Vaazhai කියන්නෙ 2024 අවුරුද්දෙ ආව Tamil Indian Movie එකක්. මේ ෆිල්ම් එක Mari Selvaraj ගෙ Movie එකක්. ඒ වගේම මේකෙ තියෙන විශේෂත්වය තමයි මේක පොඩි දරුවො වෙනුවෙන් හදපු චිත්රපටයක් වීම.
ඉතින් අපි බලමු මොකද්ද මේ චිත්රපටයෙ කතාව වෙන්නෙ කියලා.කතාව පටන්ගන්නෙ 1989 තමිල්නාඩුවල කරුන්ගුලම් කියන ගම්මානයෙන්. මේ ගම්මානයේ ප්රධාන වෘත්තිය වෙන්නෙ කෙසෙල් වවලා විකුණන එක.ඒ කියන්නෙ අමු කෙසෙල් කැන් කපලා ඒව ගොඩවල් හදලා ලොරි වලට පටවලා යවන එක. එක කෙසෙල් ගොඩකට රුපියලක් වගේ හම්බෙනවා.
මේ ගමේ ඉන්නව සිවනයින්දන් සහ සේකර් කියලා යාලුවො දෙන්නෙක්. පොඩි කොල්ලො දෙන්නෙක්. මේ දෙන්න මාරම ආසයි දෙමල මිනිස්සුන්ගෙ සිනමා වීරයා වෙන රජ්නිකාන්ත් ට සහ කමල් හසන් ට.
මේ සිවනයින්දන් එයාගෙ Social Science Teacher වෙන පුන්ගුදිට Crush කරනවා. මිනිහා ඒ ටීචර්ගෙ ලේන්සුවත් හොරකම් කරලා වතාවක් මාට්ටු වුණා.කොච්චර දක්ශ ළමයෙක් උනත් සිවනයින්දන්ට සති අන්තවල එහෙම ලොකුවට පාඩම් කරන්න ලැබෙන්නෙම නෑ. දුප්පත්කම හන්දා එයාටත් වෙනව ගමේ අනික් අය වගේම කෙසෙල් ලොරි වලට පටවන්න යන්න.
සිවනයින්දන් සේකර් එක්ක කතා කරලා දෙන්න ප්ලෑන් එකක් ගහන්න හදනවා මේ කෙසෙල් ලොරි වලට පටවන්න යන එකෙන් ගැලවෙන්න. ඒ උනාට සිවනයින්දන්ගෙ අම්මා කලින් අරගෙන තියෙන ණයකට හිලව් වෙන්න සිවනයින්දන්ව එවන්නම් වැඩට කියල තියෙන හන්දා මිනිහට ඒකෙන් ගැලවෙන්න වෙන්නෙ නෑ.
සිවනයින්දන්ගෙ අක්කා තමයි කානි. කානි කියන්නෙ පොඩ්ඩක් වෙනස් විදියෙ චරිතයක්. මෙයා Communist කෙනෙක් වගේම Socialist Thinker කෙනෙක්. කොහොමහරි මෙයා පටවන එක කෙසෙල් ගොඩකට වැඩිපුර රුපියලක් ගෙවන්න ඕන කියල ගමේ මිනිස්සු කට්ටියක් එක්කහු කරගෙන ගිහින් මෙයාලගෙ ගමෙන් මේ කෙසෙල් අරගන්න එක අතර මැදියා වෙන මුතුරාජ්ට කියනවා. තමන්ගෙ බිස්නස් එකට පාඩු කරගන්න අකමැති හන්දම කරන්න දෙයක් නැති තැන මුතුරාජ් ඔය වැඩේට කැමති වෙනවා.
කොහොමහරි දවසක් සිවනයින්දන් බොරු තුවාලයක් තියෙනව කියල පෙන්නල වැඩ ටික නොකර ගෙදර යනවා. එහෙම ගියාම එයාට සිද්ද වෙනවා එයාලගෙ හරකව බලාගන්න.කොහොමහරි පූන්ගුඩි හාල් මෝලට යනව දකින මේ කොල්ලා මොකද කරන්නෙ හරකව අමතක කරලා දාල පූන්ගුඩි පස්සෙන් හාල් මෝලට යනවා.
ආපහු එද්දි හරකා මිසින්.
මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ? හරකා ගිහිල්ලා මුතුරාජ්ගෙ වත්තට, පැල එහෙම ඔක්කොම කාලා දාල.ඕක කොහොමහරි ලොකු කේස් එකක් වෙනවා. මෙතනදි කානිත් ප්රශ්නෙට මැදිහත් වෙනවා. රස්සාව නැතිවෙන සිවනයින්දන්ට මොකද වෙන්නෙ අනිත් මිනිස්සු වගේ බඩු පටවන්න යන්න වෙනවා. ලැජ්ජාවයි දුකයි තමන් හන්දා අම්මට මූණ දෙන්න වෙන කරදරයි ඔක්කොම තේරුම්ගන්න සිවනායින්දන් පොරොන්දු වෙනවා එයාගෙ විභාගෙ වෙනුවෙන් ලැබෙන ස්ටඩි ලීව් එකේදි වැඩ කරලා මේ ණය ගෙවලා දානවා කියලා.
කාලෙ එන්න එන්න යනවා. කාලෙ යන වේගෙට වඩා ඉක්මනට සිවනයින්දන්ලගෙ ගෙදර ණය බර වැඩිවෙනවා.ණය ගෙවාගන්න බැරිකම හන්දම සිවනයින්දන්ගෙ අම්මා එයාලගෙ හරකවත් විකුණනවා. සිවනයින්දන්ට ඒකට හරිම හිතට අමාරු උනත් කරන්න වෙන දෙයක් නැති බව එයා දන්නවා.
වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙන අම්මා අසනීප වෙන්න පටන් ගත්තව සිවනයින්දන්ගෙ කර උඩ තියෙන වැඩ කන්දරාව තව වැඩිවෙනවා.
මෙහෙම ඉද්දි තමයි සිවනයින්දන්ලගෙ ඉස්කෝලෙ වාර්ශික පාසල් දිනය එන්නෙ. සිවනයින්දන්ව තෝරගන්නවා උත්සවයේ නැටුමකට.ඒ උනාට ඒකට යන්න විදියක් නෑ තමන්ට රස්සාවට යන්න තියෙන හන්දා. ඒත් සිවනයින්දන්ට ඕන ඉස්කෝලෙ වැඩේට සහභාගි වෙන්න.
ලොරියෙ නැගල වැඩට යන ගමන් මෙයා එයාගෙ අනෙක් සහෝදරී වෙච්ච වෙම්බුව ශේප් කරගෙන ලොරියෙන් පැනලා ඉස්කෝලෙ නැටුම් පුහුණුවෙන්න යන්න හදනවා. ඒත් මුකුත් කාලා නැති හන්දා ටිකක් ඇඟටත් අමාරුයි. යන අතරවාරෙ කෙසෙල් වත්තකට පනින සිවනයින්දන් මොකද කරන්නෙ බඩගින්නට කන්න මොනවහරි හොයද්දි වත්ත බලාගන්න මනුස්සයට අහුවෙලා හොඳටම ගුටිකන්න වෙනවා.
හොඳටම ගුටිකාලා ගුටිකාලා, කොහොමහරි ඒ මනුස්සයගෙ අත් දෙකෙන් බේරිල පැනගන්න සිවනයින්දන් ගෙදර එන්න දුවගෙන එද්දි අම්මට අහුවෙනවා. අම්මගෙනුත් ගුටි කන්න වෙයි කියල බයක් තිබ්බට කලන්තෙ ගතිය හන්දා තව එක අඩියක් ඉස්සරහට තියන්න බැරිවෙන සිවනයින්දන් කලන්තෙ දාලා බිම වැටෙනවා.
ආයෙම සිහිය එද්දි සිවනයින්දන්ට තේරෙනව මොකක් හරි හේතුවක් හන්දා මුලු ගමම ඉන්නෙ කම්පාවෙන් බව.
ඒ ගැන හොයාගෙන යද්දි එහාට අහන්න ලැබෙන්නෙ කවදාවත් අහන්න වෙයි කියල හිතපු කතාවක් නම් නෙවෙයි.
ඉතින් ඒ මොකද්ද කියලා දැනගන්න මේ චිත්රපටයත් බලන්නම කියලා අපි ඔයාලාගෙන් ඉල්ලනවා!