අපේ කොණ්ඩෙට විවිධ විලාසිතා කරන්න අපි කවුරුත් කැමතිනෙ.
ඔබ වඩා කැමති දිග කොණ්ඩෙකට හෝ හෙටි කොණ්ඩයකට වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් කොණ්ඩෙ ගැන කතා කරද්දි අපි කවුරුත් සැළකිලිමත්වෙන එහෙමත් නැත්නම් බය වෙන කාරණාවක් තමයි හිසකෙස් වැටීම.
දිනකට කෙස් ගස් 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් වැටීම ස්වභාවික තත්වයක් වුනත් ඊට වැඩි හිසකෙස් ගණනක් වැටීමට විවිධ හේතු බලපාන්න පුළුවන්.
ඒ අතර,
ජාන වල බලපෑම,
හෝමෝන වෙනස්වීම්,
මානසික ආතතිය,
දූෂිත වාතය,
හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය නොලැබීම,
හිසකෙස් පිරිසිදු නොකිරීම,
විව්ධ බෙහෙත් වර්ග සහ හිසකෙස් සඳහා කරන විවිධ විලාසිතා සහ සත්කාර ක්‍රමත් ප්‍රධාන තැනක් ගන්නව.
ඉතිං අද අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ හිසකෙස් වැටීම පාලනය කරන ගමන්ම හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබාදෙන ඖෂධීය තෙලක් නිවසෙදීම හදාගන්න ක්‍රමයක්.
එහෙනම් අපි බලමු මේ සඳහා සූදානම් කරගන්න ඕන අමුද්‍රව්‍ය මොනවද කියල.
අවශ්‍ය ද්‍රව්‍ය
බෙහෙත් නෙල්ලි 200 g ක්
හොඳින් සෝදා වතුර ඉවත්කරගත් කරපිංචා කෝප්ප 01 ක්
පොල්තෙල් 200 ml ක් (සුදු පොල්තෙල් නම් වඩාත් හොඳයි)
සාදාගන්නා ආකාරය
මුලින්ම නෙල්ලි වල ඇට ඉවත්වන පරිදි නෙල්ලි ගෙඩි කුඩා කැබලි වලට කපාගන්න.
මේ කපාගත් නෙල්ලි කැබලි වලට කරපිංචා කොළ සහ පොල්තෙල් 100 ml ක් එකතු කර හොඳින් බෙලෙන්ඩර් කර ගන්න.
නෙල්ලි කැබලි හොඳින් පොඩිවී තලපයක් වැනි මිශ්‍රණයක් ලැබෙන තුරු බෙල්න්ඩර් කර මේ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ලිප තබන්න.
දැන් සාමාන්‍ය ඌෂ්ණත්වයේ තබා හැඳි ගාමින් මේ නෙල්ලි සහ පොල්තෙල් මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න.
ටික වේලාවකට පසු මේ මිශ්‍රණය දුඹුරු පැහැයට හැරී ඇති බව ඔබට දැකගන්න ලබේවි.
එවිට ලිපෙන් ඉවත්කර විනාඩි 10 ක් පමණ තබා ඉතිරි පොල්තෙල් 100 ml ත් එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.
දැන් මේ මිශ්‍රණය පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ පෙරණයක් භාවිතයෙන් පෙරා තෙල් වෙන්කර ගන්න.
හොඳින් සෝදා වතුර ඉවත්කරගත් වීදුරු හෝ ප්ලාස්ටික් බෝතලයකට තෙල් දමා තබා ගන්න පුළුවන්.
නෑමට විනාඩි 20 කට පමණ පෙර මේ තෙල් හිසේ ආලේප කර ඇඟිලි තුඩු භාවිතයෙන් හොඳින් සම්භාහනය කර නාන විට සෝදා හරින්න ඔබට පුළුවන්.
එහෙනම්, මේ තෙල් ඔබේ හිසකෙස් වැටීම පාලනය කරන්න උපකාර වේවි යැයි අපි විශ්වාස කරනවා.
සටහන – දුලානි නවෝද්‍යා