සමාජයේ ඔබ අන් අය අතර ගැවසෙන කොට ඒ සඳහා ඔබේ පෙනුම අතිශයින්ම බලපානවා. මෙයින් අදහස් කරන්නේ ඔබේ පිළිවල සහ පිරිසිදු බව ඇතුළු තවත් කරුණු කිහිපයක්ම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතු බවයි. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ වඩාත් ආකර්ෂණීය පෙනුමක් සඳහා ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැනයි.
ඔබේ පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගන්න
ආකර්ශනීය පෙනුමක් කෙරෙහි බලපාන වැදගත්ම සාධකය තමයි පුද්ගලික සනිපාරක්ෂාව.මෙමගින් ඔබේ සමස්ත පෙනුම වැඩිදියුණු කරනවා පමණක් නෙමෙයි ආසාදන සහ ලෙඩ රෝග වලින් බොහෝ දුරට ඔබව ආරක්ෂා කරනවා. මෙහිදී දිනකට දෙවරක් දත් මැදීම , සෑම දිනකම ස්නානය කිරීම සහ හිස කෙස් පිරිසිදුව තබාගැනීම , පිරිසිදු ඇඳුම් ඇඳීම , නියපොතු පිරිසුදුව තබා ගැනීම ඇතුළු බොහෝ දේවල් ඔබට ඔබේ පුද්ගලික සනීපාරක්ෂාව වෙනුවෙන් කළ හැකියි.
ඔබේ සම ආරක්ෂා කර ගන්න
ආකර්ෂණීය පෙනුමක් පවත්වාගෙන යාම කෙරෙහි ඔබේ සම ආරක්ෂා කර ගැනීමත් අතිශයින්ම වැදගත් වනවා. විශේෂයෙන්ම ඔබගේ මුහුණේ සම ඉතා පැහැදිලිව පවත්වාගෙන යාම ඔබ කළ යුතු වනවා.ඔබ දෙස බලන කෙනෙකු මුලින්ම අවධානය යොමු කරන්නේ ඔබේ මුහුණ දෙස නිසා ඔබේ මුහුණට නිසි සත්කාර සහ අවධානය ලබා දිය යුතුයි. ඔබේ මුහුණේ කුරුලෑ සහ ලප කැලැල් තිබෙනවා නම් ඒවා සඳහා ප්‍රතිකාර කිරීම හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඔබට කළ හැකියි. ඒ වගේම නිසි Skin care routine එකක් පවත්වාගෙන යාම මගින් ඔබට මුහුණේ සම ආශ්රිත ගැටළු බොහෝමයකට විසඳුම් ලබාගත හැකි වනවා. මීට අමතරව ඔබ පිටතට යන විට Sunscreen එකක් භාවිතා කිරීම , ගුණාත්මක භාවයකින් යුතු මේකප් වර්ග භාවිතා කිරීම , හොඳින් වතුර පානය කිරීම , නැවුම් එළවලු සහ පලතුරු පරිභෝජනය කිරීම , අධික සීනි භාවිතයෙන් වැළකීම වැනි දේවල් ඔබට නීරෝගී සමක් ලබා ගැනීම වෙනුවෙන් කල හැකියි.
හැඩවෙන්න
මෙයින් අදහස් කරන්නේ ඔබේ බර අඩු කර ගැනීම පමණක්ම නොවන නමුත් ඔබ ඔබේ උසට සරිලන බර පවත්වාගෙන යාමත් මෙහිදී වැදගත්. ඒ වගේම ඔබගේ සමස්ත සෞඛ්‍ය වෙනුවෙන් දිනපතා ව්‍යායාම කිරීම, ඇවිදීම හෝ දිවීම , පිහිනීම , යෝගා අභ්‍යාස කිරීම , බයිසිකල් පැදීම වැනි කුමක් හෝ ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීම ඔබට සිදු කළ හැකියි. මෙමගින් ඔබගේ ශරීරයේ හැඩය පවත්වාගෙන යාම , අනවශ්‍ය කැලරි දහනය කිරීම වගේම ඔබේ ශරීරයේ ශක්තිය නිසි පරිදි පවත්වාගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා.
