බිත්තර කියන්නෙ නීරෝගී සෞඛ්‍යසම්පන්න සිරුරක් බලාපොරොත්තු වෙන අපි කාටවුනත් කොතරම් වටිනා ආහාරයක්ද කියල smart lady අපේ ලිපි කියවන ඔබ හොඳින්ම දැනුවත් කියල අපි විශ්වාස කරනවා.
ප්‍රෝටීන්, විටමින් A, D, E, B12, ෆෝලේට්, ලුටෙයින් වගේ පෝෂ්‍යපදාර්ථ වලින් සංතෘප්ත බිත්තර වලින්,
ඇස්වල නීරෝගී බව සහ පෙනීම වැඩිදියුණු කර පරිවෘ ත්තීය ක්‍රියා ක්‍රමවත්ව සිදුකරගන්න,
ඔක්සිහාරක වලින් සෛල වලට වන හානිය වළක්වා ගන්න,
ස්නායු හා රුධිර සෛල නීරෝගීව පවත්වා ගන්න,
රුධිර පීඩනය අඩුකර, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න වගේම අස්ථි ශක්තිමත් කරන්නත් ගර්භණී සමයේ කළලයේ නීරෝගී වර්ධනයටත් ලැබෙන්න අනර්ඝ සහයෝගයක්.
ඒවගේම බිත්තර වල අඩංගු ප්‍රෝටීන් නිසා බඩ පිරී ඇති ස්වභාවයක් දීර්ඝ කාලයක් පවත්වා ගැනීමෙන් නිතර නිතර බඩගිනි ඇතිවීම සීමාකර ආහාර පාලනය කිරීමත් සිදුකරනවා.
ඒ නිසා කියා නිමකළ නොහැකි තරම් වටිනා ප්රතිලාභ රාශියක් අපිට බිත්තර ආහාරයට ගැනීමෙන් ලබාගන්න පුළුවන්.
බිත්තර පිස ආහාරයට ගැනීමෙන් බිත්තර වල ඇති පෝෂ්‍ය පදාර්ථ වලින් 90% ක් ශරීරයට අවශෝෂණය කළ හැකි තත්වයට පත්වුනත් බිත්තර පිසගන්න ආකාරය අනුව බිත්තර වලින් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.
බැදීම හෝ ස්ක්‍රැම්බල් කර පිළියෙල කිරීමේදී බිත්තර වලට කැලරි 20 ක් පමණ වැඩිපුර එකතු වෙන්න පුළුවන් බව අනුමාන කරනවා.
ඒ නිසා බිත්තර ආහාරයට ගන්න හොඳම විදිහ විදිහට බිත්තර තම්බා ආහාරයට ගැනීම සහ පෝච් ක්‍රමයට සකසා ආහාරයට ගැනීම හඳුන්වන්න පුළුවන්.
හැමදාම බිත්තර තම්බලා කන්න කැමති නැති ඔබට බිත්තර පෝච් කරන්නෙ කොහොමද කියල කියන්නයි ඔන්න smart lady අපි අද සූදානම් වෙන්නෙ.
මේ සඳහා ඔබට
බිත්තරයක්,
සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක්,
කුඩා වීදුරු දීසියක්,
වතුර සහ විනාකිරි ස්වල්පයක් අවශ්‍යයි.
මුලින්ම, භාජනය ලිපේ තියාගෙන භාජනෙන් භාගයක් පමණ වතුර පුරවා ගන්න ඕන.
ඊළඟට සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දර යොදල වතුර නටන තුරු තබාගන්න ඕන.
වතුර නටන අතරතුර කුඩා වීදුරු දීසියට කහ මදය බිඳී නොයන විදිහට ඔබ ගත්ත බිත්තරය ප්‍රවේශමෙන් කඩාගන්න ඕන.
වතුර නටද්දී ලිපේ උෂ්ණත්වය හැකි අවමම මට්ටමට අඩු කරගෙන විනාකිරි තේ හැන්දක් විතර දාල වතුර නටන විට එන බෝල නැතිවෙනකන් තියාගන්න අවශ්‍යයි.
ඊළඟට හැන්දක් අරන් සෙමින් මේ වතුර භාජනයේ වටේට කීපපාරක් හැඳිගා ගන්න ඕන.
දැන් මේ වතුර කැරකැවී අවසන් වෙන්න කලින් අපි අර සූදානම් කරගත්ත දීසිය මේ වතුර භාජනයේ මැදින් වතුර මට්ටමට ගෑවෙන නොගෑවෙන ගානට ගෙනත් බිත්තරය සෙමින් වතුරට දාගන්න ඕන.
වතුර කැරකැවෙන නිසා විසීරි යන බිත්තර සුදු මදය එකට එකතු වෙන බව ඔබට දැකගන්න පුළුවන්.
දැන් මේ බිත්තරය විනාඩි 03 ක් පමණ තබා ප්‍රවේශමෙන් ඉවතට අරන් වතුර බේරෙන්න ටිෂූ කඩදාසියක් උඩින් තියාගන්න.
(විනාඩි 03 කදී ඔබට ලැබෙන්නේ දියාරු කහ මදයක් සහිත බිත්තරයක්. ඔබ ඒම අකමැති නම් තවත් විනාඩි 02 ක් 03 ක් තබාගන්න පුළුවන්. )
මේ බිත්තරය උඩට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් ස්වල්පයක් ඉහගෙන ආහාරයට ගන්නකෝ.
තෙල් නැතුව වුනත් බිත්තර කොච්චර රසවත්ද කියල ඔබට තේරෙයි.
රසට වගේම පෝෂ්‍යදායී විදිහට ආහාර ගන්න අමතක කරන්න එපා කියල ඔබට ආදරෙන් මතක් කරන ගමන්ම අද අපි ඔබෙන් සමුගන්නවා.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |