක සඳහා අවශ්‍ය දේවල්
නැවුම් කිරි තේ හැඳි 1
වතුර කෝප්ප 1
සහල් තේ හැදි 3
මී පැණි තේ හැඳි 1
Face mask එක සකස් කරන ආකාරය
භාජනයක් ලිප තබා එයට වතුර සහ සහල් එකතු කර හොඳින් තම්බා ගන්න
දැන් එයට මී පැණි සහ කිරි එකතු කරන්න
මෙම මිශ්‍රණය හොඳින් බීට් කරගෙන පිරිසිදු බෝතලයක ගබඩා කරන්න
නින්දට යාමට පෙර සකස් කරගත් ආලේපය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර රවුම් චලිත ආකාරයෙන් පිරිමදින්න
එය මුහුණේ තිබෙන්නට හැර පසුදින උදෑසන මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
අවසානයට ටෝනර් එකක් හෝ මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න
මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ඔබේ සමට ලැබෙන වාසි මොනවද ?
කිරි
මෙය ස්වාභාවික මොයිස්චරයිසර් එකක් ලෙස ක්‍රියා කරන අතර කිරි වල අඩංගු වන ලැක්ටික් අම්ලය මගින් සමේ තෙතමනය රඳා පවත්වා ගන්නවා.එමෙන්ම මෙමගින් සම මෘදු කරන අතර සමේ තෙතමනය සමතුලිතව පවත්වාගෙන යාමට උපකාරී වනවා. සම සඳහා කිරි යොදා ගැනීම මගින් සමේ මැරුණු සෛල සහ අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කර පැහැපත් සහ තරුණ සමක් ලබා දෙනවා.කිරි වල විටමින් ඒ සහ ඩී වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර ඒවා වයසට යාමේ ලකුණු ඇතිවීම පාලනය කරනවා.විශේෂයෙන්ම විටමින් ඒ මඟින් කොලෙජන් නිෂ්පාදනය කරන අතර එමඟින් සම රැළි වැටීම බොහෝ දුරට පාලනය කරනවා.
සහල්
සහල් වල විටමින් සහ ඛනිජ ලවණ බොහොමයක් අඩංගු වන අතර එමගින් සමේ පැහැය වර්ධනය කරනවා. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන සහල් සමට භාවිතා කිරීම මගින් සමේ රැළි ඇතිවීම , වයසට යාමේ අනෙකුත් ලකුණු ඇතිවීම පාලනය කරමින් වඩාත් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
මී පැණි
මී පැණිවල ඇමයිනෝ අම්ල ,ප්‍රතිඔක්සිකාරක , විටමින් සහ ඛනිජ ලවන රැසක් අඩංගු වන අතර ඒවා මගින් සමේ රැළි ඇතිවීම පාලනය කර සමේ සමස්ත සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා.ඒ වගේම මී පැණි මගින් සමේ නම්‍යශීලි බව වැඩි කරන අතර සමට ඉතා හොඳ දීප්තියක්ද ලබා දෙනවා.
විවිධ නිෂ්පාදන වලින් ලැබෙන ප්‍රතිඵල වලට වඩා ස්වභාවික අමුද්‍රව්‍ය මගින් සමට ලැබෙන ප්‍රතිඵල දිගුකාලීන වන අතර ඒවායින් කිසිදු අතුරු ආබාධයක් ඇතිවීම හෝ ආසාත්මිකතා ඇති වීම අවම වීම නිසා මෙවැනි ස්වාභාවික සත්කාරයක් ඔබේ මුහුණට යෙදීම වඩාත් ඵලදායි වනවා.