ඔබට ගැලපෙන ඇඳුම් අඳින්න
ඔබ ඇඳුම් අඳින ආකාරය අන් අය අතර ඔබ ගැන ඇතිවන හැඟීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඔබ තෝරාගන්නා විලාසිතාව සෑම විටම ඔබට සුදුසු එකක් විය යුතු අතර සෑම විලාසිතාවක්ම ඔබගේ ශරීරයට සුදුසු වන්නේ නැහැ. උස, බර, ශරීරයේ හැඩය සහ සමේ වර්ණය අනුව ඔබට ගැලපෙන සහ නොගැලපෙන විලාසිතා තිබෙනවා. ඒ වගේම ඔබ සහභාගී වන අවස්ථාව අනුව , ඔබ යන තැන අනුව එයට ගැලපෙන ආකාරයේ ඇඳුම් තෝරා ගැනීමටත් ඔබ නුවණැති විය යුතුයි. ඒ වගේම ඔබ මොන ඇඳුම ඇන්දත් ඒවා ඉතා පිරිසිදු ඒවා බවටත් වග බලා ගන්න.
හොඳින් නිදා ගන්න
ආකර්ශනීය පෙනුමක් කෙරෙහි බලපාන තවත් වැදගත් සාධකයක් තමයි හොඳින් නිදා ගැනීම. නිදා ගැනීමේදී ඔබේ ශරීරයට අවශ්‍ය විවේකය ඉතා හොඳින් ලැබෙනවා. මේ නිසි පරිදි නොලැබෙනවා නම් එය ඔබේ පෙනුම කෙරෙහි විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කරනවා. විශේෂයෙන්ම ඔබ ලබා ගන්නා නින්දෙහි ගුණාත්මක භාවයක් නොමැතිනම් , ඔබ ඉතා හොඳ නින්දක් ලබා නොගන්නවා නම් ඔබ වෙතින් ඉතා වෙහෙසකර පෙනුමක් දිස්වන්නට පටන් ගන්නවා. මෙමගින් අන් අයය කෙරෙහි ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කරවන්නේේ නැහැ. ඒ නිසා හොඳ නින්දක් ලබා ගැනීම කෙරෙහි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න.
ආතතිය අඩු කර ගන්න
මානසික ආතතිය ඔබව බොහෝ වෙහෙසට පත් කරනවා වගේම දුර්වල කරනවා. ඒ නිසා හැකි සෑම විටම ඔබේ ආතති මට්ටම පාලනය කර ගැනීමට වගබලා ගන්න. ඔබේ මානසික ආතතිය ඉහළ මට්ටමක පවතිනවා නම් අන් අය කෙරෙහි වෛරය ඇතිවීම, අන් අය සමග කේන්ති ගැනීම සහ කනස්සල්ලට පත්වීම සිදුවනවා. මේ මගින් අන් අය තුළ ඔබ කෙරෙහි ආකර්ෂණීය බවක් ඇතිවීම සිදුවන්නේ නැහැ. ඒ ඒ නිසා ඔබේ මානසික ආතතිය මට්ටම අඩු තත්ත්වයේ පවත්වා ගැනීමට කළ හැකි දේවල් කෙරෙහි ද අවධානය යොමු කරන්න. මේ වෙනුවෙන් ඔබට විනෝදාංශයකට යොමු වීම , යෝගා අභ්‍යාස වල නිරතවීම , සංගීතයට සවන් දීම හෝ ආදරණීයන් සමග කාලය ගත කිරීම වැනි දේවල් කළ හැකියි.
මේ සියලු කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම මගින් ඔබට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීම කෙරෙහි අදහසක් ලබා ගන්නට පුළුවන්. වඩාත් ආකර්ෂණීය පෙනුමක් සඳහා ඔබට කළ හැකි දේවල් බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම කරුණු කිහිපයක් ගැනයි අද අපි ඔබට මේ ලිපේන් තොරතුරු ගෙන ආවේ.
ReplyForwardAdd reaction |