එකම එක හාදුවක් – 28

0
5343

“මගේ කඳුලු ගෑවිලා ඔයාගෙ ශර්ට් එකෙයි පපුවයි උඩ” කියා ශාර්වරී කිව්වේ පැය භාගයක් විතර තිස්සේ නෙවින්ගේ විසල් පපුව අස්සේ ඔලුව හංගගෙන අඬා දුක අහවරක් කරගත්තයින් පස්සේය.

“ඒකට කමක් නෑ, ඒ උනාට අඬන්න එපා. අනික ඔයාට ඔහොම ඉන්න අමාරු නේද? අපි පිටිපස්සෙ සීට් එකට යන්ද? එහෙම නැත්තම් ඔයා සම්පූර්ණයෙන්ම මගේ සීට් එකට එන්න” කියා නෙවින් කිව්වේ මූණ පැත්තකට හරවා තමන්ගේ උරහිස මත හිස තියාගෙන ඉන්න ශාර්වරීගේ නළල් තලය සිඹිමිනි. ඒ නළල පුරාත් රැඳී තිබ්බ කඳුලු වල ලුණු රස දිවඟට දැනෙද්දී හිතට පිවිසි තමන් ගැනම තරහා ශාර්වරීගේ බඳ වටා රැඳී තිබිච්ච අත තව තව තද කර ශාර්වරීව තමන්ගේ ඇඟට තවත් තද කරගන්න නෙවින්ට රුකුල් දුන්නේය.

“මෙහෙම හොඳයි. ඔයාට අමාරුද මං මෙහෙම ඉන්න එක?”

“නෑ පිස්සුද?”

“ඔයාගෙ ඇඟ අමුතුයි”

“අමුතුයි කිව්වෙ?”

“හයියයි. මගේ ඇඟ වගේ ඔයාගෙ ඇඟ එබෙන්නෙ නෑ” කියා ශාර්වරී ඇඬුම්බර හඬකින් උනත් හුරතල් තාලෙට කියද්දි නෙවින්ට ඇත්තටම හිනා ගියේය. හයියෙන් පපුව පුරා හිනාවක් ගියේය. ඒ හිනාව එච්චරම ලස්සනට බලාගන්න පුලුවන් තරම් තමන් නෙවින්ට ලඟින් උන්නු එක ගැන ශාර්වරී ඇත්තටම සන්තෝස වුණාය.

“ඇයි හිනා උනේ?”

“ඔයා කිව්ව විදියට හිනා ගියා. මගේ ඇඟ එහෙම වෙලා තියෙන්නෙ ජිම් යන හන්දා. ඒ උනාට පහුගිය ටිකේ කැම කන්ට්‍රෝල් කරන්න උනේ නැති හන්දා ටිකක් ෆැට් ඇවිල්ලා මේ” කියා නෙවින් බඩේ හම පොඩ්ඩක් විතර උඩට ඇද කියද්දී ශාර්වරී යාන්තමට ඒ දිහා බලා ආයෙම නෙවින්ගේ මූණ දිහා බලා හිනාවුණාය.

“පිස්සු, මං දැනගෙන හිටියෙ නෑ ජිම් ගියාම ඇඟ මේ වගේ හයි වෙනවා කියල. අමුතුයි ඔයාගෙ ඇඟ. අනික ඇයි ඔයා ඔයාගෙ පපුව ශේව් කරලා තියෙන්නෙ? මොඩ්ලින් කරන නිසාද?” ශාර්වරී ඇහුවේ නෙවින් ගේ පපුවේ තැනින් තැන මතුව තිබෙන ඉතාම කෙටි රෝම කූප මත ඇඟිල්ලක් යාන්තමට මෙන් යවමිනි. මෙච්චර ලස්සන මනුස්සයෙක් ලඟ මේ විදියට මෙච්චර ලං වෙලා ඉන්න තමන්ට කවදාවත් ඉඩක් ලැබේවි කියා නොහිතපු එක ඇත්තකි. එහෙත් ඊට එහා හිත ඇහුවේ වෙන ප්‍රශ්නයකි.

“මං ඇත්තටම නෙවින්ට මෙහෙම ලං වෙලා ඉන්න එකෙන් මගේ හිත රිදෙන එකක් නැද්ද?” කියාය. මෙච්චර වෙලා හාන්සි වී උන් නෙවින්ගේ පපුව උඩින් හිස ඔසවන්නට ශාර්වරීට හේතු උනේ අන්න ඒ සිතුවිල්ලය. 

“ඇයි?” කියා නෙවින් ඇහුවේ ශාර්වරී කලබල වෙලා වගේ එකපාර නැගිට්ට හන්දාය. තමන්ට පිටුපා වීදුරුවෙන් එහා පැත්ත බලාගෙන ඉන්න ශාර්වරීගේ උරහිසට බර වෙච්ච නෙවින් ඒ උරහිස මත හිස තබා දෑත ශාර්වරීගේ බඳ වටේ යැව්වේය.

“අපි දැන් යන් නේද? අම්මා කතා කරාවි නැත්තම්”

“බයද මාත් එක්ක ඉන්න?”

“නෑ මට බයයි අම්මා බයවෙයි කියලා. මං රෑ වැඩ කරනවට අම්මා එච්චර ආස නෑ. ඒ උනාට ඉතින් කරන්න දෙයක් නෑනෙ”

“ඔයා ඇත්තටම කැමතියි නම් මම ඔයාට වෙන තැනක ජොබ් එකක් හොයලා දෙන්නම්. නැත්තම් මම ඔයාගෙ ස්ටඩීස් ඒවට මේවට උදව් කරන්නම්. ඔයා පස්සෙ කාලෙක මට ඒවට ගෙවන්නකො” කියා නෙවින් හිනාවෙද්දී නම් ඒක පොඩ්ඩක් විතර කුපාඩි හිනාවක් බව ශාර්වරීට තේරුණාය. ඒ වෙලාවේ ශාර්වරී උන්නේ හිස මදක් හරවා තමන්ගේ උරහිස උඩ හිස තියාගෙන ඉන්න නෙවින් දිහා බලපු එකය. නෙවිනුත් ඒ වෙලාවේම තමන්ගේ ඇස් හරවා ශාර්වරී දිහා බලන ගමන්ම ඇගේ උරහිස හීන් සැරේ සිප ගත්තේය.

“මං කොහොමද ගෙවන්නෙ?”

“දවසකට කිස් පහකුයි, හග්ස් තුනකුයි, එක්ක දවසට එකපාරක් මගේ පපුව උඩ මේ වගේ හාන්සිවෙලා ඉන්න ඕන”

“ආහ් වෙන වැඩ නෑනෙ මට”

“වෙන වැඩත් තියෙනවා කරන්න. පටන් ගන්නෙ ඔය දැන් කිව්ව ඒවයින්” කියා නෙවින් අර කුපාඩි හිනාවම දමා කියද්දී ශාර්වරී උරහිස ගස්සවා සීට් එකේ හරියට වාඩිවුණාය.

“ඔයා නං මහ ජරා මිනිහෙක්”

“ආහ් මං ඔයාගෙන් දෙයක් අහන්න හිටියෙ” කියා නෙවින් කියද්දී ශාර්වරී ඇස් පොඩි කලේ “ඒ මොකද්ද?” කියා අහන්න හිතාගෙනය.

“මොකද්ද?”

“ඇයි එදා ඔය මට ජරා මිනිහා කිව්වෙ. මට හිතාගන්න බැරි උනා ඇයි ඔයා එහෙම කිව්වෙ කියලා. ඇත්තටම ඇයි එහෙම කිව්වෙ? මාව අර ගර්ල්ස්ල එක්ක දැක්ක හන්දද?” කියා නෙවින් අහද්දී ශාර්වරී උන්නේ එහෙම කියන්න ඇත්තටම හේතුවෙච්ච කතාව අහනවද නැද්ද කියා හිතන ගමන් ය.

“ම්ම්ම්”

“මෙහෙමයි දැන් මම ඔයාට මං ගැන ඔක්කොම දේවල් වගෙ කිව්වනෙ. ඒ නිසා ඔයත් මගෙන් දේවල් හංගගෙන ඉන්න එපා. බය නැතුව අහන්න/ ප්‍රොමිස් මම ඔයාට ඇත්ත කියනවා ඔයා මගෙන් මොන දේ ඇහුවත්” කියා නෙවින් කිව්වාට තමන් අහන්න යන දේ එහෙම ලේසියෙන් පිරිමියෙකුගෙන් අහන්න බැරි කතාවක් බව දැන උන්නේ ශාර්වරී පමණකි.

“බයවෙන්න එපා ළමයො, ඔයාට පුලුවන් මගෙන් ඕනම දෙයක් අහන්න. මම එහෙම තරහ ගන්න මනුස්සයෙක් නෙවෙයි. අනික මට තරහ ගියත් මම කවදාවත් එහෙම ඔයාගෙන් ඒ තරහා පිටකරන්නෙ නෑ. අනික අපි සම්බන්ධයක් පටන් ගන්න යනවනම් අපි හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳගෙන ඉන්න එක හොඳයි නේද?” කියා අහද්දී හීන් හිනාවක් දෙතොල උඩට ආවේ නෙවින් කිව්ව ඒ සම්බන්ධයක කතාව හන්දාය. “ඒ උනාට ඔච්චර ඉක්මනට ඔය මනුස්සයට ඔයා එයාගෙ කියල හිතන්න ඉඩ දෙන්න එපා” කියලා හිත කිව්ව හන්දාම පොඩ්ඩක් විතර නෙවින්ව මඩවන්න ඕන කියාත් ශාර්වරී හිතුවාය.

“ආහ් කවුද සම්බන්ධයක් හදාගන්න යන්නෙ?”

“ඇයි ඇයි ඇයි දැන් මං මෙච්චර වෙලා මේ හැමදේම කිව්වෙ, ඔයා මේ ඔක්කොම අහගෙන ඉඳියෙ, මගේ පපුව උඩ හාන්සිවෙලා හිටියෙ ඔයාගෙ හිතේ එහෙම දෙයක් නැති හන්දාද?” කියා නෙවින් කලබලයෙන් අහද්දී හිත කොච්චර හයියෙන් හිනා උනත් ශාර්වරී දෙතොලෙන් ඒ හිනාවට එලියට එන්න ඉඩ දුන්නේ නැත.

“මං හිතන්නෙ නෑ අපි දෙන්න ගැලපෙනවා කියලා. මං නම් ආවෙ නිකන් වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කියලා හිතලා. ඔයා ඉතින් එක දවසක් එහෙම ආවම ඊට වඩා දුර දිග යන්න හිතන්න එපා. මං එහෙම රිලේශන්ශිප් වගේ දේවල් වලට කැමති කෙනෙක් නෙවෙයි” කියා නෙවින්ගෙ අරක්කු නෙවින්ටම පොවද්දි නම් මෙච්චර වෙලා හිත අස්සෙ හංගගෙන උන්නු හිනාව එලියට පනිද්දී ශාර්වරී මේ කරන්නෙ තමන්ට කිණ්ඩි දාන එක බව තේරිච්ච හන්දා නෙවින් ආයෙම වතාවක් ඒ උරහිස සිපගන්න ගමන්ම සීට් එක තිබ්බ විදියට හදාගත්තේ ශාර්වරිව ගෙදරින් බස්සවන්න හිතාගෙනය.

“හරි වෙන ටොපික් වලින් මං අහපු ප්‍රශ්නෙ මගාරින්න එපා. ඇත්ත කියන්නකො ඇයි එදා මට ජරා මිනිහා කිව්වෙ?”

“මට කෙනෙක් ඔයා ගැන දෙයක් කිව්වා. ඒකයි මම එහෙම ඇහුවෙ”

“මොකද්ද කිව්වේ?”

“ම්ම්ම්”

“මං කිව්වනෙ බයවෙන්න එපා. ඔයාට පුලුවන් මං ගැන ඕනම දෙයක් අහන්න. බය නැතුව අහන්නකො. ඔයා බයවෙන්න ඕන ප්‍රශ්නෙ අහන්න නෙවෙයි. උත්තරේ මොකද්ද කියන එක ගැන නේ. ඒනිසා ඉස්සෙල්ලා ප්‍රශ්නෙ අහන්නකො”

“ම්ම්ම්ම්, මං අහන්නම්, හැබැයි ඔයා මාත් එක්ක තරහ වෙන්න බෑ මං මේක ඇහුවට හොඳේ”

“හරී, ප්‍රොමිස්. අහන්නකො”

“මට කෙනෙක් කිව්වා, ඔයා පිරිමි ළමයින්ටත් කැමතියි කියලා. ඒක ඇත්තද?” කියා ශාර්වරී ඇසුවේ යටසින් ස්ටියරින් වීල් එක කරකවන ගමන් ඉන්න නෙවින් දිහා බලන ගමන් ය. නෙවින් ගේ කටින් දැන් “පිස්සුද අනේ එහෙම නෑ” කියා කියාවි කියා ශාර්වරී බලාපොරොත්තු උනත් නෙවින් උන්නේ තද කල්පනාවකය.

ශාර්වරී කටහඬ ආයෙ පන නැංවුයේ ඒ නිසාය.

“මං එහෙම අහපු එකට ඔයාට තරහා ගියානම් අයෑම් සොරි. මං ඇත්තටම ඒක ඇහුවෙ….”

“නෑ ඔයා එහෙම අහපු එක වැරදි නෑ. අනික ඒ කියපු කතාව බොරුවකුත් නෙවෙයි. ඒක ඇත්ත” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here